ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 3 - ප්‍රාර්ථනාව
ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 3 - ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- භාග්‍යවන්ත පේදුරු අපෝස්තුළුතුමෙනි
- මරණකාලය ලංවූ බව දැන දෙවෙනි ලිපියෙන් සියලු විශ්වාසයින්ට ඉගැන්නුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- රෝම නුවරට හැරි විජ්ජාකාර සිමොන්ගේ යක්ෂ මායම් එලිදරව් කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මෝක්ෂ මණ්ඩලවලට නගින්ට තුනිච්වූ සීමෝන්ට ආකාසේ සිට භූමියට හෙලා ඔහුගේ සොරකම් අධික ප්‍රත්‍යාක්ෂ කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- විශ්වාසකයන්ගේ කරදර නිසා රෝමනුවරින් මගහරින කල ක්‍රිස්තු ස්වාමිදරුවන් දැක හැරුනාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- නවමසක් අති නෙස්ටුර සිරවදවල් ක්‍රිස්තු නිසා වින්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තුන්වහන්සේ නොදනිමියි කී පාපයට නහිනතුරු අඬා උන්නාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- කුකුලෙක් අඬලන කල ඇඬුම් ප්‍රලාපය වැඩි කර උන්නාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- කුරුසේ මරණයෙන් ක්‍රිස්තු තුමන් මුලුමනින්ම අනුචාර කරන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අති ගැඹුරු වූ බැහැපත්වීමෙන් පාඋඩුකොට ඇණ ගැනීමට ප්‍රාර්ථනා කර මෝක්ෂය බලා උකුත් වෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- කන්‍යමව්ගේ අධික දයාවට වාසනා ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- උන්වහන්සේගේ ශ්‍රී මරණයට සාක්ෂි දැරීමට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- උන්වහන්සේගේ ශ්‍රී දැරැගැවට පෙර මෝක්ෂ ලාංඡනය ගෙනයන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මෙම මාර්ගයෙදී දුෂ්ටයෙකු ගුණකර නොයෙක් අයවල් යහපතුන්කරන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- උන්වහන්සේගේ භුමදානයෙහි දේව දූතයන්ගේ ගීතිකා නාදය තුන්දිනක් අසන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- උන්වහන්සේගේ උත්ථානයට නඩුකාරයත් සාක්ෂි කාරයත් වීමට , ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සියලු අපෝස්තුළුවරුන්ගෙන් ප්‍රධාන අපෝස්තුළුව ක්‍රිස්තුතුමන්ට මෙහෙකළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සියලු ගෝලයින්ගෙන් අති විශ්වාස ගෝලයාකොට ක්‍රිස්තුතුමන්ගේ අධික දයාවට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සියලු විශ්වාසයින්ගෙන් අධික විශ්වාසවන්තයා කොට සියල්ලන්ට අධික උපකාර වෙන්නාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- වින්ද නින්දාවල් පමණට නම්බු විඳින්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- නොයෙක් සිරසාලාවලෙහි සිර කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- දන්වැල් කීපයකින් බැඳුම්කෑවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- වින්ද නින්දාවල් ආයුධ ආචාර ප්‍රාප්තකොට සියල්ලන් විසින් ගෞරව කිරීමට වාසනා ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- උකුත්වූ ස්ථානය මුළු ක්‍රිස්තියානි ලෝකාචාරයට ප්‍රාප්තවීමට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ඡායාව දක්වා සියලු ලකුණු ආචාර ප්‍රාප්ත කොට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මෙවැනි ලකුණුවලින් දහස් ගණන් අයවලුන්ට උපකාරවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ඔබගේ පිහිටෙන් නිමක් නැති අයවල් රක්ෂා කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ලෝක සියල්ලෙහි අධික ස්තුතිවන්නාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- පරලෝකයෙහි අපට අධික මධ්‍යස්ථවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප වාසනාකාරයින් වෙන ලෙස
- භාග්‍යවන්ත පේදුරු අපොස්තුළුතුමෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ ත්‍රිවිධ වේදාගමෙහි ඒකාකර වුනාවූ අමෘතබරවූ ජේසු ස්වාමිදරුවනි / ඔබ වහන්සේ ස්වභා වේදාගම / මනුෂ්‍ය ජම්ම හෘදයෙහි ලිව්වායින් ඉක්බිති / ඔබ වහන්සේට මුළු ලකුණ වූ මෝසෙස් විසින් ලිවූ ආගම පවත්වා / අප දැන් අදහන ප්‍රසාද වේදාගම / ඔබ වහන්සේ විසින්ම අපට පෙන්වා දෙන්ට අභිප්‍රාවූ නමුත් / භාග්‍යවන්ත පේදුරු අපෝස්තුළුතුමන් / මෙම ආගමට ආදි පිතුරු වෙන ලෙසත් / ඔබගේ සාධාරණ ස්ථානිවෙන ලෙසත් නියමකරන්ට / කරුණා අභිප්‍රා වුනාවේද / අප විසින් / මෙම අපෝස්තුළු තුමා අප නිසා වින්ද / අති අමාරු උත්සහවල් ආශ්චර්යකොට ලබා / අති උසස් වූ හේතු ප්‍රසාදවල් වන්දනාකරන ප්‍රකාර / ඔබ වහන්සේගේ අති කරුණාවූ සත්කාරවලට / හේතු ලද්දන් වෙන ලෙස / දයාබරකම් කළ මැනවයි ඔබටම යාච්ඤා කරමු - ආමෙන්