ශු. ජුඩ් තද්දේයුස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශු. ජුඩ් තද්දේයුස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ජේසු තුමන්ගෙත්, මරිය තුමිගේත්, ඥාතිවරයාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- මෙලොව සිටියදීම ජේසු තුමන් හා මරිය තුමිය දැකීමටත් උන්වහන්සේ හා එක්ව විසීමටත් භාග්‍ය ලද්දාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- අපෝස්තුළුවරයෙක් යන උසස් තත්වයට ඔසවනු ලැබීමේ භාග්‍ය ලද්දාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ඔබගේ දිව්‍ය සමිදාණන් විසින් පා සෝදනු ලැබීමේ භාග්‍ය ලද්දාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- අන්තිම භෝජන වැළඳීමේදී ජේසු තුමන් අතින් භෝජන වැළඳීමේ භාග්‍ය ලැබූ ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ඔබගේ සෙනෙහෙවත් සමිදාණන්ගේ මරණය දැකීමෙන් ශෝකයට පත්වුනාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ උත්ථානයත් මහිමෝත්තම අහස් නැගීමත් දර්ශනය කිරීමේ භාග්‍ය ලද්දාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ශුද්ධාත්මයාණන් වැඩම කළ කල්හි ශුද්ධාත්ම වරප්‍රසාදයෙන් පූර්ණ වුනාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- පර්සියා දේශයෙහි සුවිශේෂය දේශනා කළාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- අනෙක් ජනයන් සත්‍ය විශ්වාසයට හරවා ගත්තාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් විශ්මය ජනක ප්‍රාතිහාර්යයන් සිදුකළාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- මිථ්‍යාදෘෂ්ටික රජෙකු හට ශරීර සුවය ලබාදී ඔහුට ආත්මික සුවයද අත්කර දුන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- යක්ෂයන් විමතියට පමුණුවා ඔවුන්ගේ පේන කාරයන් ගොළු බවට පත් කළාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- තමන්ගේ බලවත් සතුරු රජකු සමග විශිෂ්ට සාම ගිවිසුමකට එළඹීමට හැකි බව දුර්වල රාජ කුමාරයකුට දැවැසියන් ප්‍රකාශකර වදාළාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- මනුෂ්‍යයන්ට අනතුරු පැමිණවීමේ බලය විෂඝෝර සර්පයන් කෙරෙන් ඉවත් කළාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- අභක්තිකයන්ගේ තර්ජන වලට බිය නොවී නිර්භයව ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය දේශනා කළාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ඔබගේ දිව්‍ය සමිදාණන් වෙත දැක්වූ ප්‍රේමයෙන් මහිමවත් ලෙස ප්‍රාණ පරිත්‍යාගි බවට පැමිණියාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- සඳහටම පවතිනු සඳහා ශුද්ධ වූ විශ්වාසය රැකගනු වස් උද්‍යෝගිමත් වන ලෙස අපට අනුශාසනා කරන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- දෙවියන් වහන්සේට කවට බස් දොඩමින් උන්වහන්සේගේ තේජවන්ත භාවයට අපහාස කරන්නාවූ නවීන මනුෂ්‍යන්ගෙන් පරෙස්සම් වන ලෙස අපට අවවාද කරන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- කාමුකව අශුද්ධවූද සියල්ලන්ට වෛර කිරීමට අපද පොළඹ වන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- අන්තිම විනිශ්චය දවස සිහිපත් කරවමින් පාපිෂ්ඨයන්ට තර්ජනය කරන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- දෙවියන් වහන්සේට නිරතුරු ප්‍රේම කරමින් සදා කාල ජීවනය ලබනු සඳහා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන්ගේ දයා කරුණාව බලාපොරොත්තු වීමට අපට අනුශාසනා කරන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- බලාපොරොත්තු විරහිත අවස්ථාවලදී අපට පිහිට වෙන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ඔබට යාච්ඤා කරන සියල්ලන්ට ආරක්ෂාව හා සහනය සලසා දෙන්නාවූ ශු. ජූඩ් තද්දේයුස් අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
යාච්ඤා කරම්භ ඉතා වනචාරිවූද, ඈත රටවල වාසය කළාවූද, ජනයන් අතර විශ්වාසය පතුරුවා දේව වචනයේ බලයෙන් අනේක ජාති ගෝත්‍රයන් ජේසු ක්‍රිස්තු තුමන්ගේ වසඟයට පැමිණෙව්වාවූ ශු. ජූඩ් තද්දේයුස් තුමෙනි / අපෝස්තුළු වරයෙකු හා ප්‍රාණ පරිත්‍යාගියකුද වූ ඔබ වහන්සේ මා වෙත කරුණාව දක්වා මෙතැන් පටන් පාපිෂ්ඨවූ සකල අභ්‍යාසයන් අත්හැර දැමීමටද, සකල විධ නපුරු කල්පනා වලින් නිදහස්ව සිටීමටද මගේ සියලු උවමනාවලදී විශේෂකොට මට පැමිණෙන උපද්‍රව විපත්ති වලදී ඔබගේ සහයෝගෝපකාරය බලා කෙළවර ස්වර්ග රාජ්‍යයට පැමිණ ඔබ හා සමග පිතා පුත්‍රයා ශුද්ධාත්මයන් අති ශුද්ධවූ ත්‍රිත්වයට වන්දනා කිරීමටද වරප්‍රසාද ලබා දුන මැනව ආමෙන් ජේසු