ඔබට පුදමි
ඔබට පුදමි ලොවේ සියලු සාර ජීවිතේ
ගසේ ගෙඩිද වැලේ මල්ද ගොයම හා කෙතේ
විලෙන් විලට ගලා බසින ජීවනේ ජලේ
සියලු ඉසුරු රදා තිඛෙන ගැබේ ලෝ තලේ
පුන ගැයුම:
කසුන් අසුන් තනා සදුන් අදුන් අනා
සුගන්ද දුම් උනා වඳිම් සදාණනේ
මුහුදෙ මසුන් වනේ සතුන් අහසෙ තරු එළී
ගඟේ දොළේ කඩා හැලෙන පළිඟගු දිය ඇලී
කැලය සුවඳ කෙරෙන මල් ද අතු ද කොළ දළු
උදේ ඉරෙන් රතට හැරෙන දහර අහු මුූලූ