ශුද්ධ වූ පවුලට ප්‍රාර්ථනාව

ශුද්ධ වූ පවුලට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ජේසු මරිය ජුසේ තුමෙනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • අපගේ ගෞරව ප්‍රේමයට හේතුවන්ත ජේසු මරිය ජුසේ තුමෙනි

  • සකල කාලයෙහි විසු සමස්ත ධර්මිෂ්ඨයන් විසින් ශුද්ධ වූ පවුලය කියන ලද්දා වූ ශුද්ධ වූ පවුලෙනි

  • ශුද්ධ වූ පවුලෙහි ආශිර්වාද ලත් පිතා මාතෘ පුත්‍රවන ශුද්ධ වූ පවුලෙනි

  • ශුවිශුද්ධ ත්‍රිත්වයට ලක්ෂණයක් මෙන් මෙලෝ පැවතුනාවූ ශුද්ධ වූ පවුලෙනි

  • මහත් උපද්‍රවයන් සංසුන් ලීලාවෙන් වින්දාවූ ශුද්ධ වූ පවුලෙනි

  • බෙත්ලෙහෙම් නගරයට ගමන් කරනු සඳහා මහත් හිංසා වින්දා වූ ශුද්ධ වූ පවුලෙනි

  • සියල්ලන් විසින් ප්‍රතික්ෂේප කරනු ලදුව ගවහලෙක ලැඟුම් ගත්තා වූ ශුද්ධ වූ පවුලෙනි

  • සුරදූත සමූහයා විසින් ගෞරව කරන ලද්දාවූ ශුද්ධ වූ පවුලෙනි

  • ප්‍රඥාවන්ත රජ තුන්දෙනා විසින් ගෞරවය කරන ලද්දා වූ ශුද්ධ වූ පවුලෙනි

  • දුරස්තර රාජ්‍යයෙහි පැමිණ හිංසා වින්දා වූ ශුද්ධ වූ පවුලෙනි

  • නාසරෙන් නගරයෙහි සැඟවී උන්නා වූ ශුද්ධ වූ පවුලෙනි

  • ක්‍රිස්තියානි පවුල් වලට දර්පනයක් වූ ශුද්ධ වූ පවුලෙනි

  • සමාදානයෙන් ද ප්‍රේමයෙන් ද පැවතුණා වූ ශුද්ධ වූ පවුලෙනි

  • පිරිසිදු භාවයට ආදර්ශයක් වූ පියාගෙන් යුක්ත වූ ශුද්ධ වූ පවුලෙනි

  • මාතෘ ධර්මයට ආදර්ශයක් වූ මෑණියන් ගෙන් යුක්ත වූ ශුද්ධ වූ පවුලෙනි

  • සකල පුත්‍ර ධර්මයට ආදර්ශයක් වූ ශ්‍රී කුමාරයාගෙන් යුක්ත වූ ශුද්ධ වූ පවුලෙනි

  • දිළිඳුකමින්ද, ඉවසිලිවන්ත කමින්ද, පීඩාවෙන්ද පැවතුණා වූ ශුද්ධ වූ පවුලෙනි

  • ලෞකික වස්තු රහිතව මෝක්ෂ වස්තු සහිත වූ ශුද්ධ වූ පවුලෙනි

  • ලෝකයා විසින් හෙලා දකින ලද නමුත් දෙවියන් විසින් උත්තම කොට සලකන ලද්දා වූ ශුද්ධ වූ පවුලෙනි

  • ජීවිත කාලයේදී අපට උපකාරී වී මරණ වේලේහිත් අපට පිහිට වන්නා වූ ශුද්ධ වූ පවුලෙනි

  • අපගේ ධර්ම පන්තියෙහි රක්ෂාධිකාර වූ ශුද්ධ වූ පවුලෙනි ජේසු මරිය ජුසේ තුමෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

 

යාච්ඤා කරම්භ අති කරුණා දයාබර වූ දෙවියනි, ඔබ වහන්සේ ශුද්ධ වූ පවුල නමැති පන්තියට අප කැඳවූ සේක් වේද, එබැවින් ජේසු මරිය ජුසේ තුමන්ගේ ධර්මයන් අනුසාර කර මෙලොව දී උන්වහන්සේලා හට ප්‍රසන්නව පැවත දිව්‍ය රාජ්‍යයෙහි දී උන්වහන්සේලාගේ සම්මුඛයෙහි සකල මොක් ඉසුරු භුක්ති විදිනු හැකි වනු සඳහා අපට වරම් දුන මැනව - ආමෙන්