← Hymns මෙනෙහි කිරීමේ ගී

ඔබයි අපට

ඔබයි අපට දිරියත් කෙම් බිමත් දෙවියනේ
ළඟින් ඉන්න උදව් කරුවො විපත් වතාවේ
දෙරණ සැසැලුනත් නෑ අප බියපත් වන්නේ //

පුන ගැයුම:

හමුදාවන්ගේ සමිඳෝ අප හා වන්නෝ
ජකෝබුන්ගෙ දෙවිදාණෝ බල කොටුව අපේ

කදුද පවා වැටී ගියත් මුහුදේ පත්ලේ
ගොරවා පෙන දා නැඟනත් දියකඳ මුහුදේ
කදුත් සසලවා නැගුනත් රළගෙඩි සයුරෙ//

එව්, විමසව් සමිදාණන් සිදුකළ දේවල්
පොළොව පිටේ එතුමන් කළ බිහිසුණු විකුමන්
යුද කෙළි එතුමෝ පොළොවෙන් මකා දමන්නෝ