ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- දේවාශිර්වාදයෙන් පූර්ණ වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ස්ප්‍රීතු සාන්තු වරමින් පූර්ණ වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු තුමන්ට බොහෝ කොට ස්නේහවුනාවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- භාග්‍යලත් කන්‍යාමරියතුමියගේ ආනන්දයවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- මහා වෘතශීල ගුණැති යෞවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- සුරදූතයෙක් හා සමාන යෞවනයෙක් වන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- අවනතභාවයෙහි ආදර්ශය වන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- යටහත්පහත් කමින් පූර්ණ වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ක්ෂාන්තියෙන් ආශ්චර්ය යුක්තවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- වස්තු සම්පත් නිසරු කළාවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- නිරර්ථක දේවලට වෛර වුනාවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- තාන්න මාන්නාදිය ත්‍යාජකර හැරියාවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- රාජ කුමාරයන් අතරෙහි ආලෝකය වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- මාහැගි මාණික්‍යවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- අති මෘදුගුණයෙන් යුක්තවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- පංක්තියේ නියෝග ජ්වලිත ලෙස රක්ෂා කරමින් විසුවාවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ආත්ම ගැළවීමට අති සන්තුෂ්ටවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ශුද්ධවූ ඉග්ගාසියුස් මුනිඳුන්ගේ පිහිටෝපකාර විශේෂ ලෙස ආරාධනාකර සිටියා වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන්ගේ වරප්‍රසාද ප්‍රාතිහාර්යයක් වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ශුද්ධ වූ සත්ප්‍රසාද වහන්සේ ඉදිරියෙහි සුරදූත ලීලාවෙන් වැඳ නමස්කාර කොට පැවතුණ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- භාග්‍යවන්ත කන්‍යාමරියතුමියට විශේෂයෙන් කැපවුණාවූ දාසයෙක්වන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ස්වර්ගිය ශක්තියෙන් සම්පන්න වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- යක්ෂයින් පරාජය කර හරින්නා වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- තරුණයන්ගේ අදෘශයක් වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- බාලයන්ගේ විශේෂ රාක්ෂාධිකාරවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- කන්‍යාවන්ගේ දර්පණයවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- වික්ෂිප්තයින්ගේ අති මධුර සැනසීමක් වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- නිර්මල පද්මයවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- කයදුෂ්කර දර්පණයවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ජේසු පංක්තියේ දීප්තිමත් ආභරණය වන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ශුද්ධ වූ සභාවේ බබලන ආලෝකය වන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ආශ්චර්ය කිරීමෙහි වල්ලභවූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- අපේ යහපත් ආරක්ෂාකාරයාවන ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයනි
- ප්‍රසන්නව - අපට ක්ෂමා වුව මැනව ස්වාමි
- ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ඇස්වල තෘෂ්නාවෙන්
- ජීවිත අහංකාරයෙන්
- ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනිඳුන්ගේ කුසල් හේතු මහිමය හා මැදිහත්වීම බලා
- උන්වහන්සේගේ දේවදූත ගුණයෙන් බඳු පිරිසිදුකම බලා
- උන්වහන්සේගේ සුවිශුද්ධ භාවය හා තේජවන්තකම බලා
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන පිණිස
- ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ ස්වර්ගිය ප්‍රසාද දායකවූ දෙව් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ යෞවන වූ ශුද්ධවූ ලුවිජි ගොන්සාගා මුනින්ද්‍රයාණන් විශ්ම ජනක නිර්දෝෂ භාවයෙන් හා අද්භූත පශ්චාත්තාප ලීලාවෙන් සංයෝජිත කළ සේක් වේද? එබැවින් එවැනි නිර්දේශභාවය රහිත වූ අප විසින් එතුමාගේ පශ්චාත්තාප ගුණයෙන්වත් සම්පූර්ණයෙන් සැරසෙනු පිණිස අපට කරුණා කළ මැනව මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන්