ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනිඳුට ප්‍රාර්ථනාව

ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනිඳුට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්නියනි

  • ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනිතුමෙනි

  • මලකියස් දිවස් ප්‍රසාදිගෙන් ප්‍රකාශ කරනු ලද්දාවූ ශුද්ධවූ ජුවාම් මුනිතුමෙනි

  • ගාබ්‍රියෙල් යන දේව දූතයා විසින් දක්වන ලද්දාවු ශුද්ධවූ ජුවාම් මුනිතුමෙනි

  • මහලු වූ මව්පියන්ගෙන් ආශ්චර්යලෙස ජනිත වුණාවූ ශුද්ධවූ ජුවාම් මුනිතුමෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගෙන් ගෞරව ලද්දාවූ ශුද්ධවූ ජුවාම් මුනිතුමෙනි

  • මව් ගර්භයෙහි ඉඳ රක්ෂාධිකාරයා දැන සතුටින් පිනා උන්නාවූ ශුද්ධවූ ජුවාම් මුනිතුමෙනි

  • මව් ගර්භයේහිම ජම්ම දෝෂයෙන් නිර්දෝෂවූ ජුවාම් මුනිතුමෙනි

  • මව් ගර්භයෙහි දේව ඉෂ්ට ප්‍රසාදයෙන් පූර්ණවුණාවූ ජුවාම් මුනිතුමෙනි

  • ස්ප්‍රීතු සාන්තු වරමින් මව්පියන් පූර්ණය කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • දේව අභිප්‍රාවෙන් ජුවාම් යන නාමය ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • වනාන්තරයෙහි වාසය කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • කොලමුල් කා රක්ෂා වුණාවූ ජුවාම් මුනිතුමෙනි

  • ඔටු සම් වස්ත්‍ර ඇඳ දවස් කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • එළු සම් පටි බැඳගෙන ඇවිද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • නිරතුරු එක්වරශීලය රක්ෂාකළාවූ ජුවාම් මුනිතුමෙනි

  • තපස් සීල කටුරකමින් සියල්ලන් විස්මපත් කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • දේව වරමින් දේශනාවාදී වෘපතියට පිටත් වුණාවූ ජුවාම් මුනිතුමෙනි

  • ජෝර්දාන් කියන ගඟබඩෙහි දේසනාකර උන්නාවූ ජුවාම් මුනිතුමෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ට පෙර ආගමනය කරන්ට වරම් ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • ස්වාමිදරුවන්ගේ සැබෑ මාර්ගය ඉගැන්නුවාවූ ජුවාම් මුනිතුමෙනි

  • එලියස් යන දිවස් ප්‍රසාදිගේ ධර්ම වීර්ය ලීලාවෙන් දේශනාකර උන්නාවූ ජුවාම් මුනිතුමෙනි

  • මනුෂ්‍යයින්ට බිය නොවී සත්‍යය ප්‍රකාශ කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • මහා පව්කාරයින් ධර්මමාර්ගයට හැරෙව්වා වූ ජුවාම් මුනිතුමෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන් ස්නාන කරන්ට වරම් ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • පිතාවන දෙවියන්ගේ වාක්‍ය ශබ්දය අසන්ට වරම් ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • පරවි වෙසින් පහළවූ ස්ප්‍රීතු සාන්තු තුමන් දකින්ට වරම් ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • දේව අජබාලකයා මෙන්න කියා ක්‍රිස්තු ස්වාමිදරුවන් පෙන්නුවාවූ ජුවාම් මුනිතුමෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුඛයෙන් ස්තුති ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • ගොළු බිහිරිව සිටි පියාණන් සුව කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • ප්‍රසූතවූ දිනේදි අනේක ජනයන් ආනන්දයෙන් පිරෙව්වාවූ ජුවාම් මුනිතුමෙනි

  • ස්ත්‍රියන්ගෙන් උපන්නාවූ සියලු මනුෂ්‍යයන් අතුරෙන් මහෝත්තමයා යන නාමය ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • එලියස් යන දිවස්ප්‍රසාදිවරුන්ගෙන් අග්‍ර දිවස්ප්‍රසාදි යන නාමය ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • සකල දිවස්ප්‍රසාදිවරුන්ගේ අග්‍ර දිවස්ප්‍රසාදි යන නාමය ලද්දාවූ ජුවාම් මුනිතුමෙනි

  • සකල ශුද්ධවන්තයන්ගෙන් අග්‍ර ශුද්ධවන්තවූ ජුවාම් මුනිතුමෙනි

  • පූර්වාගමනයටද අභිනවාගමාරම්භයටද පැමිණුනාවූ ජුවාම් මුනිතුමෙනි

  • දේව ආගම නිසා මැරුම් කෑවැවූ ජුවාම් මුනිතුමෙනි

  • පාතාලයට බැස ස්වාමිදරුවන්ගේ ආගමනය මළවුන්ට ප්‍රකාශ කළාවූ ජුවාම් මුනිතුමෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ක්‍රිස්තු වාක්දාතවලට අප හේතුවන්ත වෙන ලෙස

  • ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනින්ද්‍රයනි අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අනන්ත වල්ලභ සර්වේශ්වරවූ දෙවියනි ඔබවහන්සේ මේ අද දින භාග්‍යවන්ත ස්නාවක ජුවාම් මුනිදුන්ගේ උප්පත්තියෙන් අපව උදිප්තකලාවේද? උන්වහන්සේගේ පින් හේතුව බලා සකල ආත්මකි සන්තෝසවල ප්‍රසාදය අපට දෙවා වදාරා සියලු විශ්වාසවරුන්ගේ සිත් නිත්‍ය ගැලවීමේ මාර්ගයෙහි නඩත්තුකරනට ඔබටම ප්‍රාර්ථනා කරමු ආමෙන් ජේසු