ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- කපාර්ණයේහි ලෝකයට ආලෝකයක් මෙන් ජනිතවුනාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- සුංගම් වැඩ අත් හැර ජේසු ස්වාමිදරුවන් පසු පස්සේ ගියාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- මා පසු එන්න කියා ස්වාමිදරුවන් වදාළ වචනය පිළිගෙන කීකරුකමේ දර්ශනයක් වූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස්
- අපෝස්තුළුතුමෙනි
- ඒ කීකරුකමෙන් දේව ගැලවුම්කාරයාණන්ගේ ගෝලයෙක් වුනාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ට මෙලොවදී දැකගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් ස්වකීය නිවසෙහි වාසය කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- එයින් පරිසිවරුනුත් වෙනත් සතුරනුත් ඔබ සමග කිපුන තැන ක්ෂමා අනුකම්පා වචනවල් ස්වාමිදරුවන්ගෙන් අසන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- රෝගීන්ට මිස නිරෝගින්ට වෛද්‍යචාරී වුවමනා නොවෙති යන දේව උපහරණ ඔබ නිවසේහිදී ස්වාමිදරුවන්ගෙන් අසන්ට වාසනාව ලද්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- පව්කාරයින් පශ්චාත්තාපයට කැඳවන්ට ආවා මිස පුණ්‍යවන්තයින් කැඳවන්නට නාවෙමි කී වචනය ඔබ නිවසේදී ස්වාමිදරුවන්ගේ දිව්‍ය මුඛයෙන් ඇසුවාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- මේ දයාබර වචන කරණකොටගෙන ස්වාමිදරුවන්ගේ සත්‍යමිතුරෙක්වුනාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ලෙඩුන් සුවකරන්ටත් මළවුන් උපදවන්ට සහ වෙනත් ප්‍රාතිහාර්ය කරන්ටත් ස්වාමිදරුවන්ගෙන් වරම් ලබාගත්තාවූ
- ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- දේව ආගම පතල කරන්ට ප්‍රථම ස්වාමිදරුවන්ගෙන් දැනමුතුකම් ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- දේව ප්‍රසාදවල් රත්නයක්සේ රක්ෂාකර දේව ආගම පතල කිරීමෙන් සර්ව ලෝකයට දෙවියන්ගේ ශ්‍රී නාමය එලිදරව් කළාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ ප්‍රාතිහාර්යවල් දැක විශ්වාසයත් දේව භයත් වඩ වඩා දියුණු කළාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- මහ බ්‍රහස්පති දිනදි ස්වාමිදරුවන්ගේ සිරිලේ හා මාංස උන්වහන්සේගේ දිව්‍ය ශ්‍රී හස්තයෙන්ම ලබාගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් පරලොවට වැඩිය ඉක්බිති සේනාකුළු කියන නිවසෙහිදී අනිත් අපෝස්තුළුවරුන් සමග අභිවෘද්ධි දායක ස්ප්‍රීතු සාන්තුවහන්සේ ලබාගත්තාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- එතියෝපියාව, පර්සියාව, පාර්තියාව යන දේශවලදීත් දේව වාක්‍යය කරණකොටගෙන බොහෝ මනුෂ්‍ය ආත්මවල් ගලවාගත්තාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ජුදෙයාව දිසාවෙන් පිටත් වෙන්ට ප්‍රථම ක්‍රිස්තියානි වරුන්ගේ ඉල්ලීමට දේව සුවිශේෂ පොත ලියන්ට අධිෂ්ඨාන කළාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ඒ සුවිශේෂ පොතෙන්, ඔබ දැක්කාවූ දේවල් සහ ස්වාමිදරුවන්ගෙන් ඇසුවාවූ සියල්ලන් ජීවමාන ලෙස අපට තවම උගන්වන්නාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- සැබෑවූ ධර්ම ක්‍රියාවලට අති සුවිශුද්ධවූ පියෙක් වන ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- බැගෑපත්කමේ දිලිහෙන දර්ශනයක් වූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ලෝක සම්පත් ත්‍යාජකර දිළිඳු භාවය යන ධර්ම වැලඳගත්තාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- මනුෂ්‍යයන්ගේ සරදම් රිදුම් වචනවල් නොසලකා මරණය දක්වා ස්වාමිදරුවන්ව අත් නොහැරියාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ආත්මය සතුරන්ගෙන් මිදෙන පිණිස බොහෝ පශ්චාත්තාපයෙන් ජීවත් වුනාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- පරහට උපකාර කරමින් ජීවිතය පසු කළාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් උදෙසා වෛර කරන්නන්ගේ නින්දාවල් ප්‍රීතියෙන් ඉවසුවාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- එතියෝපියාවෙහි විජ්ජාකාරයින්ගේ හාස්කම්, දේව වචනයෙන් පරාජය කළාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- එතියෝපියාවෙහි මළාවූ කුමාරයාව උපද්දවන්ට විජ්ජාකාරයින්ට බැරිවී ඒ කුමාරයා දෙවියන් උනායයි ඔවුන් කී තැන,
- දෙවියන්ට යාච්ඤා කර එකී කුමාරයාව උපදවා දුන්නාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ඒ විජ්ජාකාරයන් ඔබ වහන්සේට එදිරිව කිපී විසගෝර සර්පයින් දෙදෙනෙක් තනා ඔබ වෙත එවූ නමුත් කුරුසේ ලකුණින් උන්ව එලවා දැම්මාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ඒ රාජ්‍යයේ අයවල් මේ ප්‍රාතිහාර්ය දැක ඔබ වහන්සේට වඳින්ට ආවිට දෙවියන්ට පමණක් වඳින්ට ඕනෑය කියා ඉගැන්නුවාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- කුමාරයාගෙන් ඔබ වහන්සේට ලැබුනු රන් රිදී පදාර්ථවල් මකා ඒ මිලෙන් දෙවස්ථානයක් සෑදෙව්වා වූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ඒ රටේ රජ සහ කුමාරයනුත් සියලු ජනයනුත් දෙවියන් වෙත ඇදහිලි කළාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- දෙවියන්ට කන්‍යාශුද්ධිය දිවුරාදුන්නාවූ ඉපිජෙනියා නම් කන්‍යාව භිර්තකු නරේන්ද්‍රයාගේ නපුරෙන් ගලවාගත්තාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- කන්‍යා ශුද්ධියේ උතුම්කම දේශනාකර දේව ධර්මය උදෙසා සතුරන්ගෙන් කෘෘර වූ පීඩා වින්දාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- දේව මෙහෙය පවත්වනවිට පූජාසනයේදීම, ක්‍රෝධ බැඳ සිටියාවූ භිර්තකු නම් නපුරු රජාගෙන් මැරුම්කෑවාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- දෙවියන් උදෙසා මෙසේ ජීවිතයේ පූජාකර දෙවියන්ගෙන් මෝක්ෂ ඔටුන්න ලබා ගත්තාවූ ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- මෝක්ෂ රාජ්‍යයෙහි වැඩ ඉඳින අපේ ආරක්ෂකයාණන් වන ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයින් වෙන ලෙස
- ශුද්ධවූ සුවිශේෂක මතෙවුස් අපෝස්තුළුතුමෙනි අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වේශ්වරවූ දෙව් පියාණනි / ඔබ වහන්සේගේ නිමක් නැති දේව දයාවෙන් / ලොව මනුෂ්‍යයින්ගේ ආත්ම ගලවා ගන්නා පිණිස / ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයා වන / ජේසු තුමන්ව එවා / සත්‍යාගම පිහිටෙව් නමුත් / තවත් ඔබගේ දේව පුත්‍රයාගේ ආගමේ පණත් / සර්ව ලෝකයෙහි පලකරන පිණිස / තෝරා ගත් අපෝස්තුළුවරුන්ව / ස්ප්‍රීතු සාන්තු ප්‍රසාදවලින් පූර්ණ කරන්ටත් කරුණා අභිප්‍රා වුනාවේද / මෙපමණ දයාබරකම් දැක / ඔබ වහන්සේට නිරන්තරයේම / අප ස්තූතිකරන්ටත් / දිව්‍ය ගැලවුම්කාර අති මධුර ජේසු තුමන්ට / අපේ ජිවිතාන්තය දක්වා මුළු හෘදයේ භක්තිප්‍රේම ඇතුව පවතින්ටත් / අපේ ශුද්ධවූ මතෙවුස් අපෝස්තුළුතුමන්ගේ / ධර්මගුණවල් බලා / අපට කරුණා කරනවා සොඳේ. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්