ශුද්ධවූ ලොරෙන්සු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ ලොරෙන්සු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ගරු වංශ කුලයෙන් ජනිත වුනාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ස්පාඤ්ඤ රාජ්‍යයේ උපන්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සිසතුවන ශ්‍රේෂ්ඨ ගුරු විසින් රෝමනුවරට ගෙනියන්නට යෙදුනාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සරණ මඟුල් නිසරුකොට ගුරු වෘත්තිය තෝරාගත්තාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- දේව පූජාචාරියන්ට ප්‍රසාදා චාරිකොට තෝරාගන්නට යෙදුනාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- අද්භූතවූ වෘතශුද්ධිය රක්ෂා කළාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- බැගෑපත් වීමෙනි ගැඹුරු වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- මහත් සාන්ත දාන්තකම් පැවැත්තුවාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ලෝක සම්පත්තිය ත්‍යාජකොට දිලිඳු භාවය පැවැත්තුවාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සර්ව සුකෘතයන්හි වැඩි වුනාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ශ්‍රී සභාවේ භාණ්ඩාගාරික වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ශුද්ධවූ සභාවේ දිළිඳුන්ට තිබුනාවූ මුදල් කරණකොට පීඩා වින්දා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- දේව ප්‍රේමයෙන් ප්‍රානය දෙන්ට ආසාවුනා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සිසතුවන ශ්‍රේෂ්ට ගුරුතුමන් මරණයට ගෙනයනු දැක තමාට එවැන්නක් නොලැබුනායින් දුක් වුනාවූ ශුද්ධවූ ලොරෙන්සු
- ශුද්ධවූ සභාවේ මුදල් උදෙසා දේසිවූ අභිනායකයා විසින් දඟගෙයි දමන ලද්දාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සිරේ සිටින සිළු යන අන්දයාට ඇස් පැහැදීමත් ක්‍රිස්තු විශ්වාසයත්, දුන්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- තවත් බොහෝ අන්ධයින්ට ඔබගේ ස්පර්ෂයෙන් පමණක් ඇස් පැහැදෙව්වා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- හිප්පොලිත්තු හා ඔහුගේ කුටුඹයත්, ක්‍රිස්තු ආගමට හැරෙව්වා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ සභාවේ වස්තු සියල්ලම තුන්දිනක් අතරේදී දරිද්‍රයින්ට දානය කෙරෙව්වා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- දුක්පතුන්ගේ සමූහය දේසිවූ අභිනායකයාට පෙන්වා මේ ශ්‍රී සභාවේ සම්පත් යයි වදාළාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවෙනි නිමිත්තයෙන් කසසම්මැටිවලින් වදවින්දා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවැනි වද විඳිනකල තමන් වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගියන් සමග ඔබ එක්කර වදාළ දෙවියන්ට ස්තූති කළාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවෙනි ස්තූති පිණිස දේසිවූ අභිනායකයාගේ ආඥාවෙන් නැවත වඩා රෞද්‍ර වදවින්දාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවෙනි නෙස්ටුර ගාවිනාවල් නොබලා දැන් පර ලෝක නිධානවල් ලබන්නෙමි තුමුගේ වදවලට භය නොවෙමි කියා දේසිවූ අභිනායකයාට හඬනගා වදාළා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ඒ බව දේසිවූ අසා නැවත අමුතු කසසම්මැටිවලින් ඔබට තලන්නට වන් කළ මෙවෙනි සෙල්ලමට නිතිපතා සතුටු වෙමැයි වදාළා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එබඳු නෙස්ටුර පහරවල් විඳිනකල ක්‍රිස්තු ස්වාමිදරුවන් බලා ආත්මය ඔප්පු දුන්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවෙනි යාච්ඤාවට ආකාසයෙහි ප්‍රති උත්තරයේ තව ඔබට ක්‍රිස්තු ස්වාමි දරුවන් උදෙසා කටුර සංග්‍රාම සැදී තිබෙනවාය කියා ප්‍රතිඋත්තර ලැබෙන්ට හේතු ලද්දාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ඔබගේ සිරි වතට ගල් ගැසීම වදින කල දෙවියන්ට ස්තූති කිව්වා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- වින්ද කටුර පහරවලින් ලේ ප්‍රලයකොට වැගුරුවා වූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ඔබගේ රුධිර දේවදූතයෙකු විසින් පිස දමන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවෙනි අත්භූතයදුටු රෝමානු කියන අන් ඇදහිලිකාරයාව ස්නානය කරන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- අන් දෙවියන් නොවදින සැටියට උකුත්වෙන්ට එක්සිත්ව සිටියාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- එවැනි ධෛර්ය පිණිස යකඩ මැස්ස මත්තෙහි සයනයවී ගින්නෙන් පිලිස්සුනාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- දේව භක්ති වේගයෙන් මහත් වූ ධෛර්ය ගෙන එවෙනි කටූරවූ අච්චු ඉවසුවාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- මෙවෙනි නෙස්ටුර වදවලින් ආත්මය දෙවියන්ට ඔප්පු දුන්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- පරලොවේ දේව සම්මුඛයෙහි කුහුල් භරිත වෙන්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- දේවදූතයින් සමග නිත්‍ය භාග්‍ය විඳින්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සියලු ප්‍රාණපරිත්‍යාගිවරුන් එක්ක මඟුල් පෙළහර පාන්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- සියලු මෝක්ෂවාසිවරුන් සමග ආනන්ද සන්තෝෂ විඳිමින් සිටින්නාවූ ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුලද්දන් වෙන ලෙස
- උත් - ශුද්ධවූ ලොරෙන්සු මුනින්ද්‍රයනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අප මැවුම්කාරවූ සර්වේශ්වර වූ දෙවියනි, සකල දයාවන්තකමට කාරණාවූ පියාණනි. කරුණාහරිත ස්වාමිනි, ඔබ වහන්සේ ශුද්ධවූ ලොරෙන්සු මුනිඳුන්ට සියලු සුකෘත රක්ෂාකරීමේ ශක්තියද විශේෂකොට ඔබ කෙරෙහි නොසෙල්වෙන විශ්වාසයද දෙවාවදාරා එයින් උන්වහන්සේ ශරීරය නොතකා සියලු ගැස්මද වේදනාවලට භයනොවී අධික අච්චුවිඳින්ටත් වරම් දෙවා වදාළ සේක. එබැවින් අප විසිනුත් අපේ දුර්ගුණ අත්හැර ඔබගේ වේද විශ්වාසයෙහි නොසෙල්වෙන වෘඩිගෙණ ලෝකය ශරීරය යක්ෂයා යන සතුරන් තුන්දෙනාගෙන් යෙදෙන ශරීර ලෙඩදුක් කිසිවකට භයනොවී ඔබගේ විශ්වාසය උදෙසා මේ ලෝකයේදී ජීවිත දෙන්ටත්, පරලෝකයේදී ඔබ වහන්සේව දකින සැටියටත්, අපට කරුණා කර වදාළ මැනව. මෙකීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්