ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි‍

  • ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • අති ලාබාල වයසේදීම අති මුහුකුරා ගිය ඥාණයක් ප්‍රකාශවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ළදරු වයසේ පටන් පරහට දයාවෙන් පිරි සිටියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දවිඳු රජමෙන් දිළිඳු එඬේරෙක්ව පසුව දෙවියන්ගේ සෙනඟට ආණ්ඩුකාරයාද, ඥාණගෝලපාලයා ද වුණාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • වහල්කමට අසූව සිටි අවස්ථාවේදි සම්පූර්ණ නිදහස පැවැත්තුවාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • විශ්වාසයෙන් ජීවත් වුන ධර්මිෂ්ඨ මනුෂ්‍යයා වන්නා වූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ක්‍රිස්තියානි බලාපොරොත්තුව නමැති ස්ථිර නැංගුරමෙන් නිරතුරු රක්ෂණ වුනාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දයාව නමැති ගින්නෙන් නිරතුරු දැල්වී සිටියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • සැබැවින්ම නිරහංකාරව අවංකව දේව භය ඇතිව පැවතුණාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • නිරතුරු මෘදු හෘදයෙන්ම බැහැපත්ව ක්‍රිස්තුස් ස්වාමිදරුවන්ගේ සත්‍ය ගෝලයාව සිටියා වූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • හෘදයෙහිත්, චිත්තයෙහිත් නිරතුරු මර්දනය පැවැත්තුවාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන්ගේ ජවලිතාධ්‍යාසයෙන් නිරතුරු, උනන්දුව සිටියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දේව මහිමය වර්ධනය කිරීමට ගත් උත්සාහවලෙහි තෘප්තියට නොපැමිණියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • මනුෂ්‍යාත්මයන් කෙරෙහි අභ්‍යන්තර දයා ගින්නකින් නිරතුරු ඇවිල භාග්‍යවූ ජවලිත උත්සහයකින් නිරතුරු ක්‍රියා කළාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • සුවිශේෂයෙහි කියන ලද අමිල වූ මුතු ඇටයත් මහත් නිධානයත් ක්‍රිස්තියානි දිළිඳුකමෙහි සොයා ගත්තාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • පිරිසිදුකමින් දේවදූතයන්ට සමවන්නා වූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • කීකරුකමෙහි නිතර විශ්වාසපක්ෂව වචනයෙහි නිරතුරු ජයග්‍රහණය කළාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ඉතා බාලාවස්ථාවේ සිටම දානාදි පරහට දයා කිරීමෙහි තත්පරවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ඉතා ස්වල්ප වශයෙන් වුවත් නපුරයයි පෙනීගිය දේවලින් පලායාමට ඉතා උනන්දුව ක්‍රියා කළාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • සියලු ක්‍රියාවලෙහි ධර්මගුණ සම්පුර්ණත්වයට පැමිණීම සෙව්වාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ලෝකය නමැති චණ්ඩ මාරුතයෙන් ඇලලී ගිය සමුද්‍රයෙහි නිශ්චලව පැවති පර්වතයවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • සියලු ක්‍රියාවලෙහි ධර්මගුණ සම්පුර්ණත්වයට පැමිණීම සෙව්වා වූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ගමන් පථයෙහි නොකඩවා යෙදී සිටින්නාවූ සුර්යයා සෙයින් සැබෑ ප්‍රඥා මාර්ගවල නිරතුරු ඉදිරියට ගමන් කළා වූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • විපත්ති නමැති ශරප්‍රහාර එකකින්වත් පසු නොබැස සිටියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ක්ෂමාදානයෙහි යුහුසුලු වූවාක්මෙන්ම දුඃඛ වේදනා දැරීමෙහි ඉවසිලි ඇතිවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ශුද්ධවූ රෝමානු සභාවේ නිරතුරු අවනත කීකරු පුත්‍රවන ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දුර්ලබ්ධි වේද භේදයෙහි අමුතු මාර්ගයන් හා කපටි වචන කෙරෙහි අධික ලෙස භය ඇතිව සිටියා වූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දිළිඳුන්ට සුවිශේෂය දෙසිමට දෙවියන් විසින් විශේෂයෙන් තෝරාගනු ලද්දාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ගුරු ප්‍රසාදීන්ගේ දයාබර පියාණන්ද සම්පුර්ණ ආදර්ශයද වන්නාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • මිසමි සමාගම් ස්ථාපිත කිරීමෙන් ප්‍රඥාවන්තකම ප්‍රකාශවුණාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දයාවේ කන්‍යාස්ත්‍රින්ගේ සමාගම පිහිටුවීමෙන් ඥාණවන්තකම ප්‍රකාශවුණාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • දුගීන්ගේ අගහිගකම් කෙරෙහි නිරතුරු මොලොක් දයානුකම්පා දක්වමින් ඔවුන්ට පිළිසරණවීමෙහි නිරතුරු යුහුුසුලුවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • යාච්ඤා කිරීමෙහිත් දේව වාක්‍ය දෙසිමෙහිත් එකාකාර ජවලිතව සිටියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ජේසුස් ක්‍රිස්තුන් ස්වාමිදරුවන්ගේ චරිතයත් ධර්මගුණවලුත් සම්පුර්ණ ලෙස අනුසාර කළාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • අයහපත් දේ වැළකීමත්, යහපත් දේ ඉටු කිරීමත් දිවි හිමියෙන් ඉෂ්ට කළාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ජීවිත කාලයේදීත්, මරණ අවස්ථාවේදීත් දෙවියන් අභිමුඛයෙහි අත්‍යානර්ඝව සිටියාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • පරම සත්‍යයන් දැනගැන්මෙනුත් මහෝත්තම යහපත් ප්‍රේම කිරීමෙනුත් අනන්ත භාග්‍ය ප්‍රීතියෙන් පිණා සිටිමෙනුත් සම්පුර්ණ සැපත භුක්ති විඳින්නාවූ ශුද්ධවූ විසෙන්ති පාවුලු මුනින්ද්‍රයනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ශුද්ධවූ සභාවෙහි සහභාගීන් උදෙසාත් විශේෂ කොට මේ සහෝදර පංක්තියෙහි සාමාජිකයන් උදෙසාත් යාච්ඤා කළ මැනව

  • දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයා නිසිමගින් ගෙනගිය සේක

  • ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයද පෙන්වා දුන් සේක

 

යාච්ඤා කරම්භ සර්වේශ්වර වූ දෙවියනි / දිළිඳුන්ට සුවිශේෂය දේශනා කිරීම පිණිසත් / දුඃඛිතයන් සැනසීම පිණිසත් / අසරණයන්ට පිළිසරනවීම පිණිසත් / පූජාප්‍රසාදි තත්වය අමුතු ප්‍රභවයකින් / අජ්වලිතකරවීම පිණිසත් / අප මේ වර්තමාන කාලයේදීම / ඔබගේ භාග්‍යවන්ත දාසයාවන / විසෙන්ති පාවුලු මුනිඳුන්ගේ / අපෝස්තලික දයාවන් / බැහැපත්කමත් මාර්ගයෙන් / ඔබගේ අති ස්නේහය පුත්‍රයාණන් ගේ / ජවලිතා අධ්‍යාසය / අලුත් කරන්නට / ඔබගේ අපරිමිත දයා යහපත්කමින් / ඔබ වහන්සේ අභිමත වී වදාළ සේක් වේද? / අපත් පාපය නමැති / මහත් කාලකණ්නි තත්වයෙන් මිදී / විසෙන්ති මුනිඳුන් පරිචිත කළ බැහැපත්කම අනුසාර කිරීමෙන් / ඔබ වහන්සේ සතුටු කිරීමට / උත්සාහ කරන සැටියට / එතුමාගේ මධ්‍යස්ථකමින් / අපට වරම් දෙවා වදාරණවා සොඳේ මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්