← Hymns මෙනෙහි කිරීමේ ගී

අහස වෙතට

පුන ගැයුම:

අහස වෙතට ඔසවන නෙත්
සැනසුම ලැබ පියවන තෙක්
ඉර සඳ තරු මැවු දෙවිඳේ
ඉන්නැ මා වෙතේ

හද ඔබ මගෙ එක්වන තෙක්
නොම පියවෙයි මා සතු නෙත්
තුරු වැල් කදු පෙළ අතරින්
එන්නැ මා වෙතේ

දුකෙහි සතුට සුව සෙනෙහස
සදා ගෙනේවා
සහනය දෙන සුව උල්පත ඔඛෙන් පිදේවා

පෙමක මහිම පිය සෙනෙහස සදා ගෙනේවා
අදත් හෙටත් සැමදා මා වෙතම රැඳේව