ශු. කානික්ක දේවමාතාවහන්සේගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශු. කානික්ක දේවමාතාවහන්සේගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව
- පරමණ්ඩලවල වැඩ හිඳින පිතාවන දෙවියනි...
- ලෝකය ගලවාගත් පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ කානික්ක දේව මාතාවෙනි
- මනුෂ්‍ය වර්ගයාගේ උත්තම මෑණියන් වන ශුද්ධවූ කානික්ක දේව මාතාවෙනි
- පුරාණ ගිවිසුමෙහි නියෝගයන්ට ඔබ යටත් නූන නමුත් ඉතා ඕනෑකමින් ඒවා අනුසාරකොට මනුෂ්‍ය වර්ගයාට යහපත් ආදර්ශයක් වනු සඳහා පිරිසිදු වීමේ යුතුකම සම්පුර්ණ කිරීමට අභිලාෂිවූ ශුද්ධ වූ කානික්ක මාතාවෙනි
- ජම්ම පාප රහිතව ජනිත වූ හෙයින් පාප දෝෂයෙන් නිදොස්ව සිටි නමුත් පාපිෂ්ඨයත් විසින් පිළිපැදිය යුතු යුතුකම් බැහැපත්කමින් ඉෂ්ට කිරීමට කැමති උනාවූ ශු කානික්ක මාතාවෙනි
- ඔබගේ ශ්‍රී කුමාරයාණන් දේව මාලිගයෙහිදී දෙවි පියාණන්ට ඔප්පු කිරීමට පෙර උන්වහන්සේ උපන් ස්ථානයට ගොස් ශෂ්ටාංගයෙන් දෙව් පියාණන්ට වන්දනා කළා වූ ශු. කානික්ක මාතාවෙනි
- පූර්වගම චාරිත්‍ර විධි පරිද්දෙන් එසේ ඔප්පු කරන්නට සතලිස් දවස් වනතුරු බලාපොරොත්තුව සිටියාවූ ශු. කානික්ක මාතාවෙනි
- දේව මාළිගයට හිස්පතුලෙන් යාමට ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගෙන් අවසර ඉල්ලුවාවූ ශු. කානික්ක මාතාවෙනි
- වරප්‍රසාදය ආභරණයක් මෙන් පැළඳගෙන හෘදය ස්ප්‍රීතු සාන්තු විසින් පූර්ණය කරනු ලැබ දෙවියන් වහන්සේ ගැන ධ්‍යානයෙහි සමවැදි ගමන් කළාවූ ශු. කානික්ක මාතාවෙනි
- මනුෂ්‍ය ස්වභාව ගත්තාවූ දෙවියන් තම හස්තවලින් වඩාගෙන දේවමාළිගය තෙක් ගමන් කිරීමට ආසා වුනාවූ ශු. කානික්ක මාතාවෙනි
- අති මෘදුවූ ඔබගේ ශ්‍රී ශරීරය නොවෙහෙසන පිණිස ශු. ජුසේ මුනිඳුන් විසින් දිව්‍ය බිළිදාණන් වඩාගෙන ගිය නමුත් ඔබගේ සම්පුර්ණ අභිලාෂි වස්තුව වන ළදරු ජේසු ස්වාමිදරුවන් කෙරෙහිම නෙත් යොමු කොට ආනන්ද සන්තෝෂයෙන් පිරි සිටියාවූ ශු. කානික්ක මාතාවෙනි
- භූලෝක නරයන් විසින් පිරිවරා නොයන ලද්දෙවී නමුත් දශ සහශ්‍ර සංඛ්‍යාත සුරදූතයන් විසින් පිරිවරන ලදුව අථ්‍යධිකන්දයෙන් ගමන් කළාවූ ශු කානික්ක මාතාවෙනි
- සූර්යරශ්මි තාපයෙන් වෙහෙසුනාවූ දිව්‍ය බිළිදාණන්ගේ හැකිලීම දැක මැවිලි කෙරෙහි ඔබට ඇති බලය හේතුකොටගෙන සූර්යය තාපය වෙනස් කළාවූ ශු කානික්ක මාතාවෙනි
- ජෙරුසලෙමි නුවරට පැමිණෙනු පෙර තපස් භාවනාවෙන් පසු වූ සිමියොන් තුමාටත් ධ්‍යානයෙහි සමවැදී උන්නා වූ ආනා හටත් ඔබගේ පැමිණීම පිතාවන දෙවියන් විසින් ප්‍රකාශ කිරිමේ වාසනාව ලැබුවා වූ ශු කානික්ක මාතාවෙනි
- රජතුන් කට්ටුව විසින් පූජා කරන ලද පූජා භාණ්ඩයන් රහසිගතව රාත්‍රි කාලයෙහි දේව මාළිගයට යැව්වා වූ ශු කානික්ක මාතාවෙනි
- දේව මාළිගයට ප්‍රවිෂ්ටවූ කෙනෙහි මහත් වූ බැහැපත් භාවයෙන් ශෂ්ටාංගයෙන් වැටි පරම පියාණන්ට වන්දනාකාර ශු ජුසේ මුනිදුන්ගේ හස්තවල වැඩ සිටි බිළිඳු කුමාරයාණන් ඉල්ලා ගත්තාවූ ශු කානික්ක මාතාවෙනි
- ස්ප්‍රීතු සාන්තු වරමින් උනන්දු කරවනු ලැබ සිමියොන් තුමා දේවමාළිගයට අවුත් ගෞරවාචාරයෙන් දිව්‍ය බිළිඳාණන් ඉල්ලා සිටිවිට ඔහුගේ හස්තවලට දිව්‍ය මනුෂ්‍ය පුත්‍රයාණන් සතුටින් දුන්නා වූ ශු කානික්ක මාතාවෙනි
- සිමියොන් නමැති එ් වයෝවෘධ දේව දාසයා ගැලවුම්කාර බිළිඳාණන් තම අත්වලින් වඩාගෙන අනන්ත පියාණන්ට ඔප්පු කළ පසු මනුෂ්‍ය වර්ගයා උදෙසා උන්වහන්සේ විඳින්ට යන වද වේදනාවලින් ඔබගේ හෘදය වික්ෂෝප කඩුවෙන් සිදුරු කරනු ලැබේ යයි ප්‍රකාශ කළ කල්හි අති මහත් අවනත භාවයෙන් දේව අභිප්‍රායට යටත් වුනාවූ ශු කානික්ක මාතාවෙනි
- දීර්ඝ කලක් යාච්ඤාවෙන් කල්පසු කළාවූ ආනා තුමි උන්වහන්සේ දුඃඛප්‍රාප්තියේ ඵල බොහෝ දෙනෙක් නොලබනු ඇතැයි කළ ප්‍රකාශය අසා දුකින් වැලපී සිටියා වූ ශු කානික්ක මාතාවෙනි
- ආගම චාරිත්‍ර විධිවූ පරිද්දෙන් දිළිඳු බැවින් හා බැහැපත් බැවින් පවිත්‍රවීමෙන් භාර ඔප්පුකරීමෙන් නියම කටයුතු අවසාන වූ පසු එදවස මුළුල්ලේ ආනන්ද ධ්‍යානයෙන් පිරි සිටියාවූ ශු කානික්ක මාතාවෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්තයන් වන පිණිස
- උත්තරය - ශු. කානික්ක දේවමාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භෙ අනන්ත දෙව් පියාණනි, අන්ධකාරයෙහි ගැලී සිටි භූලෝක මනුෂ්‍යයා ගලවා ගැනීම පිණිස ඔබගේ ශ්‍රී කුමාරයාණන් ඔවුන්ගේ ගෝත්‍රයෙහිම ජනිතවී ඔවුන්ට හිමිවූ පාප විෂය දුරුකර දැමීමට අභිප්‍රාය වූ සේක් වේද? ඔබගේ ශ්‍රී කුමාරයාණන්ගේ බැහැපත් වීමේ පඬුරේද නිර්මලෝත්පත්තිය වන උන්වහන්සේගේ පිරිසිදු මෑණියන්ගේ පවිත්‍ර වීමේද මංගල්‍ය දිනේදී උන්වහන්සේලාගේ ස්වභාවෝත්තර ධර්ම කුසල් හේතුවෙන් අප අන්ධකාර බන්ධනවලින් මිදී බැහැපත් කමින් සුකෘත ජීවිතයෙන් අලංකාර වී ඔබගේ ශු ආඥා නිසිලෙස අනුසාර කර බුද්ධි විෂයාතික්‍රාන්ත පරමානන්ද භාග්‍යය ලැබීමට අනුග්‍රහකර වදාරන සේක්වා - ආමෙන්