සදාසරණ මාතාවන්ට ප්‍රාර්ථනාව

සදාසරණ මාතාවන්ට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ හිඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය ගලවාගත් පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
  • ශුද්ධ වූ දේව මෑණියනි
  • කන්‍යාති කන්‍යාවෙනි
(ප්‍රේමවන්ත මාතාවෙනි මට පිහිටාධාර වුව මැනව)
  • ප්වලිත බලාපොරොත්තුවක් උපදවන උතුම් නාමයෙන් උපලක්ෂිත වූ සදා පිහිටාධාර අප මාතාවෙනි

  • දුර්පරීක්ෂාවලට මා අසුවී චංචල වන භයානක වේලෙහි එයින් ජයගනු පිණිස

  • යම් පාපයකට වැටීමේ විපතකට මා පත් වූ කල එයින් අප්‍රමාදව නිදහස්ව නැගිටින ලෙස

  • යක්ෂයාගේ වහල්කමේ මළපතට මා අසු වුනොත් එය සිඳ බිඳ හෙළන ලෙස

  • ලෝකයාගේද, අයහපත් මිත්‍රයන්ගේද, නරක පොත් පත්වල රැවටීමේ ධෛර්යය සිතින් මා දුරු කරන ලෙස

  • ප්‍රසාද නිධානයන් භක්තියෙන් විටින් විට මා ලබා ගන්නා ලෙසද, ක්‍රිස්තියානි ජීවිතය සම්බන්ධ කටයුතු සැලකීමෙන් මා ඉටු කරන ලෙසද

  • මාගේ කටයුතු ගැන නොසලකා ඇල්මැරුණු ජීවිතයක් මම ගතකරන්නෙම් නම් අප්‍රමාදව ප්වලිත වන ලෙස

  • මගේ ජීවිතයෙහි මට පැමිණෙන දුක් කණගාටුවලදී සහ දුර්පරීක්ෂා වලදී

  • මාගේ ස්වභාවික නපුරු ක්‍රියාවන් හා සමග මා කරන සටනෙහිද, ධර්මයෙහිද අන්තිමය දක්වා පවතින්ට මා කරන උත්සාහයෙහිද ඔබ වහන්සේට මා නිරන්තරයෙන් ගෞරවාදය කරන්ටත්, යාච්ඤා කරන්ටත් මාගේ අසල්වැසියන්ද, ඔබට ගෞරවාදර කරන්ටත්, යාච්ඤා කරන්ටත්, මා සලස්වන ලෙස

  • අහෝ මාගේ මෑණියනි, මගේ අන්තිම දවස දක්වාද මාගේ අන්තිම හුස්ම දක්වාද

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

 

යාච්ඤා කරම්භ සර්වබල සම්පන්න වූ දයා සාගර වූ දෙව් ස්වාමීනි, සමස්ත මනුෂ්‍යයන්ට පිහිටාධාර වනු සඳහා ආශිර්වාද ලත් කන්‍යමරිය වහන්සේ ඔබගේ කුමාරයාණන්ගේ මෑණියන් වීමට අභිප්‍රාය කළ සේක් වේද එතුමියගේ යාච්ඤාව හේතු කොට පාපය නැමැති වසංගතයෙන් අප වැලකී පිරිසිදු හෘදයෙන් ඔබට මෙහෙකරන්නට අපගේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ ශ්‍රී මුහුණ මණ්ඩලය බලා අපට වරම් දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලමු ආමෙන්