← Hymns මෙනෙහි කිරීමේ ගී

කරුණාබර අප පිය දෙවිඳේ

පුන ගැයුම:

කරුණාබර අප පිය දෙවිඳේ
මෙම දිවියෙන් පසු ඔබ දැක ගැන්මට
වර දෙනු මැන අප සුර සමිඳේ

සමිදුනී ඔබගේ වචනය ලෙසින්
ඔබ දාසයා දැන් සාමයෙන් හැරලනු මැනව

මක්නිසාද ඔබ සියල් ජනයන් ඉදිරියේ
සූදානම් කරන ලද ගැලවීම මම දැක ගතිමි

ඊශ්‍රායෙල් ජනතාවගේ මහිමය
ජාතීන්ගේ පැහැදීම පිණිස ආලෝකයද එයම වන්නේය

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් මහිමය වේවා