සාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
සාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ගෝවාපුර බෙනොලින් නම් ග්‍රාමයේ උපන්නාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ක්‍රිස්ටෝපර් වාස් සහ මරියා මිරැන්ඩා යන දැහැමි දෙමාපියන්ගේ සිල්වන්ත ජීවිතයකට පුරුදු පුහුණු
- වුනාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ළමා වියේ සිටම ‘පුංචි සාන්තුවරයා‘ යන ආදර නාමයෙන් හඳුන්වනු ලැබුවාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- සිරිලක් කිතු සසුන් නිවි යා නොදී රැකගනුවස් දේව අභිමතයෙන් පූජකවරයට කැඳවනු ලද්දාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- කැනරා ප්‍රදේශය මුළුල්ලේ දහම් සුවඳ පැතිරෙව්වා වූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ශ්‍රී ලංකාවේ කතෝලිකයන් ආගම් පීඩනයෙන් අසරණව සිටිනු අසා මහත් කම්පාවට පත්වුනාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ගෝව පුරයට පැමිණ ඔරතෝරියානු නිකාය නැවත පණගන්වා එහි උත්තරීතර නායකත්වයෙන් පුදනු ලැබීමට වරම් ලද්දාවූ
- ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- අන් කිසි පූජකවරයෙක් ලංකා සසුනේ සහයට ඉදිරිපත් නොවූවත් ඒ කාර්යයේ යෙදෙන්නට ස්ථිර වශයෙන් ඉටා ගත්තාවූ
- ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- වහලෙකු සේ දිවිහිමියෙන් ධර්මදූත සේවයේ යෙදෙමින් නිර්මල දේව මාතාවන් ඉදිරියේ තමන්ව තමා විසින් විකුණා ගත්තාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- වෙළඳ කුලි කරුවකු ලෙස වෙස් වළාගෙන නැව් නැග පීඩනයට පත් කතෝලිකයන් සොයා මන්නාරම් වෙරළට සේන්දු වුනාවූ
- ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ඕලන්ද ආණ්ඩුකාරයාගේ තාඩන පීඩන නොතකා සිල්ලාලේ ග්‍රාමය කේන්ද්‍ර කොට ගෙන දහම් සුවඳ පැතිරවීම ආරම්භ කළාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ඔත්තුකාරයෙකු කියා දෙවන විමලධර්මසූරිය රජතුමාගේ නියෝගයෙන් වෑඋඩ ග්‍රාමයේදී සිරභාරයට ගනු ලද්දාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- කන්ද උඩරට පුරා ඇතිවූ මහා නියඟයේදී රජුගේ ඉල්ලීම අසා දැඩි විශ්වාසයෙන් යුතුව යාච්ඤා බලයෙන් වැසි වස්වා
- ප්‍රාතිහාර්යය පෑවාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ඝන වනාන්තර මැදින් ගිය පා ගමනේදී ඉදිරියට හමුවූ විෂ ඝෝර සර්පයින් හා නපුරු වන සතුන් කුරුසිය බලයෙන් පලා යන්නට සැලැස්වුවාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ගල්ගමුව, වහකෝට්ටේ ආදි පෙදෙස් කරා පලා ගිය කතෝලිකයන් සොයා ගොස් ඔවුන්ගේ දේව විශ්වාසය තහවුරු කළාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- නිරන්තරයෙන් ජපමාලය උච්චාරණය කිරීමෙන් දේව මාතාවන් කෙරෙහි ඉමහත් භක්ති ආදරයෙන් යුක්තව අපට ආදර්ශයක් පෑවාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- සියල්ලන්ගේ දුක් වේදනා හා සිත්තැවුල් වලට දයාබරිත පියෙකු මෙන් සවන් දෙමින් ඔවුන් සැනසුවාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- දේව ප්‍රේමය අත්දැකීමෙන් තම නිහතමානි ජීවිත ආදර්ශයෙන්ම ක්‍රිස්තුතුමන් වෙතට සියල්ලන් එක්රැස්කර ගත්තාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- දරුඵල නොමැති දුකෙන් සිත් තැවුල් වලට පත් අඹු සැමියන් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මධ්‍යස්ථ වී ඔවුන්ට පිහිට ලබා දෙන්නාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- මහනුවර මධ්‍යස්ථානය කොට ගෙන රට පුරා නැවත නැවතත් පයින් ඇවිද ජනතාවට විශාල සේවාවක් කළාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- අපෝස්තලික සේවයේ යෙදි සිටින ගිහි ජනතාවට ආදර්ශයක් දෙමින් එදා ගිහි මූලිකත්වයෙන් සාන්ත සභාව පෝෂණය කළාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- දුෂ්කර ගමන් වල යෙදෙන කවරෙකු වුවද ඔබගේ ආරක්ෂාව ඉල්ලූ කල්හි ගමනාන්තය දක්වා සියලු උපද්‍රවයෙන් ඔවුන් රැකබලාගන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ජීවත්ව සිටියදී නොකළ කිසිවක් මරණ මොහොතේදී කළ නොහැකි බව අනුගාමිකයන්ට තම මරණ මංචකයේදී ප්‍රකාශ කළාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ගෝව පුරයේ උපත ලබා ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයා ලෙස නම් කිරීමට තරම් වාසනාව ලද්දාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- සහෝදර ප්‍රේමයෙන්ද, දේව දයාවෙන්ද කල්ගෙවා දේව සම්මුඛයේ වැඩ වසමින් අප සියල්ලන්ට මෝක්ෂ උරුමය ලබා ගන්නට මැදිහත් වන්නාවූ ශුද්ධවූ ජුසේ වාස් මුනින්ද්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස
- උත්තරය - භාග්‍යවන්ත ජුසේ වාස් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භh අති කරුණාබරිත දෙව්පියාණනි, ශුද්ධවූ ජුසේ වාස් මුනිතුමන් අප ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයාණන් ලෙස අපට දානය කළ ඔබවහන්සේට ස්තූති ප්‍රශංසා කරම්. අප මුතුන් මිත්තන්ගේ විශ්වාසයට මහත් පීඩාවූ සමයේදී ඔවුන් රැකදී දිරිගැනුවූ එතුමන්ගේ මධ්‍යස්ථකම හේතුකොට ගෙන දැනුදු අප විශ්වාසයට තර්ජනයක් වන සියලුම අන්තරාය වලින් අප ආරක්ෂා කරදුන මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන්