← Hymns දේව මෑණියන්ට ගී

කරුණාබර අතපා

කරුණාබර අතපා - යුද රකුසා නෙරපා
ලක්බිම බේරා දුන් මෑණියනේ - කරමුව ඔබ සිරිපා පිණිපා

ලංකා අප හිමිදූ මාතාවෙනි
මේ සිරි ලක් බිම ඔබ සෙවණේ
සැමදා සුවදා සේ සුරැකේවා
ලබමින් ඔබ නිරතුරු සරණේ

කරුණා සාගරියේ
ලංකා රාජිණියේ
ලක්දිව සපුරා නිති පැතිරෙවා
මහිමය ඔබගේ ආදරයේ

සා දුක රෝ දුක යුද බිය ඈ සැම
උවදුරු ලක් දෙරණින් පලවා
සාමය සමගිය සදහම සොම්නස
නිරතුරු අප අතරෙහි රඳවා

ලක්දරු කැල සැමදා
සෙවනෙහි සිරි සළුදා
සාදරයෙන් සුරකින සේ අයදිමු
බැති ගී තුති ගී නිබඳ පුදා

අම්මා කියමින් අමතා අපගේ
දුක සැප නිති ඔබ හට පවසා
අයදිමු අපගේ මුළු ලක් දෙරණට
ඔබගේ ආසිරි මල් වරුසා

මාලති මල් මාලා
ගෙල වටැ පලදාලා
සිරිපා අබිමුව හොබවමු සුවදැති
සපු මල් නා මල් ගවසාලා