ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
  • ශුද්ධ වූ දේව මෑණියනි
  • කන්‍යාති කන්‍යාවෙනි‍

(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • නර්බෝන නුවරෙහි අති සුවඳ කුසුමක් වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • මිලාන් ජනපදයෙහි අභිමාන වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • මහිම ඇති වංශ කුලයෙහි උපන්නා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ධර්ම මහිමයෙන් අධික මහිම ලද්දා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • මුඛ මණ්ඩල ශෝභන රූපයෙන් සමස්තයන්ට ප්‍රිය වුනා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ආත්මික ශුද්ධවන්ත ශ්‍රීයාවෙන් ශ්‍රේෂ්ඨාකාරයාණන්ට අධික ප්‍රිය වුනාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • යුද්ධවීර පරාක්‍රමයෙන් රජුන්ගේ සතුට වුනා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ආත්මික සංග්‍රාම පරාක්‍රමයෙන් රාජාති රජහට අධික සතුටු වුනා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • බුද්ධි ප්‍රඥාවෙන් ප්‍රථම සේවා සමුද්‍රවට සේනාධිපති වුනා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • දස දහස් සත්වයන් ආත්මික සංග්‍රාමයට පමුණුවා මෝක්ෂ සේනාධිපති වුනා වූ ශුද්ධවූ සෙබස්තියන්මු නින්ද්‍රයෙනි

  • ක්‍රිස්තු සේවකයින්ට භෝජන පානය දී රක්ෂා කළාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • චංචල සිත වූ ජීවිත පරිත්‍යාගින් ධර්ම උපදේශයෙන් වෘද්ධි කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • මාර්කු මර්සලියානු යන සහෝදරයින්ගේ සොඳසිත් දැඩි කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ඔවුන්ගේ පියාවන තර්කලිනු හට දේවාගම උගන්වා, කොර වූ අත්පා සුවකළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • නික්‍රොස්ත්‍රාස්තුගේ කුටුඹයට අඩංගු සියල්ලනුත්, අසල අයත් එක විටම දේවාගමට ගත්තාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • සය අවුරුද්දක් ගොළුව සිටිය ඔහුගේ ස්ත්‍රිය හට කථාවේ බලය දී දේව ස්තූති ගායනා කෙරෙව්වා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • කලාදිහුගේ පුත්‍රයන් දෙදෙනාට ප්‍රසාද ස්නාපනය දෙවා කුෂ්ඨයෙනුත්, මහෝදරයෙනුත් සුව කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ක්‍රෝමාන්සිවූ කියන ආණ්ඩුකාරයාගේ හන්දි වාතය සුව කර දෙසියකට වැඩි වූ යක්ෂ රූප සුන් කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ඔහුගේ මුළු කුටුඹයට දේව වේද එලිය පෙන්වා දාසයින් නිදහස් කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ක්‍රිස්තු ආගම නිසා අධික ධෛර්යයෙන් සංග්‍රාම කළාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • අති නෙෂ්ඨුර දියොක්ලේසියානුගේ සංග්‍රාම තෙදවලට ගරු නොකළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ගසේ බැඳුම්කා විඳිනු ලැබ ඊතල ශ්‍රී ශරීරය මුළුමෙන් පිරී නොනැසී උන්නාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • විගස සුවය ලබා කෘෘර දියෝක්ලේසියානුගේ දුෂ්ඨකම් වලට බියපත් නොවී ක්‍රිස්තු ස්වාමිදරුවන් ගැන දෙවනුත් දේශනා කළාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • දඬුවදයට පත් වී ජීවිත පරිත්‍යාගි වුණා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • අති මුවා වූ ස්ථානයක භූමිදාන වුණ නමුත් අධික වන්දනාමාන භූමදාන ලද්දා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • මුළු ක්‍රිස්තියානි ලොවේ දී ස්තූති ලබන්නා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • සකල ලෙඩ පීඩා වලදී අඬගසන ලද්දාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • සකල විධ රෝග නිවාරණය කරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • වසූරි ලෙඩ සුව කරන්ට අති වල්ලභ වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • වසූරිය ආදී වූ විවිධ රෝග වලින් අනේක රටවල් රක්ෂා කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ස්වර්ග ප්‍රකාශය ලොවට පෙන්වන්ට වරම් ලද්දා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ආදර්ශන වූ දේව දූතයන් දර්නය කර පෙන්වන්නට වරම් ලද්දා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • සකල දූත අග්‍රදූතයන්ගේ නායක වූ ජේසු ස්වාමිදරුවන් මුළු ශක්තියෙන් අනුචාර කළා වූ ශුද්ධවූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතු වන්ත වෙන ලෙස

  • ශුද්ධ වූ සෙබස්තියන් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ ක්‍රප දයා පිරුණු අනන්ත දයාබර සර්වේශ්වර වූ දෙවියනි ඔබගේ අති උත්කෘෂ්ට ‘මාර්ත්‍රිස්‘ යන ශුද්ධ සෙබස්තියන් මුනින්ද්‍රයා ඔබ නිසා වින්ද දුක් උපද්‍රවයන් ඔබ වහන්සේ බලා උන් වහන්සේ වැගුරුවා වූ රුධිරය අපේ ආත්ම ශරීර වලට ඖෂධ වෙන සැටියට අභිප්‍රාය වූ සේක් වේද? උන්වහන්සේගේ පින් හේතුව බලා සිටින අප ආත්ම ලෙඩ කවර කලෙකත් නොදැක ශරීරයට ඇති වන වසූරි ආදි වූ සකල රෝග වලින් නිවාරණය කරනු පිණිස ඔබට ම යාච්ඤා කරමු - ආමෙන්