අනන්තයේ දේව වදනෙනී
අනන්තයේ දේව වදනෙනී
දෙවිදු සමග විසූ වදනෙනී
දෙවිදුන්ම වූ දේව වදනෙනී
අපේ හදට කතා කළ මැනේ //
මුලු ලොව වැව් දේව වදනෙනී
මනුබව ගත් දේව වදනෙනී
අප ගැලවු දේව වදනෙනී
අපේ හදට කතා කළ මැනේ //
අප හා විසූ දේව වදනෙනී
සැනසුම දෙන දේව වදනෙනී
අදුරෙහි බබලන වචනයෙනී
අපේ හදට කතා කළ මැනේ //
අනන්තයේ දේව වදනෙනී
අතීතයේ කි්‍රස්තු වදනෙනී
අද සුබ හසුනේ වචනයෙනී
අපේ හදට කතා කළ මැනේ//