ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 1 - ප්‍රාර්ථනාව
ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන 1 - ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- භාග්‍යවන්ත පේදුරු අපෝස්තුළුතුමෙනි
- ස්නාවක ජුවාම් මුනි පසුව ගියා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- වැඩිමහල් සහෝදරයා වන අන්ද්‍රෙ අපෝස්තුළුතුමන් විසින් ක්‍රිස්තු ස්වාමිදරුවන් වෙත සේන්දුකරණ ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් විසින් පේදුරු යන නාමය තබන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- විශ්වාසවන්තයා යන නාමය දරා සැබෑවූ විශ්වාස වන්තයාවෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් දැකගත් කෙනෙහිම උන්වහන්සේ පසුව ගියාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- මධුරපානයෙහි අද්භුතය දැක උන්වහන්සේ වෙත අධික විශ්වාස වුනා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගෙන් ප්‍රසාද ස්නානය ලැබ අනිකුත් අපෝස්තුළුවරුනුත් ශිෂ්‍යයනුත් ස්නාපනය කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ වාක්‍යයට යටහත්ව මහ මත්ස්‍යරාසියෙහි ඵල ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අවනත ධර්මයෙහි සමවැද ඇති ගැඹුරු ලෙස පාත්වීමෙහි ගිළුනාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- බැහැපත්වීමෙහි අධිකයෙනකියා ක්‍රිස්තුතුමන්ට යාච්ඤා කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන් හා සමග එක්ව පවතිනු පිණිස පියා ආදිකොට සියලුදේ අත් හැරියා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- අපෝස්තුළුවරුන් තෝරා ගැනීමේදී නායක තනතුරට පත්වීමට හේතු ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ඡායරු දුවනියන්ගේ උත්ථානයට සාක්ෂිකාරයාවෙන්ට හේතු ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන්ගේ අවසර ලැබ ජලමතුපිට ඇවිද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ගිලී යන කල උන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ගැලවීමට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- නිත්‍ය ජිවිතයෙහි වාක්‍යවල් ක්‍රිස්තු තුමන් වෙත දැක උන්වහන්සේව අත්හැර මගහරින්ට බැරිය කිව්වාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සත්ප්‍රසාදයෙහි රහස් මහිමය නොතේරි තිබෙද්දී මුලුමනින් විශ්වාස කළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තුතුමන්ගේ දෙවීකය සියලු අපෝස්තුළුතුවරුන්ට පෙර විශ්වාස කර කිවාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- භාග්‍යවන්තයාය කියා ක්‍රිස්තු ස්වාමිදරුවන්ගෙන් ප්‍රසංශා ලබන්නට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ශුද්ධ වූ සභාවෙහි අඩිතාලමේ ගලක්කොට සැලැස්වීමට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු තුමන්ගේ ප්‍රත්‍ය රූපයට සාක්ෂිකාරයාවෙන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- උන්වහන්සේගේ බලපරාක්‍රම මහිමයට බියපත්ව අධික සතුටු වුනාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු උදෙසාත් ක්‍රිස්තුහට සමානවෙන්ටත් බදු පඬුරු දේවාලයට දෙන්ට වාසනාව ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- වරක් වින්ද නින්දාව සැත්තෑවර හත්විඩයක් ඉවසන්ට ඕනැයි කියා ක්‍රිස්තු තුමන්ගෙන් ඉගැන්වීම ලැබ එලෙස සිද්ධකළාවූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- සියලු දේ අත්හැර ක්‍රිස්තු තුමන් පසුපස ගිය හෙයින් සියල්ලන් ක්‍රිස්තු හා නඩුතීන්දුකරණ වාක්ප්‍රසාදය විශේෂකොට ලබන්ට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තුතුමා සාපහෙළු රඹ ගස ක්‍රිස්තුහටම පෙන්වා ඔහුගෙන් අති බලපරාක්‍රම වූ වරමෙහි වාක්ප්‍රසාද ලබන්නට වාසනා ලද්දා වූ ශුද්ධ වූ පේදුරු අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුලද්දන් වෙන ලෙස
- භාග්‍යවන්ත පේදුරු අපොස්තුළුනි අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ ධර්මාදීශ්වර රජවූ ජේසුනි / ඔබ වහන්සේ සියලු ධර්මයන්හි සැබෑවූ ආදර්ශයක්ව තිබෙද්දී / බැහැපත් වූ සිතත් ක්ෂාන්තියත් ඔබගෙන් ඉගෙනගන්ට වැඩි කොට අනකර / සියළු අපෝස්තුවරයින්ගෙනුත් ගෝලයින්ගෙනුත් / සිතින් අධික බැහැපත්ව උන් / භාග්‍යවන්ත පේදුරු අපෝස්තුළුතුමන් / ඔබගේ ස්ථානිකොටත් / වේද සභාවට අත්තිවාරම් ගලක් කොටත් / තෝරා විශේෂ වූ වරප්‍රසාදවලින් යුක්ත කරන්ට කරුණා වුනාවේද? / උන්වහන්සේගේ හේතු මහිමවල් උදෙසා / සකල ධර්මයන්හි ආදි මුල් වූ බැහැපත් වීමත් ක්ෂාන්තියත් / අප සැබෑවෙන් අනුචාරකොට / සියලු මෝක්ෂ වරප්‍රසාදවලට හේතු ලද්දන් වෙන ලෙස / කරුණාකර වදාළ මැනවයි ඔබටම යාච්ඤා කරමු / ඔබ වහන්සේව ජනිත කළ නිත්‍ය පිතා වහන්සේ සමඟත් / දෙදෙනා වහන්සේලාගෙන් නිකුත්වූ ස්ප්‍රිතු සාන්තු සමඟත් / ජීවත්ව ආණ්ඩුකරණ ඔබ වහන්සේ අපට දයාබරකම් කළ යුත්තේය - ආමෙන්