ශු. පාවුලු අපෝස්තුලුතුමාට ප්‍රාර්ථනාව
ශු. පාවුලු අපෝස්තුලුතුමාට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ අති විර්‍ය්‍යවන්ත අපෝස්තුළුවූ ශුද්ධ වූ පාවුලුතුමෙනි
- යුදෙව් ආගම කෙරෙහි අධික ලැදිකමින් යුක්තව ප්‍රථමයෙන් ක්‍රිස්තියානි සභාවට උග්‍ර පිඩා කළ නමුත් ක්‍රිස්තුධර්මය පිළිගත් ඉක්බිති දේව සභාව උදෙසා විවිධාකාර පීඩා වින්දා වූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ප්‍රථම ප්‍රාණපරිත්‍යාගිවූ ශුද්ධ වූ ස්ටීවන් මුනිතුමාගේ මරණයට කැමැති නමුත් එතුමාගේ යාච්ඤාව කරණකොට ගෙන සත්‍ය විශ්වාස ලද්දාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- යුදෙව් පූජකවරුන්ගෙන් බලය ලදින් ක්‍රිස්තියානින්ට පීඩාකරනු අටියෙන් දමස්කෝ නුවරට ළඟ වූ සඳ අහසින් නිකුත් විග්‍රාන්තික ආලෝකයකින් වටවී පොළොව මත්තෙහි වැටී ක්‍රිස්තු තුමන්ගේ තර්ජන වාක් ඇසුවාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- එකී දිව්‍ය තර්ජන වාක්‍ය ශ්‍රවණය කර අවනතවස්වාමිනි මා විසින් කුමක් කිරීමට ඔබ කැමති වන සේකයි ඇසුවාවූ ශුද්ධ වූ පාවුල අපෝස්තුළුතුමෙනි
- වැටීහුත් තැනින් නැගිට තමා අන්ධවූ බව දැන සේවකයින් විසින් අතදී මාර්ගයේ කැඳවාගෙන යනු ලදුව නගරයට ප්‍රවිශ්ටව තෙදිනක් නිරාහාරයෙන්ද යාච්ඤාවෙන්ද සිට ධර්මිෂ්ට අනනියස් තුමාගෙන් දැනුමැතිකම් ලබා ඇස් පැහැදිලි ප්‍රසාද ස්නානය ලැබුවාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ඉක්බිත්තෙන් මහා විර්‍ය්‍ය ලැබ ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන් ගැන වික්‍රමාන්විත ලෙස දේශනාකර යුදෙව් පණ්ඩිතයන් තුෂ්ණීම්භූතකර ඔවුන් පරාජය කළාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- විවිධාකාර වදවේදනා යනාදි හිංසා පීඩාවට පමණක් නොව මරණයට පවා බියපත් නොවී දක්ෂ ලෙස දේවාගම ප්‍රකාශකළාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- අති විර්යවන්ත දේශනවාදීවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තියානි ධර්මාලෝකය මහා විර්‍ය්‍යධරමින් සකල ස්ථානයන්හි ව්‍යක්ත ලෙස බබලවා අනේක ජනයන් පැහැදු හෙයින් සකල ජනයන්ගේ ගුරුතුමාණෝයි කියනු ලද්දාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේද උන්වහන්සේගේ කුරුසයේද ලෝකාත්තර තේජස්භරිත භාවය මහා පණ්ඩිත ලීලාවෙන්
- වර්ණනා කළාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ දූක්ෂය හා මරණයද එහි ඇත්තාවූ ගැලවීමදායක වස්තුද වික්‍රමාන්විත ලීලාවෙන් නිරන්තරයේ ප්‍රකාශ කළාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ සිරි ලේ සිත් ප්‍රියකරන අලංකෘත වාක්‍යයෙන්ද, දක්ෂලෙසද වර්ණනා කෙලෙන් සිරිලේ වහන්සේගේ දේශනාවාදි යයි කියනු ලබන්නා වූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ප්‍රඥාවන්තයන්ද අඥානයන්ද දේවධර්මයෙන් පමුණුවා ඔවුන්ගේ ආත්ම ගැලවීම සඳහා උත්සහ දැරීමට ණයකාරයෙකැයි නියත කරගත්තාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- සකල ලෝකයාට ස්වර්ගිය ධර්මය උගන්වනු පිණිස දක්ෂ විචාක්ෂණ ලීලාවෙන් හා ධර්මවාක්‍ය මධුරතාවයෙන් උපදේශ පත්‍ර ලේඛනය කළාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- අන්‍යයන්ගේ ආත්ම ගැලවීම පිණිස අභාවයට පවා පැමිණීමට මහා වීර්‍ය්‍යයෙන් සෑදි සිටියාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- උපාය ඥානයෙන් යුක්ත වූ යුදභටයා සතුරන් වැනසීමට තියුණු කඩුව අතින් ගත්තාසේ ආත්මික සතුරන් පරාජය කිරීමට දේව වාක්‍යය නමැති කඩුව අතින් ගත්තාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ට සර්වප්‍රකාරයෙන් ප්‍රේම කිරීම නමැති අමෘත ජලය තමා කෙරෙහිද සකල ලෝකයේද ගලා බැසීමට සැලැස්සුවාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- දේව ප්‍රේමය තමා තුළ ඉතා ගැඹුරු ලෙස පිහිටි හෙයින් දුක්වේදනා, හෘදකම්පාවීම්, සාගතය, වස්ත්‍ර රහිත බව,
- අන්තරාය,හිංසාපීඩා, කඩු පහර යනාදි කොයියම් උපද්‍රව නිසාවත් ක්‍රිස්තු තුමන්ට ප්‍රේම කිරීමෙන් නොවැළකෙමුයි මහා ධර්ම වේගයෙන් කීවාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ කුරුස නමැති දුක්වේදනා යනාදි පීඩා විඳීමේ නිර්තිය පමණක් සෙව්වාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී නාමය උදෙසා තුන් අවස්ථාවෙක්හි ඉපල් පහර වින්දෙමැයි වරක් ගල්ගැසීම් ලදිමියි තුන්වරක් නාවික අන්තරායට පැමිණුණෙමැයි ගොඩෙහිද ජලයෙහිද උපද්‍රව වින්දෙමියි යනාදිය කියමින් විවිධ පීඩා විඳීමට වීර්‍ය්‍යයෙන් සතුටුව සිටියාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- දේව වරප්‍රසාදයෙහි උත්කෘෂ්ට ස්වර්ගිය ප්‍රයෝජනවත්භාවය විචක්ෂණ ලෙස ප්‍රකාශ කළාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- මහා ධර්මවේගයෙන් හා ධර්ම ලීලාවෙන් දේව තේජස වර්ධනය කර ස්වකීය ධර්මාභිවෘද්ධිය හා අන්‍යයන්ගේ ආත්ම ගැලවීම සඳහා අත්‍යන්ත වීර්ය දැරුවාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- රෝමය නමැති නගරයේදී ශ්‍රේෂ්ඨ අපෝස්තුළුවරයා වන ශුද්ධ වූ පේදුරු තුමාට සහය වුණාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- යහපත් සංග්‍රාමයකර ධර්මචක්‍රය සම්පුර්ණකොට විශ්වාසය රක්ෂාකර ස්වර්ගිය ඔටුන්න ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් විසුවාවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ශුද්ධ වූ පේදුරු තුමා ප්‍රාණ පරිත්‍යාගිවූ ද දිනදීම රෝමය නමැති නගරෙහි ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධ වූ පාවුලු අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වෙන පිණිස
- ශුද්ධ වූ පාවුලු අපොස්තුළුතුමෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ දෙවියනි ඔබ වහන්සේ ශුද්ධවූ පාවුලු අපෝස්තුළුතුමාගේ දේශනා මාර්ගයෙන් මහා ජන සමුහයක් ධර්මයට පැහැදෙව් සේක් වේද? එබැවින් එතුමාට ගෞරව කරන්නා වූ අපට එතුමාගේ මධ්‍යස්ථ පිහිටෙන් ඔබගේ ආශිර්වාද ලැබුණ මැනවයි ඔබටම ආරාධනා කරම්හ. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්