ශුද්ධාත්මයාණන්ට ප්‍රාර්ථනාව 2
ශුද්ධාත්මයාණන්ට ප්‍රාර්ථනාව 2
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධවූ ත්‍රිත්වයේ තුන්වන තෙම වන ශුද්ධාත්මයාණනි
- පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන්නාවූ ශුද්ධාත්මයාණනි
- දෙදෙනා වහන්සේලා හා සියලු ආකාරයෙන් සමාන වූ ශුද්ධාත්මයාණනි
- මැවිල්ලට පෙර දෙදෙනා වහන්සේලා හා සමග වැඩ සිටියාවූ ශුද්ධාත්මයාණනි
- දෙදෙනා වහන්සේලා හා සමග එක්ව මුළු විශ්වය පාලනය කරන්නාවූ ශුද්ධාත්මයාණනි
- දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පුරාණ ගිවිසුමේ දේව ජනතාව අතර ක්‍රියා කළාවූ ශුද්ධාත්මයාණනි
- පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ විසින් අපගේ සත්‍යයාණන්ද සහය දායකයාණන් හා දිව්‍ය ආලෝකයාණන්ද ලෙසින් මෙලොවට එවන ලද්දාවූ ශුද්ධාත්මයාණනි
- කන්‍ය මරියෝත්තමාවන් සියලු වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කළාවූ ශුද්ධාත්මයාණනි
- වචනය තෙම කන්‍ය මරියාවන්ගේ මාංශගත වන්නට සැලැස්වුවාවූ ශුද්ධාත්මයාණනි
- බෞතීස්ම ස්නාපන දිනදී ජේසු සමිදාණන් මත පරවී වෙසින් බැස වදාළා වූ ශුද්ධාත්මයාණනි
- අප තුළ වැඩ වසමින් අබ්බා පියාණනී යනුවෙන් දෙවිඳුන් ඇමතීමට අප පොළඹවන්නාවූ ශුද්ධාත්මයාණනි
- පෙන්තකොස්ත දිනයේ ගිනි දිවි ආකාරයෙන් මරිමවුන් හා ශ්‍රාවකයන් මත බැස වදාරා ඔවුන් සැම ඔබ වහන්සේගේ බලයෙන් පුරවා වදාළා වූ ශුද්ධාත්මයාණනි
- දිව්‍ය රාජ්‍යය ලෝ දසඅත පැතිරවීම සඳහා දේව සේවකයන් හට මග පෙන්වීමත් බලයත් ධෛර්යයත් දානය කරන්නාවූ ශුද්ධාත්මයාණනි
- ඇදහිලිවන්තයන් ධර්ම මාර්ගයෙහි පමුණුවා ශුද්ධවත්භාවයට ඔසවන්නාවූ ශුද්ධාත්මයාණනි
- පවුල් දිවියේ ශුද්ධවත් බව රැක දෙන්නාවූ ශුද්ධාත්මයාණනි
- පාප පරීක්ෂාවලින් ජය ගැනීමට අප ශක්තිමත් කරන්නාවූ ශුද්ධාත්මයාණනි
- පව්කරුවන් පසුතැවිල්ලට යොමු කරවන්නාවූ ශුද්ධාත්මයාණනි
- කායික මානසික හා ආත්මික රෝගයන්ගෙන් අප සැම සුවපත් කරන්නාවූ ශුද්ධාත්මයාණනි
- සාන්ත සභා නායකයන් හට ඥානලෝකය දී සමස්ත දේව ජනතාව හට නිසි මග පෙන්වන්නාවූ ශුද්ධාත්මයාණනි
- සියලු යහපතේ උල්පත වන ශුද්ධාත්මයාණනි
- සත්‍යයේ හා ප්‍රේමයේ ගිනි සිළුව වන ශුද්ධාත්මයාණනි
- ප්‍රඥාව හා තේරුම් ගැනීමද දැනගැන්ම හා දැනමුතුකම්ද යන දීමනා අප වෙත බහුලව ලබා දෙන පිණිස
- ධෛර්ය දේව භය හා දේව ශක්තිය යන දීමනා අප වෙත දානය කරන පිණිස
- විශ්වාසය හා සුව කිරීමද දිවැසිවැකි කීම හා හාස්කම් කිරීමද යන දීමනා අපට ලබා දෙන පිණිස
- ආත්ම විසඳීමේ හා අශුද්ධ ආත්ම දුරු කිරීමේද අන්‍ය භාෂාවලින් කතා කිරීමේ හා ඒවා පහදා දීමේද දීමනා අපට දානය කරන පිණිස
- දහම් දෙසීමේ හා ඉගැන්වීමේද අනුශාසනා දීමේ හා ක්‍රිස්තු දානයේද නායකත්වයේ හා පරිපාලනයේද දීමනා අපට දානය කරනු පිණිස
- සුභසාධක සේවයේ ත්‍යාගශීලි බවේ හා ලෙඩ දුකට පිහිට වීමේ දීමනා අප වෙත බහුලව දානය කරන පිණිස
- ප්‍රශංසා කිරීමේ හා මැදිහත්වීමේද පසුතැවිලිවීමේ හා පව් සමාවේද දීමනා අප වෙත දානය කරන පිණිස
- මේ සියලු දීමනා දේව මහිමය සඳහාද දේව රාජ්‍ය ගොඩනැගීම සඳහාද ජනතා සුභසිද්ධිය සඳහාද යොදා ගැනීමට අප සැමට හැකි වනු පිණිස
- ප්‍රේමය හා ප්‍රීතියද සාමය හා ඉවසීමද යන ආත්මික ඵලයන්ගෙන් අප ජීවිත පුරවන පිණිස
- කරුණාව යහපත්කම හා විශ්වාසවන්තකමද මෘදු ගුණය හා ආත්ම දමනයද යන ඵලයන්ගෙන් අප ජීවිත ඵලබරිත කරනු පිණිස
- බැගෑ බවේ චාම් බවේද පිරිසිදු බවේ කීකරු බවේ හා දිළිඳු බවේද ඵලයන්ගෙන් අප පොහොසත් කරනු පිණිස
- ඔබ වහන්සේ අපට පෙන්වා දෙන මග ඔස්සේ අප නිරන්තරයෙන් ගමන් කරනු පිණිස
- දුක සැප දෙකෙහිම ස්තූතිවන්තව දේව කැමැත්තට අප යටහත් වන පිණිස
- මරණය දක්වා සත්‍ය විශ්වාසයෙහි ස්ථිරව අප පවතින පිණිස
- මරණින් පසු අපට ස්වර්ගානන්දය ලැබෙන පිණිස
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන් අප වෙත එවා වදාළ මැනව
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන් අප වෙත එවා වදාළ මැනව
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- ශුද්ධාත්ම වරමින් අප ජීවිත අලුත් කර වදාළ මැනව
- ශුද්ධාත්මයාණනි වැඩම කර ඔබගේ විශ්වාසිකයන්ගේ හෘදයන් පිරෙව්ව මැනව
- ඔබගේ ප්‍රේමයේ ගින්න ඔවුන් තුළ දැල්වුව මැනව
- ඔබගේ ස්ප්‍රිතුව යැව්ව මැනව. එවිට ඔවුහු මවනු ලබන්නෝය
- තවද ඔබ පෘථිවියේ විශාලකම අලුත්කර වදාරණ සේක
යාච්ඤා කරම්භ ස්ප්‍රීතු සාන්තු ආලෝකයෙන් විශ්වාසිකයන්ගේ හෘදයන් පැහැදෙව්වාවූ දෙවියනි එම ස්ප්‍රීතුවෙන් සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත්, එම ශුද්ධවූ සැනසිල්ලෙන් නිතර ප්‍රිති සන්තෝෂ වෙන්නටත් අපට සලස්වා වදාළ මැනව මෙකී දේ අපගේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන්