සින්දාත්‍රි දේව මෑණියන්ගේ ප්‍රාර්ථනාව
සින්දාත්‍රි දේව මෑණියන්ගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- සාන්ත වූ මරියනි
- ජීවතුන්ගේ අලංකාර ස්වාමිදුවන සින්දාත්‍රි මාතාවෙනි
- නසින්නන්ගේ පව් නිසා යාච්ඤා කරන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ඔබව අදහන්නවුන්ට ඥාන ජිවිත උල්පත වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ජය ගැනීමට ශුද්ධවූ ධජයක් වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- අපේ ඥාන ජිවිතයට හේතුවක් වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ඥානයේ ලාංඡනය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- පරලෝක වාසලය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- යාච්ඤා ධ්‍යානයේ ශුද්ධ වූ මන්දිරය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ආරක්ෂාවෙහි දාගැබක් වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ඔබව අදහන්නවුන්ට සරණය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ජේරුසලමෙහි මහිම කිරීඨය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- උදය තාරකාවක් වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- චන්ද්‍රයා මෙන් පූර්ණ අලංකාරය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- සූර්යයා මෙන් ප්‍රකාශ වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- සර්වේශ්වරයාණන්ගේ මහිම කිරීඨය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- සියලු නපුරෙන් අපට මුදන්ට යාච්ඤා කරන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- නොදැවෙන කටුගස වන්නාවූ සින්දාත්‍රි මාතාවෙනි
- සලමොන් රජුගේ ප්‍රවේසාමාසනය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- රත්රන් මෙන් බබළන ගෝපුරය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- සාගිනිවුවන්ගේ ආහාර දායක වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- සත්‍යාගම අඩංගු දාගැබක් වන්නා වූ කන්නිමාතාවන් වන සින්දාත්‍රි මාතාවෙනි
- මුවාකරනු ලැබු අභ්‍යන්තරය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- දුර්භික්ෂ සංග්‍රාම ව්‍යාධිවලෙහි සහය වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ජීවනය ගලා එන ළිඳක් වූ සින්දාත්‍රි මාතාවෙනි
- දරිද්‍රයන්ට ඉතා කරුණාභරිත වූ සින්දාත්‍රි මාතාවෙනි
- නොයෙක් ද්වීපවල සිට නැව් නැගී දේශාන්තරව සිටින්නවූවන් අතින් ඔසවා ගළවාගන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- දිළිඳුන්ට දයානුකම්පාභරිත මෑණියන් වූ සින්දාත්‍රි මාතාවෙනි
- ශුද්ධිකගිනිස්ථානයේ සිටින ආත්මයින්ට සැනසීම වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- මහිම ප්‍රතාපව සිටින්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- දෙවියන්ගේ පූජ්‍ය දේව මන්දිරයක් වන්නා වූ සින්දාත්‍රි මාතාවෙනි
- ජාකොබ් පිතුරු දර්ශනය කළ ඉනිමගවූ සින්දාත්‍රි මාතාවෙනි
- නිර්දෝශ ඥාන දර්පනය වූ සින්දාත්‍රි මාතාවෙනි
- මෝසෙස් මුනිදුන්ගේ සැරයටිය වැනිවූ සින්දාත්‍රි මාතාවෙනි
- සූර්යයාගෙන් වසන ලද අති උත්තම ස්ත්‍රිවන සින්දාත්‍රි මාතාවෙනි
- දෙවික ඥානරැස් විහිදුවන සින්දාත්‍රි මාතාවෙනි
- නිර්දෝශ ගෝපුරය වන සින්දාත්‍රි මාතාවෙනි
- යාච්ඤා කරන්නවුන්ගේ සුරක්ෂණ මෑණියන් වූ සින්දාත්‍රි මාතාවෙනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප්‍ර - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන පිණිස
- උ - සින්දාත්‍රි දේව මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ නිත්‍ය පියාණන් වන සර්වේශ්වරවූ දෙවියනි, මොක් කිරුළ ලැබූ පිරිසිදු කන්‍යාමරියවහන්සේට යාච්ඤා කරන අපි ඒ උත්තම ස්වාමිදුන්ගේ යාච්ඤාවෙන් මේ පරදේශ යාත්‍රාවේදී සම්භවෙන සියලු අන්තරායවලින් ආරක්ෂා කරනු ලබනවත් ඇර අපේ සත්‍ය ධර්මයෙහි නොවැරදිව ගමන් කර ශුභ මරණයත් නිත්‍ය මෝක්ෂ ආනන්ද භාග්‍යයත් ලබන පිණිස වරම් දෙනවා සොඳේ. මෙකී දේ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී වත මඬලය බලා අපට ලබා දුන මැනව - ආමෙන්