ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 2 - ප්‍රාර්ථනාව
ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 2 - ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- භාග්‍යවන්ත පේදුරු අපෝස්තුළුතුමෙනි
- ජෙරුසලෙම් නුවරෙහිත් මන්දිරයෙහිත් නැස්පැත්තිය දැන එහි කාලය විභාගකරන්නට සිත් තුනිංචි වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අන්තිම පාස්කු උත්සවය ජුවාම් සමග ක්‍රිස්තු තුමන්ට යෝජිතකරන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් කළ පාද දෝවනයට බැහැපත් වීමෙහි අධිකයෙන් බියගෙන සිත මග හැරියාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ සැරකිරීමට බියපත්ව උන්වහන්සේගේ දිව්‍ය අභිප්‍රාවට මුළුමනින්ම යටහත් වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මෝක්ෂ අධිකාර වෙතෙහි ගෝලයන් විමසද්දි එයින් ඔබ වහන්සේ ලබන වාක්ප්‍රසාදය ක්‍රිස්තු තුමන්ගෙන් ලබන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අපෝස්තුළු ආදිකොට සියළු විශ්වාසයින් වෘඬකරන්ට ක්‍රිස්තු තුමන්ගෙන් අවසර ලැබීමට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- විශ්වාසයෙහි චංචල නොවෙනලෙස ක්‍රිස්තුතුමන්ගේ වාක්ප්‍රසාද ලබන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන් සමග සිරේටත් මරණයටත් යන්ට සැරසී සිටියාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- හදිකාර ගෝලයාගේ විශේෂය ජුවාම්ගෙන් විභාග කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන් සමග මල් උයනට යන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන් රැකගන්ට යුධ හරඹ ආරම්භකළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- කයිපාස්ගේ නිවාසය තෙක් ක්‍රිස්තු තුමන්ට සහය වුනාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ස්වභා බෙලහීනයෙන් ක්‍රිස්තුතුමන් නොදනිමියි කී නමුත් උන්වහන්සේගේ සිරිතෙන් යොමු කළ විට කළ පාපයට අඬාවැලපුනාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන් කෙරෙහි දයාඅධික වී උන්වහන්සේගේ සොහොන් ස්ථානයට ජුවාම් පියතුමා සමග දිව්වාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන්ගේ උත්ගතයෙහි විශේෂය විශේෂ කොට දැනගන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සියලු අපෝස්තුළුවරුන්ට පෙර ක්‍රිස්තු තුමන් දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන් ජෙනසරත් යන වැව අසලදී දැක භක්ති තාපනයෙන් ජලේහි පිහිනා උන්වහන්සේ වෙතට ආවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- තුන්වරක් ස්වාමිදරුවන් නොදනිමි කී පාපයට එතරම් වරක් දයා උච්චාරණකොට උන්වහන්සේට ස්තූති කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මුළුමෙන් වේද සභාවේ නායකත්වය තුන් වරක් ක්‍රිස්තුන්ගෙන් ලබන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- කුරුසේ මරණයෙන් ක්‍රිස්තු තුමන් අනුචාරකොට උන්වහන්සේව අනුචාරකරණ ප්‍රකාරය උන්වහන්සේගෙන්ම දැනගන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සදිකාර අපෝස්තුළු වෙනුවට ධර්මිෂ්ඨ මත්තියස්ව අපෝස්තුළුකොට තෝරාගන්ට ප්‍රථමයෙන් කථා කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන්ගේ උත්ථානයත් ස්ප්‍රීතුසාන්තු වරමුත් පළමුවෙන් ප්‍රකාශ කළා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- එක දේසනාවකින්ම තුන්දහසක් සෙනඟ පශ්චාත්තාපයට ගෙන්වා ක්‍රිස්තු අනුචාර කෙරෙව්වා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- එක් කොරෙකු ගුණකර පන්දහසක් ජුදයින් ක්‍රිස්තු විශ්වාසකයින් කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ජුදපල්ලි කුඩාරමෙහි ක්‍රිස්තු තුමන්ගේ සත්‍යය දේසනාකොට සියල්ලන්ගේ මුඛයන් පියෙව්වා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මුදල් වසන් කළ අනනියස් සහ සපිරාවත් මරණ ප්‍රාප්තකොට ක්‍රිස්තු ආගම අධික ආචාර ප්‍රාප්ත කළා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු උදෙසා කසපහර විඳ මෙවෙනි නින්දා නිසා පෙර නුදුටු සොම්නස් පෙන්නුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- විජ්ජාකාර සිමොන්හට දුර්වාක්‍යය හෙලා පශ්චාත්තාපයට නුවණ ඉගැන්නුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ආගම පැතුරුනු ස්ථානවලට ගොස් විශ්වාසයන් රැකබලා ගත්තාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අටඅවුරුද්දක් තිමිරවායුවෙන් උන් මිනිහෙක්ව සුවකර කීපදෙනෙක් ආගමට ගත්තාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- තබිත්තා යන ස්ත්‍රිව උපදවා ප්‍රමාණ නැති අයවල් ක්‍රිස්තු විශ්වාසයින් කළා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මිථ්‍යාදෘෂ්ටින්ට දේවවේදාගම අත්කරන්ට අති ආශ්චර්යවූ දේවදර්ශන ලැබුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- හේවායින් සියේකට මූලිකවූ කොර්නෙලිව හා ඔහුගේ නෑසියනුත් සනාතකොට සියළු මිත්‍යාදෘෂ්ටින්ට වේදවාසල ඇරතැබුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ජෙරුසලෙමි නුවරට හැරී මිථ්‍යාදෘෂ්ටින්ට වේදමාවත ඇරියබව දේශනා කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අන්තියෝකි නුවරෙහි ක්‍රිස්තුස්ථානි ආසනය ප්‍රථම කොට දැරුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- විවිධ දේසවල ඇවිද වෙන වෙන සෙනඟට ඉගැන්නුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- දුෂ්ට සිංහ ව්‍යාග්‍ර වලසුන් පිරුණු රෝම නුවරට ඇවිත් ඔවුන් ගණන් නැති සාන්තදාන්ත බැටළුවන්කොට වදාළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ජෙරුසලෙම් නුවරෙහි අග්‍රිප්පා රජ විසින් සිරකරනු ලැබ දේවදූතයකු විසින් ගැලවීමට වාසනා ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- රෝමනුවරට හැරී පෙර සනාත කළ වෙන වෙන දේසවල සෙනඟට ලියුම් පත්‍රවලින් ඉගැන්නුවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ජෙරුසලෙමි නුවරට හැරී ක්‍රිස්තුවේද විශ්වාසකයින් මොයිසෙස් වේද පිළිවෙලින් ගැලෙව්වා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුලද්දන් වෙන ලෙස
- භාග්‍යවන්ත පේදුරු අපොස්තුළුතුමෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ පූර්වාගමෙහිත් අභිනව වේදාගමෙහිත් මුදුන් ගල් වාන්ගුවක් වන ජේසු ස්වාමිදරුවනි / ඔබ වහන්සේ භාග්‍යවන්ත පේදුරු අපෝස්තුළු තුමන්ගේ පුරාණ ආගම පිළිවෙළින් / අළුත් ආගමෙහි විශ්වාසකයින් ගලවා / මෝක්ෂමාර්ගය අපට වඩාම පහදවන්ට කරුණු වුනාවේද / අප ඔබගේ ශුද්ධ වූ ආගමේ අමාරු කිසිවත් නොසිතා / සියළු දේ ලෙහෙසි යයි සිතා සිද්ධකොට ඔබගේ මොක් ආනන්දයට ප්‍රාප්ත වෙන ලෙස / මෙම අපෝස්තුළු තුමන්ගේ පින් හේතුව උදෙසා අපට දයාබරකම් කළ මැනවයි යාච්ඤා කරමු - ආමෙන්