ශුද්ධවූ විනිප්‍රීඩා කන්‍යාවගේ ප්‍රාර්ථනාව
ශුද්ධවූ විනිප්‍රීඩා කන්‍යාවගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධවූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ඉංග්‍රීසි ගෝත්‍රයෙහි වංශාධිපති දෙගුරුන්ගේ රාජ කුලයේ උපදින්නට වාසනා ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- එංගලන්ත මහා රාජ්‍යයට හිමි වේල්ස් නම් කුමාර පදවියෙහිද තවත් ස්ථාන වලද නොයෙක් ප්‍රාතිහාර්ය පෙන්වමින් පිහිට වුනාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- මව්පිය දෙදෙනා විසින් ලෞකික ලීලාවට පත් වෙන්ට ඉඩ නොතබා ධර්මිෂ්ඨ ලීලාවෙන් ඇති දැඩි කරනු ලැබුවාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ධර්මයෙන් ඉගෙන ගන්ට බෙනෝ නම් ධර්මිෂ්ඨ පූජා ප්‍රසාදින් වහන්සේට දෙගුරුන් විසින් භාර කරනු ලැබුවාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- බෙනෝ නම් ධර්ම ගුරුවරයා ජනයන් හට දම් දෙසන කල්හි පාමුල වැටී හිඳ දේව වාක්‍යයට ඇහුම්කන් දුන්නාවූ ශුද්ධවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ක්‍රමයෙන් සකල ධර්මයන් සකලාකාරයෙන් අවබෝධ කර ශීලයෙහි වර්ධනය වුනාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- බාල වයසේදීම ලෞකික සැප සෙල්ලමෙහි සිත නොයොදා කාරබන්ධනයෙන් මට කාරී නැතැයි කියා කන්‍යා ශුද්ධිය ආරක්ෂා කරන්ට අදහස් කළාවූ ශුද්ධවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- තමන්ගේ මාමා වන බෙනෝවහන්සේ අතින් කන්‍යා තපස් සළුව ලබා පැළඳ ගත්තාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- රජ්ජුරුවන්ගේ අග්‍ර මන්ත්‍රිවරයා වූ ඔබගේ පියා විසින් සාදන ලද කන්‍යාරාමයට තවත් ශුද්ධ කන්‍යාස්ත්‍රින්
- කීපදෙනෙකුන් කැටුව ඇතුල් වුනාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- එහිදී තමන් තත්ත්වයට හිමි සියලු දහම් රකිමින් සාන්ත දාන්ත කමේ වර්ධනය වුනාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- එරට රජුගේ කාර්දොන් නම් දුෂ්ඨ කුමාරයා අපිරිසුදු ආලයෙන් කාර බන්ධනයට හෝ පාපයට හෝ පත් කරවා ගැනීමට යෙදු උපායවල් හෙළා දැක්කාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ දේව දූත ලිලාවෙන් යුත් කන්‍යා ළඳක්ව මරණයට පත් වෙතත් පවට නොපැමිණෙමියි සිත විර්යකර ගත්තාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- දුෂ්ඨ කාරිදොක් මේ ගැන සිත ක්‍රෝධ වී මරන්ට එළවා ගෙන යන අතර ගැලවෙන්ට දේවස්ථානය දෙසට දුවගියා වූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- පාපයට පත් වෙන්ට බැරිය කී නිසා සිරස කපනු ලැබ මැරුම් කෑවාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- මැරුවා වූ දුෂ්ටයා පිට දේව උදහස් පැමිණ පොළව විවෘතව ඔහු ගිල ගත්තායින් තමන්ගේ බලවන්ත කම ප්‍රකාශ කරන්ට දෙවියන්ගෙන් වරම් ලබන්නට වාසනා ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- සිරස වැටුණා වූ ස්ථානයෙන් නිර්මල ජල උල්පතක් පැන නගින්ට සැලැස්සුවාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- මේ ජලය මහා ඖෂධයක් වී නොයෙක් ආකාර රෝග වලින් පෙලෙන්නා වූ අයට එයින් සුව ලබා දෙන්ට වරම් ලද්දාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ස්වකීය මාමා වන බෙනෝ තුමන්ගේ යාච්ඤා හේතු කොට ගෙන දෙවියන් විසින් පණ පිහිට වනු ලබන්ට වාසනා ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ධර්මය නිසා ගෙළ කැපූ බවට කර වටේ රන්වන් මාලයක් මෙන් රක්ත ලක්ෂණයක් ජීවිතාන්තය දක්වා ඇතිව සිටින්ට හේතු ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- දක්ෂ වෛද්‍යචාරින් විසින් පවා සුව කරනු නොහැකි භයංකර ලෙඩ දුක් වලින් පීඩිත වූ අය වලුන්ට පුදුම සුව ලබා දෙන්ට ප්‍රාතිහාර්ය වරම් ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- අවයව වාරු නැතුව කොර වූ අය ශරිර ශක්තිය ලබා කඩිසර ලෙස ගමන් කර වන්ට වරම් ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- අන්ධ අයට පෙනීම ලබා දෙන්නාවූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- කීර්තිලත් ප්‍රාණ පරිත්‍යාගි කන්‍යා අඟනක් මෙන් සභාව ආලෝක කරන්නට හේතු ලත් විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ඔබ නමින් පසිඳු ලිඳෙන් නානවුන්ට සුව ලබා දෙන්නා වූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- විශ්වාස හීන අය විශ්වාසයෙහි වර්ධනය කරවන්නා වූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- මිත්‍යා සමයන්හි මුළා වූ අය සත්‍යාගමට පමුණුවන්නා වූ විනිප්‍රීඩා මුනිශ්වරිනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස
- උත්තරය - ශුද්ධවූ විනිප්‍රීඩා මුනිශ්වරියනි, අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්ව වල්ලභ වූ අනාදි අනන්ත වූ දෙවියනි, ඔබගේ ප්‍රිය දාසිය වූ ශුද්ධවූ විනිප්‍රීඩා කන්‍යාවගේ ප්‍රාතිහාර්ය වරම් හේතු කොට ගෙන නිමක් නැති පව්කාරයෝ ධර්මයට හැරී ධර්මිෂ්ඨයෝ සුකෘත ජීවිතයේ හැසිරී, සකල උපද්‍රව වලින් ගැලවී, මෝක්ෂ මාර්ගයට පැමිණුනෝය. එබැවින් උන්වහන්සේගේ යාච්ඤා අසා සකල විධ අන්තරාය වලින් අප ගැළවී මරණින් පසු නිත්‍ය මෝක්ෂ ජීවිතය ලැබීමට වාසනාවන්ත වෙන ලෙස අපට කරුණා කර වදාළ මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්