← Hymns විවිධ ගීතිකා

ජේසුගෙ සිරුරම

ජේසුගෙ සිරුරම, අපට ඛෙදන්නට
ජේසුගෙ රුධිරය, අපට පොවන්නට
සැරසෙනවා

එතුමන් සමඟින්, දිවි ගෙන යන්නට
සිතමින් පතමින්, පුදසුන වටකොට
රොක් වෙනවා

ළමා අපේ ඇති, වැරදි දුබල ගති
මැකී නැසී, ගොස් පිරිසුදු හදවත්
ඇති, වෙනවා

කිතු සමිදුන්ගේ, ආදර පහනක්
අප තුළ දැල්වී, දස අත පැතිරි
බැබලෙනවා