සකල සුරදූතයන්ගේ ප්‍රාර්ථනාව

සකල සුරදූතයන්ගේප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අපට දයා කළ මැනව)
  • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ මරියනි

  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • දෙවියන්ගේ සෙනගට නිත්‍ය රැකවල් වන ශුද්ධවූ මිකායෙල් අග්‍රදූතයනි

  • නායක යක්ෂයා හා ඔහුගේ දුෂ්ට පිරිවර සුරලොවින් දුරු කළ ශුද්ධවූ මිකායෙල් අග්‍රදූතයනි

  • අපේ සහෝදරයින්ගේ ගතුකාරයා නිරයේ හෙළු ශුද්ධවූ මිකායෙල් අග්‍රදූතයනි

  • දනියෙල් හට දේව දර්ශන රහස් පහදා දුන් ශුද්ධවූ ගාබ්‍රියෙල් අග්‍රදූතයනි

  • දේව පුත්‍රයාගේ මනුෂ්‍යයාවීමට ස්ථානාපතිව ආවාවූ ශුද්ධවූ ගාබ්‍රියෙල් අග්‍රදූතයනි

  • ස්නාවක ජුවාම්ගේ උපතය හා වැඩ මහිම සැල කළාවූ ශුද්ධවූ ගාබ්‍රියෙල් අග්‍රදූතයනි

  • තෝබියස් හට යන එන මග පෙන්වා නිදුකින් ගෙන්වාගත් ශුද්ධවූ රපයෙල් අග්‍රදූතයනි

  • සාරා යන ස්ත්‍රීගෙන් යක්ෂයා දුරු කළ ශුද්ධවූ රපයෙල් අග්‍රදූතයනි

  • වෘද්ධ තෝබියස්හට ඇස් එලිය පැහැදෙවු ශුද්ධවූ රපයෙල් අග්‍රදූතයනි

  • ශුද්ධවූ දේවදූතවරුනි

  • දෙවියන්ගේ අති උතුම් සිංහාසනයට ළංව සිටින්නාවූ සුරදූතවරුනි

  • සාන්තු සාන්තු යන වචනයෙන් නීති තුති ගී කියන්නාවූ සුරදූතවරුනි

  • අපේ සිතෙහි ඇඳිරි දුරලා එලියපාන්නාවූ සුරදූතවරුනි

  • මනුෂ්‍යාත්මයන්ට දේව විශේසවල් දන්වන්නාවූ සුරදූතවරුනි

  • මනුෂ්‍යයින් රැක බලා ගැනීම දෙවියන් විසින් නියම කළ සුරදූතවරුනි

  • සුරලොවදී පිතාවන දෙවියන්ගේ වත මණ්ඩල නිරතුරුම දකින්නාවූ සුරදූතවරුනි

  • සොදොම් නුවර පාපිෂ්ඨයන් ඇඳිරි වාසයෙන් පීඩිත කළාවූ සුරදූතවරුනි

  • පාපයෙන් හැරෙන පව්කාරයා වෙත සතුටු ආනන්ද පාන්නාවූ සුරදූතවරුනි

  • ලෝත් නම් සත්පුරුෂයාව පව්කාරයින් මැදින් ගලවා හැරියාවූ සුරදූතවරුනි

  • ජාකෝබු දුටු ඉනිමං පෙළෙන් නැගෙමින් බසමින් සිටියාවූ සුරදූතවරුනි

  • සිනායි කියන කන්දෙහි මොයිසෙස් හට දේවාගමේ පනත් ගෙනදුන්නාවූ සුරදූතවරිනි

  • ක්‍රිස්තු උපන් ආනන්දය පූජීත කළාවූ සුරදූතවරුනි

  • වනාන්තරයේදී ස්වාමිදරුවන්ට උපස්ථාන කළාවූ සුරදූතවරුනි

  • ලාසරු කියන අය ආබ්‍රහම් සිටින ස්ථානයට ගෙන හැරියාවූ සුරදූතවරුනි

  • ස්වාමිදරුවන්ගේ භුමදාන ස්ථානයෙහි ධවල වස්ත්‍රයෙන් යුක්තව උන්නාවූ සුරදූතවරුනි

  • ස්වාමිදරුවන් පරලොවට වැඩිය කල ගෝලයින්ට පෙනුණාවූ සුරදූතවරුනි

  • ස්වාමිදරුවන් නඩුවට වඩින කල කුරුසේ ගෙන ඉස්සරවුවාවූ සුරදූතවරුනි

  • ලෝක අනන්තයෙහි සත්පුරුෂයින් එක්කාසුකරන්නාවූ සුරදූතවරුනි

  • දුෂ්කෘතයන් මැදින් සුකෘතවන්තයින් වෙන් කොට තබන්නාවූ සුරදූතවරුනි

  • යාච්ඤා කරන අයගේ ප්‍රාර්ථනාවල් දෙවියන්ට ඔප්පු කරන්නාවූ සුරදූතවරුනි

  • මරණාසන්න අය ලඟ වාසය කරමින් ඔවුන්ට සහය වෙන්නාවූ සුරදූතවරුනි

  • ධර්මිෂ්ඨයන්ගේ ආත්මවල් සියලු දෝෂයෙන් නිර්දෝෂ කොට සුරලොවට ගෙනයන්නාවූ සුරදූතවරුනි

  • දේවානුභාවයෙන් ප්‍රාතිහාර්ය පාන්නාවූ සුරදූතවරුනි

  • මෝක්ෂ උරුමයට හිමිවන්නාවුන්ගේ සේවයට එවන ලද්දාවූ සුරදූතවරුනි

  • රට රාජ්‍යවලට අධිපතිව සිටින සුරදූතවරුනි

  • කීප වරක් සතුරු සේනාවල් පරාජය කළාවූ සුරදූතවරුනි

  • කීප වරක් දෙවියන්ගේ ගැතියන් සිර විලංගු ආදි අපහසුවලින් ගැලෙව්වා සුරදූතවරුනි

  • දෙවියන් නිසා දුක්වින්දා ප්‍රාණ පරිත්‍යාගියන්ට කීප වරක් සැනසුම් සැලැස්සුවාවූ සුරදූතවරුනි

  • ශුද්ධවූ සභාවෙන් ශ්‍රේෂ්ඨ ගුරු ආදි පිතෘ ප්‍රධානියන් විශේෂ බැල්මයෙන් රක්ෂාකරන්නාවූ සුරදූතවරුනි

  • භාග්‍යවන්ත සුරදූතයින්ගේ සියලු පංතිවලෙනි

  • සියලු අන්තරායවලින්

  • යක්ෂයාගේ මල පත්වලින්

  • වේද භේද විරෝධවලින්

  • යුද්ධ වසංගත හා දුර්භිෂයෙන්

  • ක්ෂණික හා සූදානම් රහිත මරණයෙන්

  • නිත්‍ය මරණයෙන්

  • පාපිවූ අප - ඔබට කරන යාච්ඤා අසා වදාළ මැනව ස්වාමි

  • ඔබගේ ශුද්ධවූ දූතවරුන් බලා

  • අපට පව් ක්ෂමාව ලැබෙන පිණිස

  • අපට අච්චුවෙන් ගැලවීම ලැබෙන පිණිස

  • ඔබ අපගේ අපෝස්තුලික ශ්‍රේෂ්ඨතුමන් හා සියලු ගුරු පංති ආරක්ෂාකරනු පිණිස

  • ඔබ රජවරුන් හා සියළු ක්‍රිස්තියානි රාජප්‍රධානින්ට සමාදානයත් එක්සිත්වීමත් සලස්වන පිණිස

  • ඔබ පොළොව සාරවත් කොට ආරක්ෂා කර සලස්වා දෙන පිණිස

  • මළාවූ ක්‍රිස්තියානින්ට නිත්‍ය සැතපීම දෙවා වදාරන පිණිස

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ස්වාමිනි අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව
  • උත්තරය - අපේ හඬ ශබ්දය ඔබ වෙත පැමිණේවා

 

යාච්ඤා කරම්භ දෙවියනි, ඔබ වහන්සේ සුරදූතයන් හා මනුෂ්‍යයන්ගේ මෙහෙය කෘත්‍යයන් ආශ්චර්යමත් ප්‍රකාර නියමකරන සේක් වේද එබැවින් පරලොවදී ඔබ මෙහෙකරනවුන් කරණකොට ගෙන මෙලොව අපගේ ජීවිතය ආරක්ෂා කළ මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්