සියලු සාන්තුවරයින්ගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ මිඛායෙල් අග්‍රදුත තුමෙනි
- ශුද්ධවූ රපායෙල් අග්‍රදුත තුමෙනි
- ශුද්ධ වූ සියලු සුරදූතයන් හා අග්‍රදූතවරුනි
- ශුද්ධ වූ සුරදූතයන්ගේ සියලු පංති වලෙනි
- ශුද්ධ වූ ස්නාවක ජුවාම් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ජුසේ මුනින්ද්‍රෙයනි
- ශුද්ධ වූ සියලු ආදි පිතෘවරුන් හා දිවස් ප්‍රසාදි වරුනි
- ශුද්ධවූ පේදුරු අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ පාවුලු අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ අන්ද්‍රෙ අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ ජාකොබ් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ ජුවාම් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ තෝමස් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ පිලිප් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ බර්තලොමෙවුස් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ මතේවුස් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ සිමොන් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ තද්දේවුස් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ මතියස් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ බර්ණබාස් අපොස්තුලු තුමෙනි
- ශුද්ධ වූ සුවිශේෂක ලුකස් තුමෙනි
- ශුද්ධ වූ සුවිශේෂක මාර්කු තුමෙනි
- ශුද්ධ වූ සියලු අපෝස්තුලුවරයන් හා සුවිශේෂකවරුනි
- ශුද්ධ වූ දරුවන්ගේ ශුද්ධ වූ ශිෂ්‍යවරුනි
- ශුද්ධ වූ සියලු නිරපරාධ බොළඳුනි
- ශුද්ධ වූ ස්තේවන් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ලෞරෙන්ති මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ විසෙන්ති මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ පබායම් හා සෙබස්තියන් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ජුවාම් හා පාවුලු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ කොස්මන් හා දමියානු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ජෙර්වාසියුස් හා පොර්තාසියුස් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ සියලු ප්‍රාණපරිත්‍යාග වරුනි
- ශුද්ධ වූ සිල්වෙස්ත්‍රි මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ග්‍රිගෝරිස් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ අම්බ්‍රෝසියුස් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ අගුස්තීනු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ මර්තිනු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ නිකුලා මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ සියලු රාජගුරු ප්‍රසාදින් හා වන්දනාවාදි වරුනි
- ශුද්ධ වූ සියලු ධර්මාචාර්යවරුනි
- ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ බෙනදික්තු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ බෙර්ණාන්දු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ දොමිනික් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ප්‍රැන්සිස් මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ සියලු පූජාප්‍රසාදින් හා තේවාචාර්ය වරුනි
- ශුද්ධ වූ සියලු තාපසයන් හා ආරණ්‍යවාසි වරුනි
- ශුද්ධ වූ මරිය මග්දලේනා මුනිශ්වරියනි
- ශුද්ධ වූ ආගතා මුනිශ්වරියනි
- ශුද්ධ වූ ලුසියා මුනිශ්වරියනි
- ශුද්ධ වූ ඉග්නේසියා මුනිශ්වරියනි
- ශුද්ධ වූ සිසිලියා මුනිශ්වරියනි
- ශුද්ධ වූ කතරිනා මුනිශ්වරියනි
- ශුද්ධ වූ අනස්තාසියා මුනිශ්වරියනි
- ශුද්ධ වූ කන්‍යාවන් හා විධවියනි
- දෙවියන්ගේ සියලු ශුද්ධවන්තයන් හා ශුද්ධවන්තියනි
- (අප උදෙසා මධ්‍යස්ථ වුව මැනව)
- ප්‍රසන්නව - අප රක්ෂා කළ මැනව ස්වාමි
- (අප ගලවා ගත මැනව ස්වාමි)
- ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා දයාවෙන් අසා වදාළ මැනව ස්වාමි
- සියලු නපුරෙන්
- සියලු පාපයෙන්
- ඔබගේ උදහසයෙන්
- ක්ෂණික හා සූදානම් රහිත මරණයෙන්
- යක්ෂයාගේ මළපත් වලින්
- කෝප වෛරයෙන් හා සියලු අක්‍රම වූ මරණ සමාධියෙන්
- මෝහ රතියෙන්
- අකුණින් හා චන්ඩ මාරුතයෙන්
- භූමිකම්පාව නමැති දණ්ඩනයෙන්
- වසංගත දුර්භික්ෂයෙන් හා සංග්‍රාමයෙන්
- නිත්‍ය මරණයෙන්
- ඔබගේ ශුද්ධ වු මාංශගතවීමේ අභිරහස බලා
- ඔබගේ ආගතය බලා
- ඔබගේ උපත බලා
- ඔබගේ ප්‍රසාද ස්නාපනය හා ශුද්ධ නිරාහාරය බලා
- ඔබගේ කුරුසය හා දුක්ප්‍රාප්තිය බලා
- ඔබගේ මරණය හා තැන්පත් කරනු ලැබීම බලා
- ඔබගේ උත්ථානවීම බලා
- අපට ක්ෂමා කර වදාරණ පිණිස
- අප සත්‍ය පශ්චත්තාපයට පමුණුවා වදාරණ පිණිස
- ඔබගේ ශුද්ධ වූ සභාව පාලනය කොට ආරක්ෂා කර වදාරණ පිණිස
- අපගේ ශුද්ධෝත්තම පියාණන් සහ ශුද්ධ වූ සභාවේ සියලු නිලධාරීන් ආගම ධර්මයෙහි රක්ෂා කර වදාරණ පිණිස
- ශුද්ධවූ සභාවෙහි සතුරන් යටත් කර වදාරණ පිණිස
- ක්‍රිස්තියානි රජවරුන්ට හා රාජකුමාරයන්ට සමාදානයත්, සැබෑවූ සමගියත් දෙවා වදාරණ පිණිස
- සියලු ක්‍රිස්තියානිජනයන්ට සමාදානය හා එක්සත් කම දෙවා වදාරණ පිණිස
- ඔබගේ ශුද්ධ වූ මෙහෙයෙහි අපි ස්ථිරකොට ආරක්ෂා කර වදාරණ පිණිස
- අපේ සිත් ස්වර්ගික ආශාවෙහි යොමුකර වදාරණ පිණිස
- අපේ සියලු උදව් කාරයන්ට සදාකාලික යහපත දෙවා වදාරණ පිණිස
- අපේ ද, අපේ සහෝදර, නෑදෑ, උදව් කාරාදින්ගේ ද ආත්ම නිත්‍ය දණ්ඩනයෙන් ගළවා වදාරන පිණිස
- භූමියට ඵලදී රක්ෂා කොට වදාරණ පිණිස
- නැසී ගිය සකල විශ්වාසකයන්ට නිත්‍ය සන්තර්පනය දෙවා වදාරන පිණිස
- දයාවෙන් අපේ යාච්ඤා අසා වදාරණ පිණිස
- දෙවියන්ගේ කුමාරයාණෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තුනි, අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි, අපේ ප්‍රාර්ථනා දයාවෙන් අසා වදාළ මැනව
- ස්වාමිනි අපට කරුණා කර වදාළ මැනව
- ක්‍රිස්තුනි අපට කරුණා කර වදාළ මැනව
- ස්වාමිනි අපට කරුණා කර වදාළ මැනව
- පදය - දුර්පරීක්ෂාවෙහි අප ඇතුළත් නොකළ මැනව
- උත්තරය - නපුරෙනුත් අප නිවාරණය කළ මැනව
- ස්වාමිනි, ඔබගේ නාමය උදෙසා අපට යහපත කළ සියල්ලන්ට අනන්ත ජීවිතය නමැති විපාකය කරුණාවෙන් දෙවා වදාළ මැනව.
- ස්වාමිනි, ඔවුන්ට නිත්‍ය සන්තර්පනය දුන මැනව. නිත්‍යාලෝකය ඔවුන් පිට බැබළෙව්ව මැනව. ඔවුහු සමාදානයෙහි සැතපෙත්වා.
- මාගේ දෙවියනි ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙන්නා වූ ඔබගේ දාසයන් ගැලෙව්ව මැනව.
- ඔබගේ ශුද්ධස්ථානයේ සිට ඔවුන්ට ආධාර යැව්ව මැනව. සියොත්හි වැඩ සිට ඔවුන්ට ආරක්ෂා කළ මැනව.
- ස්වාමිනි, මාගේ යාච්ඤා අසා වදාළ මැනව
- මාගේ හඬ ශබ්දය ඔබ වෙතට පැමිණේවා
- ඔබගේ ආශ්චර්යවත් වූ ස්වර්ගාරෝහණවීම බලා
- සැනසිලිදායක ස්ප්‍රීතු සාන්තු තුමන්ගේ ආගතය බලා
- නඩු තීන්දු දිනේදි
- පවුකාරවූ අප
- අප රක්ෂා කර වදාරණ පිණිස
යාච්ඤා කරම්භ දෙවියනි, කරුණාව පෙන්වීම සහ ක්ෂමාව දීමත් ඔබගේ ගුණාංගයත් වන්නේ වේද? එබැවින් අපේ අවනත යාච්ඤාව පිළිගෙන පාපය නමැති යදමින් බැඳි සිටින අපට සහ ඔබගේ සියලු දාසයන්ටත් ඔබගේ යහපත් දයානුකම්පාව කරණකොට ගෙන කරුණාකර මිදීම සලස්වා වදාළ මැනව. ස්වාමිනි, ඔබගේ දයාබර කමින් පාප ක්ෂමාව සහ සමාදානයත්, ඔබ වහන්සේ අපට දෙවා වදාරණ පිණිස තමුන්ගේ පාප ඔබ වහන්සේට උච්චාරණය කරන්නාවූ ඔබගේ අයදුම් කරුවන් වන අපගේ යාච්ඤා දයාවෙන් ශ්‍රවණය කර, ඔවුන්ගේ පාප වලට ක්ෂමාව ලෙස අපි ඔබගෙන් උදක්ම ඉල්ලා සිටිමු. ස්වාමිනි, අපේ සියලු පාප වලින් අප නිදහස් කර ඒවා සඳහා අපට ලැබිය යුතු දණ්ඩනයෙන් අප ගලවන පිණිස ඔබගේ අනන්ත ආදරණීය කරුණාවන්තකම අපට පෙන්වා වදාළ මැනව. පාපයට අප්‍රසන්න වූ ද, පශ්චාත්තාපයට ප්‍රසන්න වූ ද දෙවියනි ඔබට ආරාධනය කරන්නා වූ ඔබගේ ජනයන්ගේ යාච්ඤා දයාවෙන් පිළිගෙන අපේ පාපවල් නිසා අපට ලැබිය යුතු ඔබගේ උදහස නමැති පහරවල් අපෙන් ඉවත් කළ මැනව. සර්ව වල්ලභවූ සදාකාලික වූ දෙවියනි ඔබගේ දාසයා වූද අපගේ ශුද්ධෝත්තම පියාණන් වූද (නම කියනු) තුමා දෙස දයාවෙන් බලා, ඔබගේ ප්‍රසාදවල ආධාරයෙන්, ඔබගේ අභිප්‍රායානුකූල වූ දේවලට ආශාවී එතුමාගේ මුළු ශක්තියෙන් ඉෂ්ට කරන පිණිස ඔබගේ අනන්ත දයාවෙන් සදාකාල ගැළවීමේ මාර්ගයෙහි එතුමා ගෙන ගිය මැනව. දෙවියනි සියලු පිරිසිදු ආශාවලුත් හරි අවවාද වලුත් ඔබ වහන්සේගෙන් නික්මෙන්නේ වේද? එබැවින් අප හෘදයන් ඔබගේ යාච්ඤා වලට අභ්‍යාස වී සතුරු භයින් ගැලවී අපේ කාලය ඔබගේ ආරක්ෂාවෙන් නිස්කලංකව තිබෙන පිණිස, ලෝකයාට දෙන්ට බැරි සමාදානය ඔබ වහන්සේ ඔබගේ දාසයන්ට දෙවා වදාළ මැනව. ස්වාමිනි, පවිත්‍ර වූ ශරීරයෙන් ඔබට මෙහෙ කරන්ටත්, පිරිසිදු හෘදයෙන් ඔබ සතුටු කරන්ටත්, අපට හැකිවන පිණිස අප හෘදයන් සහ කල්පනා ඔබගේ ආත්මයාණන් වහන්සේගේ ප්‍රේමය අග්නිජ්වාලයෙන් දැල්වුව මැනව. සකල විශ්වාසයන්ගේ මැවුම්කාරයාණන්ද, ගැළවුම්කාරයාණන්ද වූ දෙවියනි භක්තිවන්තයන්ගේ යාච්ඤා පිහිටෙන් නමුත් නිතර ආශාවී සිටියා වූ ක්ෂමාව ලබා ගන්නා පිණිස මෙලොවින් චුතව ගිය ඔබගේ දාසයන්ගේ ආත්මවලට ඔවුන්ගේ සියලු පාප නිවාරණයට දෙවා වදාළ මැනව. ස්වාමිනි, අපේ සියලු යාච්ඤා හා වැඩපල ඔබගෙන්ම පටන් ගෙන, ඔබ විසින්ම සැපසේ නිම කරනු ලබන පිණිස ඔබගේ ශුද්ධ වූ වරම් වලින් අපේ සියලු ක්‍රියාවන්ට පෙරටුව පැමිණ ඊට සහය වී ඒවා සඵලවත් කළ මැනව. සර්වපරාක්‍රම වූද, අනාදි අනන්ත වූද, ජීවතුන් හා මළවුන් කෙරෙහි අධිපති වූද, සියල්ලන්ට දයා වෙන්නා වූද විශ්වාසයෙන් හා ක්‍රියා වලින් ඔබ සන්තක වන්නවුන් පෙර සිට දන්නා වූද දෙවියනි. අපි මේ අයවලුන් උදෙසා අපේ යාච්ඤා ඔබට ඔප්පු කරමු. ඔවුහු තවම මෙලොව ජීවත්ව සිටිතත්, ශරීරයෙන් මිදී පරලොව ප්‍රාප්තව සිටිතත් ඔබගේ කරුණා ප්‍රසාදයෙන් හා සකල ශුද්ධවන්තයන්ගේ මධ්‍යස්ථකම කරණකොට ගෙනද ඔවුන්ගේ සියලු පාප වලට ක්ෂමාවී වදාළ මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා ආමෙන්.