ශුද්ධවූ සිල්වෙස්තර් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ සිල්වෙස්තර් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- රාජකුල දෙගුරුන්ගේ ඔසීමු යන නගරයෙහි උපන්නාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- බාල වයසේ පටන් දේව භක්තියෙන් විසුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- කිසි කලකදීත් නිරාර්ථක වචන නොබිනුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- දෙවියන් වහන්සේට ප්‍රිය වූ සියල්ලන්ගෙන් ආචාර ලැබුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- බොලොඤ්ඤ නම් මහා නගරයෙහි විද්‍යාශාලාවෙහි සියලු ශිෂ්‍යයන්ට ධර්ම දර්පනය වූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ලෝක මහිමයට අප්‍රියවුනාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- එබැවින් දෙගුරුන්ගේ අමනාපය හා කෝපයද දස අවුරුද්දක් මුලුල්ලේ ඉවසමින් විසුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ගුරු ප්‍රසාදි තනතුරට පත්ව මහත්වූ ආත්ම ප්‍රයෝජනය මනුෂ්‍යයන් හට අත්කරදුන්නාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- දේව වාක්‍යය භක්තියෙන් දේශනාකර නොයෙක් පාපිෂ්ඨයන් ධර්ම මාර්ගයට හැරෙව්වාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- යාච්ඤා ධ්‍යාන ආරාධනා හා ධර්ම ආදර්ශයෙන් පව්කාරයින්ගේ සිත් හරවා දෙවියන් වෙත සෙනග බන්ධන කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- මළාවූ කෙනෙකුගේ මෘත ශරීරය දැක මටත් සිදු වෙන්නේ මෙලෙසයයි කල්පනාකර වනවාස තපසට පැමිනුණාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- එහිදී නිරාහාරය ඉන්ද්‍රියයන් දමනය කිරීම දීර්ඝ යාච්ඤාව යනාදි දුෂ්කර ශීලයන් රක්ෂා කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- වෘත ශුද්ධිය රක්ෂා කිරීමේදී ස්වකීය ශරීරය සතුරෙක් මෙන් විසුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- දුර්පරික්ෂාවෙන් ජය ගනු පිණිස නොයෙක් වර පලා මුල් යනාදිය පමණක් භෝජන කොට විසුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ශුද්ධවූ බෙනදික්තු මුනිඳුන් ස්වප්නයෙන් දැක එතුමාගේ ධර්ම ක්‍රමය ස්ථානය වෙනස් කර අවනතවුනාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ලැබූ වරමෙහි මහිමය ලොවට ප්‍රකාශ නොකරනු පිණිස නිවාස ස්ථානය වෙනස් කර අවනතවුනාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- පබ්‍රියානෝ නගරය සමීපයේ ඇති වනාන්තරයට පැමිණ බෙනදික්තු මුනින්ද්‍රයාගේ ධර්ම ක්‍රමය ප්‍රකාර සිල්වෙස්තර් නම් ධර්ම පද්ධතියක් ස්ථාපනය කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- එම වනාන්තරයෙහි ඔබ තුමන්ගේ ධර්ම පද්ධතිය විශේෂ දේව පිහිටෙන් ආරක්ෂා කර ගැනීමට වරම් ලත් ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- තපස් ගෘහය ගොඩනගන කල්හි කොටට කැපුවාවූ දැව දණ්ඩ ඔබගේ හස්තයෙන් ඇද දික්කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ඔබගේ ධර්ම පද්ධතියට බාලයෙක් මැදහත් වූ බැවින් ඔහුගේ පියා ක්‍රෝධයෙන් ඔබගේ කන්සට ගැසූවිට මහත්වූ ඉවසීමෙන් දරා ගත්තාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- එයින් ඔහු දේව උදහසට අසුවී සියළු ගාත්‍රා කුෂ්ට රෝගයෙන් පීඩිතවූ බව දර්ශනය කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ඒ කුෂ්ඨරෝගය ඔබ විසින් සුවපත් කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ඔබගේ ධර්ම පද්ධතිය නැති කරන්ටද තාපසයෙන් වංචලකරන්ටද යක්ෂයා කළ ප්‍රයෝග ඔබගේ විශ්වාස සහිත යාච්ඤා බලයෙන් ඉවත් කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- එම යක්ෂයා ඔබ වෙත ක්‍රෝධය දෙව් මැදුරෙන් ඔබ බිමට හෙලා මැරීමට තැත් කළ විට දේවමාතාවන් විසින් ඔබ ගලවා ගැනීමට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- කුරුසේ ලකුණෙන් කොරෙකුව සුවපත් කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- දෙවියන් වහන්සේගේ විශේෂ දර්ශන ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- අන්ධයන්ද වෙනත් රෝගීවූ අයද ආරෝග්‍ය කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- සිව්වරක් ආශිර්වාද කරමින් ජලය මුද්‍රිකපානය කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- යක්ෂ කණ්ඩායමක් එලවීමට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- මෙවැනි අද්භූත ක්‍රියා දර්ශනය කළ ජනයන් ඔබට පැවැත්තු ස්තූති ප්‍රශංසාවෙන් පලාගියාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ක්‍රිස්තු තුමන්ගේ දුක් හරිත පීඩා සිහිකරමින් රාත්‍රි මුළුල්ලෙහි ධ්‍යානයෙන් ඇඬුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- අධික මෘදු ගුණ පියෙක්ව වැජඹුනාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ආත්මික සතුරන් වූ ලොකයාගෙන්ද මාංශයාගෙන්ද යක්ෂයාගෙන්ද ජය ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- මරණය ඉතා ප්‍රීතියෙන් අත් කරගෙන ආත්මය දෙවියන් වහන්සේට ඔප්පු කළාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- මරණයට පැමිණුනාවූ රාත්‍රියේම ඒ බව දුරදෙශයේ හි විසූ ඔබගේ පද්ධතියේ තාපසයෙකු හට දැන්වීමට වරම් ලැබුවාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ඔබගේ යහපත් මරණය අනිකුත් තාපසයන්ට දර්ශනයෙන් දැනුම් දෙන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ඔබගේ ශුද්ධවූ ආත්මය සුරදූතයන් විසින් ස්වර්ගයට ගෙන ගියාවූ නියාව ඔබගේ තාපසයන්ට දැනුම් දීමට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ඔබගේ මෘතශරීරය ශුද්ධවූ වස්තුවක් කොට භක්තිවන්ත ස්ත්‍රියක් විසින් පා අගුලියක් කැපූවිට ඉන් රුධිරය ගැලීමට වරම් ලද්දාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ජීවිත කාලයෙහි සියල්ලන්ට පිහිටෝපකාර වුනාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- දැන් දිව්‍ය රාජ්‍යයෙහි අප උදෙසා මධ්‍යස්ථව සිටින්නාවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයානි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස
- උත්තරය - ශුද්ධවූ සිල්වෙස්තර් මුනින්ද්‍රයෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අති සෞම්‍ය කරුණා ගුණයෙන් යුක්තවූ දෙව් ස්වාමිදරුවනි ඔබගේ මෙහෙකරුවූ තපස් ශ්‍රේෂ්ඨවූ ශුද්ධවූ සිල්වෙස්තර් මුනිතුමන්ට අවලක්ෂණ වූ මෘත ශරීරයක් දැක්මෙන් මේ ලෝකයෙහි තිරාර්ථක භාවය උගන්වා එතුමා තපස් ජීවිතයට කැඳවා අති අනර්ඝ ධර්ම කුසලින් අලංකාර කළ සේක. එබැවින් අප විසින් උන්වහන්සේගේ ආදර්ශය හේතුකොට ගෙන ලෞකික දේ ත්‍යාජකර ඔබ හා සිටීමේ ඓශ්චර්ය ලබා ගනු පිණිස වරම් දුන මැනව ඔබටම ආරාධනා කරම්හ මේ කීදේ අපගේ ස්වාමින්වූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්