සන්තියාගු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
සන්තියාගු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- සෙබදිගේ පුත්‍රවන සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- මරිය සලෝමිගෙන් ජනිත වුනාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- කිසි ආශ්චර්යකුත් නොදැක ජේසු තුමන් අනුචාර කළාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ප්‍රථම අඬ ගැසීමට කීකරුව ජේසු තුමන් පසුගිය සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමන්ගේ අනුචාර උදෙසා සියලු දේ අත්හැරිය සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමන්ගේ ආදරය උදෙසා මව්පියන් අත්හැරිය සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමන්ගේ සංග්‍රාම උදෙසා ආකාසයෙන් ගිනි හෙලන්ට සිත් කළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජයරස්ගේ දුවනියන්ගේ උත්ථානයට සාක්ෂිවන තුන්දෙනාගෙන් එක්කෙනෙක් වූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තුතුමන්ගේ රූපවිලාසයට සාක්ෂිවන තුන්දෙනාගෙන් එක් කෙනෙක් වූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජෙත්සෙමෙනියේ ධ්‍යාන ගාවිනාවලට සාක්ෂිවන තුන්දෙනාගෙන් එක් කෙනෙක් වූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ස්පාඤ්ඤ රාජ්‍යයෙහි ක්‍රිස්තු තුමන් ගැන දේශනා කර නවදෙනෙක් ගෝලයින් ඇදහිල්ලට පත් කළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජුදය, සමාරිය රටවල දේශනාකරමින් ගණන් නැති ළමයින් ක්‍රිස්තු තුමන්වෙත ළඟා කළාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජුදයින් සමග තර්කකොට ඉස්ක්‍රිබස් පරිසේවුස් යන අයවලුන් කෝලකළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- පිලාන්තු සමග තර්කකොට දිනූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- විජ්ජාකාර වූ එමිමොර්ජිනි එවූ යක්ෂයින්ට වදකළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- එම යක්ෂයින් ලවා විජ්ජාකාරයා බැන්දෙව් සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- බැඳුම් කෑ විජ්ජාකාරයා මුදා ක්‍රිස්තු ඇදහිලි කෙරෙහි වූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- විජ්ජාමායම් ලියූ පොත් කීපයක් මුහුදේ විසිකෙරෙවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- තිමිරවායු කාරයෙකු ගුණකර දේවනාමයට ස්තූති කෙරෙවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- දුෂ්ට මාරසේවයාට සමාදාන සැතපීම දෙවා වාදයේ සඟාතියෙක් කළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමා උදෙසා ප්‍රිතියෙන් කඩුවට ඉස්පාත්කළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමන්ගේ මරණයට සමාන මරණයක් ලත් වාසනා ලද්දාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමන්ගේ සනාතයෙන් ස්නාන වීමට ප්‍රාප්ත වුනාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- සකල අපෝස්තුළුවරුන්ගෙන් ප්‍රථම වේද සාක්ෂිවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- මරණප්‍රාප්ත වූ ඉක්බිති රුවල් තැතුව සුළු නැවකින් ස්පාඤ්ඤයට පැමිණුනාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ශ්‍රී ශරීරය ස්පර්ශයෙන් කලු සිලාලය මෘදුකර භූමදාන ආයිත්තම් කළාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- මහරෞද්‍ර ගවයින්ට සාන්තදාන්ත එළුවන්ගේ කීකරුකමිදී ශ්‍රී ශරීරය රථයකින් ගෙනියන්ට සැලසුවාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- එල්ලුම්ගසෙහි වද කළ නිරපරාධයෙකු තිස්දිනක් පණපිටින් රක්ෂාකළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- කීපවරක් ස්පාඤ්ඤරාජ්‍යය සතුරන්ගෙන් රැක ගැලෙවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- සමීරු රජයේ අවදියේදී ධවල අශ්වයා පිටින් යුද්ධ කොට හැට දහසක් සතුරන් වැනසූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- දෙවි ස්වාමිදරුවන්ට පෙන්නු මහත් කීකරුකමින් අති උත්කෘෂ්ට සිංහාසනය ලද්දා වූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- දේව ආදරය උදෙසා පැවැත්තු මහත් දිළිඳුකමින් මොක්පුර ලබා ගත්තාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- මුළු නරකාදිය සමග යුද්ධකොට සකල අන්ධකාර බලප්‍රාවල් නිර්මූලනය කළ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ලෝක මහිමතාවල් නිසරුකර ලෝකයා සමග සරඹකොට ජය ලබා ගත්තාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- සියලු ධර්ම රැකීමෙන් මාංසය සමග සටන් කර ජයවිරිදුගෙන් මොක් සැපත අත් කර ගත්තාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- දේව නාමය උදෙසා යුද්ධ කරන අය වෙත අධික පිහිටවෙන්නාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- පරදේශීන්ට අධික පිහිටාධාරවන සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- රෝගින්ව විගස ආරෝග්‍යකරවන සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- දාසයින්ට නිදහස වන සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- සියලු උපද්‍රවලට සැනසීම වන්නාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ලෝකය මුළුල්ලෙහි මහත් භක්තියෙන් ස්තූතිකරන ලද්දාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- සියලු ක්‍රිස්තියානින් විසින් ස්ථිර විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරන ලද සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- සමස්තයින්ගෙන් අති උතුම් ස්තූතිවලින් ප්‍රශංසා කරන ලද්දාවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- කවිය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුලද්දන් වෙන ලෙස
- ප්‍රති උත්තරය - ශුද්ධවූ සන්තියාගු අපෝස්තුළුතුමෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අනන්ත කරාණාබර සර්වේශ්වර වූ දෙවියනි / ඔබ වහන්සේ මුළු ලොවට උගන්වන්ට තෝරා ගත් / අපෝස්තුළු දොලොස්දෙනාගෙන් / තුන්දෙනෙක් / ඔබගේ ශ්‍රී කුමාරයාවන / අමෘතබරවූ ජේසු තුමන්ගේ / අධික ප්‍රේමයට වාසනා ලැබ / ඔවුන්ගෙන් භාග්‍යවන්ත සන්තියාගු අපෝස්තුළුතුමන් / එක්කෙනෙක් වෙන්ට / කරුණා අභිප්‍රා වුනාවේද / මෙම අපෝස්තුළුතුමන්ගේ හේතු ප්‍රසාද ගැන / මුළු භක්තියෙන් ස්තූති කරන අප සියල්ලන් / ඔබගේ කරුණා ක්‍රපදයාවට වාසනාකාරයන්වී / මෝක්ෂ හේතුව ලබන ලෙස / කරුණා කළ මැනවයි ඔබටම යාච්ඤා කරමු. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා - ආමෙන්