සෝ අප ස්වාමිදූ වූ සුරතාවයින්ගේ බිසෝත්තම දේව මාතාවන්ගේ ප්‍රාර්ථනාව

සෝ අප ස්වාමිදූ වූ සුරතාවයින්ගේ බිසෝත්තම දේව මාතාවන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අපට දයා කළ මැනව)
  • ලෝකය ගලවාගත් පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • සුරතාවයින්ගේ රාජේශ්වරිනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • අතිදූතයින්ගේ රාජේශ්වරිනි

  • සමස්ත භාවයින්ගේ රාජේශ්වරිනි

  • අනුභාවතාවයින්ගේ රාජේශ්වරිනි

  • ප්‍රධාමිකයින්ගේ රාජේශ්වරිනි

  • ක්‍රියානාතයින්ගේ රාජේශ්වරිනි

  • පතිරාසනයින්ගේ රාජේශ්වරිනි

  • ඥානාධිකයින්ගේ රාජේශ්වරිනි

  • භක්ති ඡ්වාලකයින්ගේ රාජේශ්වරිනි

  • ස්වර්ගීය පරිවාර සමූහයාගේ රාජේශ්වරිනි

  • සූරතාවයින්ගේ රාජේශ්වරිව ජම්ම පාපයෙන් නිර්දෝෂව උපදින්ට වරම් ලද්දාවූ රාජේශ්වරිනි

  • දෙවියන්ගෙත් මනුෂ්‍යයින්ගෙත් මාතාවන් වූ සුරතාවයන්ගේ රාජේශ්වරිනි

  • ඔබගේ මහිම තේජස් හා ආශ්චර්යයන්ද නිතිපතා වර්ධනය වෙන්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • රෝගීන් ආරෝග්‍යකරන්නා වූ ද මළවුන් නැගුටුවන්නා වූ ද අති දුෂ්ට පව්කාරයින් ධර්ම මාර්ගයට හරවන්නා වූ ද සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • දෙවියන්ගෙන් සුරදූතයින්ගෙන් සකල ශුද්ධවන්තයින්ගෙන් අප්‍රමාණ ස්වශ්‍රී අද්භූතය වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • මේ පරදේශයේ වසන්නා වූ අපේ සියලු ඔනෑකම් වලෙහි අපේ සහයට වැඩ සිටින්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • ඔබ වෙතෙහි සැබෑවූ භක්ති විශ්වාසයින්ව කවදාවත් අත් නොහරින්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • අන්ධයින්ටත් ඇස් දෘෂ්ටි දෙන්නා වූ සහ වද විඳින්නන්ගේ වේදනා ලිහිල් කරන්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • මෙම උතුම් නාමයෙන් ඔබට අඬගසන්නන්ට ආදර ඇත්තා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • ඔබට යාච්ඤා කරන්නන්ට සකල වරප්‍රසාද බෙදා දෙන්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • ඔබගේ දේව කුමාරයාණන්ට කැපවීමට ආශා ඇත්තන්ගේ ගමන් මාර්ගයෙහි පැමිණෙන සකල බාධා දුරලන්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • ඔබගේ ශ්‍රී සළුධාතුව භයභක්තියෙන් පලදින අය අපාගතවෙන්ට නොහරින්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • නිමක් නැති ශුද්ධවන්තයින්ට ධර්මමාර්ගය පුහුණු කර දෙන්නා වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • අනාදි දෙවිපියාණන් වහන්සේ විසින් තමන් ඉතා ප්‍රේමවන්ත දියණිය මෙන් වැලඳගෙන සිටින්නා වූ ඔබ

  • දිව්‍ය කුමාර වූ ස්වාමිදරුවන් වහන්සේ තමන් අති නිර්මල මෑණියන් මෙන් ගෞරවය කරන්නා වූ ඔබ

  • ස්ප්‍රීතු සාන්තු දෙවියන් වහන්සේ තමන් සෙනේහාධික පක්ෂපාත කාන්තාව මෙන් ප්‍රේමකරන්නා වූ ඔබ

  • සුරලෝක යුද්ධහමුදාව පරිපාලනය කරන්නා වූ ඔබ

  • අපේ ජීවිතය වූ ඔබ

  • අපේ ආනන්ද සන්තෝෂය වූ ඔබ

  • අපේ බලාපොරොත්තුව වූ ඔබ

  • ස්වාමිදරුවන් අභිමුඛයෙහි අපේ මධ්‍යස්තිවූ ඔබ

  • ඔබ කෙරෙහි විශ්වාස කර සරණ සොයන්නන්ගේ හඬ ශබ්දය නිරර්ථකවෙන්ට ඉඩ නොහරින්නා වූ ඔබ

  • දෙවියන්ට පසු ඔබට අප මහත් ණයකාරයන් වීමට හේතු ලද්දා වූ ඔබ

  • අනේක ආශ්චර්යමත් අද්භූතවල් සිද්ධකරන්නා වූ ඔබ

  • සුරතාවයින්ගේ ආචාර නමස්කාර ලබන්නා වූ ඔබ‍

  • ඔබගේ දේව කුමාරයාණන්ගේ අති සුවිශුද්ධ වූ ශ්‍රී හෘදය ඉදිරියෙහි අප්‍රමාණ බලසම්පන්න වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • සියලු අන්තරායවලින් අප ගලවා වදාරනවා සොදේ

  • දෙවිකයේ පූර්ණ වන්දනාවාදිවූ, සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • ස්ප්‍රීන්තු සාන්තු ප්‍රසාදයේ උතුම් වැඩය වූ සුරතාවයින්ගේ රාජේශ්වරිනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ජේසුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව

  • ජේසුනි අපේ ප්‍රාර්ථනා කරුණාවෙන් අසා වදාළ මැනව

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්න වෙන ලෙස
  • උත්තරය - කන්‍යා ශුද්ධ වූ දේවමාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අනන්ත කරුණා සාගරයවූ දෙවි පියාණනි අප ස්වාමිදුවූ සුරදූතයින්ගේ උත්කෘෂ්ට බිසෝත්තමාවන්ට පරලෝකයෙහිත් භූලෝකයෙහිත් සියලු බලය දෙවා වදාරන්ට කරුණා අභිප්‍රාය වූ සේක් වේද? අපත් අපේ මහත් අසරණකම නමැති සමුද්‍රෙයහි ගිලීඉඳ උන්වහන්සේ මෙම තේජස්වන්තවූ නාමයෙන් උන්වහන්සේගේ සරණ ඉල්ලනකල උන්වහන්සේගේ බලසම්පන්න වූ ආරක්ෂාව අපට ලැබෙන සැටියට ඔබගේ අනන්ත දයාබරකමින් අපට වරම් දෙවා වදාරනවා සොදේ මෙකීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන් උදෙසාම ලැබේවා - ආමෙන්