ශුද්ධවූ ලාසරස් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ ලාසරස් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ ලාසරුස් මුනින්ද්‍රයනි
- වංශකුල මහිමයෙන් හා දේව භක්ති ඇති මවුපියන්ගෙන් ජනිත වුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- බෙතානිය කියන ග්‍රාමයෙහි අති සුවඳ කුසුමක් මෙන් උද්දීප්ත වුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- මාර්තා මරියා යන නම්ලත් දෙදෙනාගේ සහෝදරයෙක් වූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් දැක උන්වහන්සේගේ ශ්‍රී වාක්‍ය අසනු ලෝබයෙන් සාපිපාසයෙන් තැවී සිටියාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් පසු පස්සේ ගියාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් විසින් පන්දහස් ජනයන් සම්පුර්ණ කළ ආහාර වැලඳීමට භාග්‍ය ලැබුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- පූප සතකින් හා මත්ස්‍යයින් දෙදෙනාගෙනුත් එම පන්දහස් සෙනඟ සාගිනි නිවා පැස් දොළසක් ඉතුරුවූ ඒ ප්‍රාතිහාර්ය දකින්ට භාග්‍ය ලැබුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ දේවත්ව දැනගන්ට වරම් ලද්දාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් සමග කථා බස්කරන්ට වාසනා ලද්දාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් දේශනා වදාරමින් වෙහෙසවූ කල ඔබගේ නිවාසයෙහි සැතපීමට පහසුකම් සැලසුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- මාර්තා මරියා සමග ස්වාමිදරුවන්ට බොජුන් පිළියෙල කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබ සන්තක දේපල වියදම් කිරීමෙන් ක්‍රිස්තු සවාමිදරුවන්ට මාර්ගෝපකරණ සම්පාදනය කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී වාක්‍ය දැන ඇඳින එතුමන් සමග විසුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- දිව්‍ය තේජස් ප්‍රකාශ වීමට ලෙඩින් පසුවුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබගේ රෝග ව්‍යාධිය ස්වාමිදරුවන්ට සැලවී මැරුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- දේව අනුසස් මහිම ප්‍රසිද්ධවීම පිණිස මැරී තැන්පත් කරන ලද්දාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබ නැසුණු බව ස්වාමිදරුවන් දැන ලාසරුස් මැරුණේ නැත සැතපෙන්නේය යන ශ්‍රී වාක්‍ය ලැබුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබ වහන්සේ මළ ස්ථානය දැක බොහෝ දෙනෙක් දේව ඇදහිල්ලට පැමිණවීමට භාග්‍ය ලැබුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබගේ මලෝත්පාදනයේ ප්‍රාතිහාර්ය දැක ජුදයින් ක්‍රෝධයට පැමිණුනාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමිදරුවන් වෙත අධික භක්ති ප්‍රේමයෙන් ජීවත් වුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- සේනාකුළු කියන පින් ශාලාවේ යාච්ඤාවෙන් හිඳ ස්ප්‍රීතු සාන්තු වැඩවමන දින බලා සිටියාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- අපෝස්තුළුවරු හා දේව මෑණියන් ඔබ තුමන් සමග යාච්ඤා කර සිටින කල ස්ප්‍රීතු සාන්තු වරප්‍රසාද ලබා ගත්තාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ඇදහිල්ල වැඩි වර්ධනය වීමට දේවා අනුසස් ප්‍රාතිහාර්ය පෙන්වන්නට වරම් ලද්දාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- යක්ෂයින් විගමනය කරන්ට වරම් ලද්දාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- වසංගත ආදී විවිධ රෝගවලින් අනේක රටවල් රක්ෂාකරන්ට වරම් ලද්දාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ඇදහිල්ල දියුණුවී යන බව දැන ජුදෙව් වරු ඔබ වහන්සේ සමග කෝප වී සුළු නැවක සිරිකිරීමට සලස්වනු
- ලැබුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- එම සුළු නැවේ කුඹගස් සුක්කානම යනාදි කටයුතු කිසිවකුත් නැතිව ඔබගේ සහෝදරියන් වූ මාර්තා, මරියා සහ මක්ෂිමු කියන ගෝලයකුත් කැටුව විසුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- සුළු නැව තුළේ එක් අවුරුද්දක් පමණ සිට ආහාර පානය නැතුව සමුද්‍රයෙහි පසුවුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඒ කාලයේදී දේව දූතයින්ගේ උපකරණ නිමිත්තයෙන් ආරක්ෂා වුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- මුහුදේ සියලුම අන්තරායවලින් ගැලවී මාර්සේල්ස් නුවරට ගොඩබැස්සාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- එවැනිවූ ආශ්චර්ය දැක තිමිර අන්ධකාරයෙහි ගිලී සිටිය ඒ නුවර අන් ඇදහිලි කාරයින් ගෙන් දේවාගමට හැරුනු අයවලුන් ප්‍රසාද ස්නාපනය කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- මාර්සේල්ස් නුවර රාජගුරු ප්‍රසාදි ලෙස වැඩවිසුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබගේ අද්භූතවලින් ක්‍රිස්තු ඇදහිල්ල දියුණුවී යන බව දැක අවසමයක්කාරයන් රොස්වී ඔබව මරන්ට කුමන්ත්‍රණ කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- මාර්සේල්ස් නුවර අවසමයක්කාරයින්ගේ නෙරෙක්කු නිසා වනාන්තරගත වුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- වනාන්තරයේ ගල් ගුහාවේ සැඟවී ඒ රටේ ක්‍රිස්තියානි කාරයින්ට දේවාගම උගන්වා උන්නාවූ ශු. ලාසරුස්මුනින්ද්‍රයනි
- තිබේරියුස් කියන රෝමේ අභිනායකයා ක්‍රිස්තු ආගම විනාශ කරන්ට උත්සාහය කරන හෙයින් එම ගල්ලෙනේ ඉඳ දේවාගමේ කටයුතු සිද්ධ කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- එවැනි ලෙන තුළේ ඉඳ දාවල් අත්හැර රාත්‍රි පමණක් ආගම සිරිත් පැවැත්තුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- එම ගල්මැද්‍රැ තුළේදි රාත්‍රිගත වේලාවේ රහසින් සැඟවී දේව වන්දනාමානය කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- සත් අවුරුද්දක් එම ගල්මැදුර තුළේ පසුවුණාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- චතාරික දිනවල මහා බ්‍රහ්ස්පතින්දා මහා සිකුරාදා දුක් මංගල්‍යයට යන සෙනඟ දැක සතුරුවූ අභිනායකයාගේ ආඥ පණතෙන් දෙසියයක් සෙනඟ සමග සිරේ දමනු ලැබුවාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ආගමට සතුරාවූ අභිනායක රජු විසින් සිරස කප්පවනු ලැබ කුසල් පිරුනු ඔබගේ ශුද්ධවූ ආත්මය දෙවියන්ට ඔප්පු දුන්නාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ඔබගේ ශ්‍රී කඳ ධාතුව මාර්සේල්ස් නුවරෙහි මේ වනතුරු බොහෝ පෙළහරින් පවත්වන්නාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- මාර්සෙල්ස් රාජ්‍යයේ වසංගත රෝගයකින් රටේ සැමතැන පීඩිත වූ කල එවකට ඒ රටේ රාජගුරු ප්‍රසාදින් වහන්සේ එකී ශුද්ධවූ ධාතුව වඩවාගෙන ඇවිත් යාච්ඤා කළායින් ඒ වසංගත නිවාරණය කළාවූ ශු. ලාසරුස් මුනින්ද්‍රයනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අපි හේතුවන්ත වන ලෙස
- උත් - ශු. ලාසරුස් මුනින්ද්‍රයනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වවල්ලභවූ අනාදි අනන්ත දෙවියනි ඔබ වහන්සේගේ දාසයා වන ශුද්ධ වූ ලාසරුස් මුනින්ද්‍රයා නිමක් නැති අද්භූත සිද්ධකර ගණන් නැති, පව්කාරයින්ට ධර්ම මාර්ගයත්, මිථ්‍යාදෘෂ්ටින්ට ආගම එලියත්, රෝගින්ට ආරෝග්‍යයන් දී ඔබගේ ශ්‍රී කුමාරයා වන අමෘතබර වූ ජේසු තුමන්ගේ අධික ප්‍රේමයට හේතුවන්ත කර උන්වහන්සේගේ ද්විසැත්තෑ ගෝළයින්ගෙන් එක්කෙනෙකු වෙන්ට කරුණා අභිප්‍රාය වුණාවේද? අප සියල්ලන් මෙම මුනින්ද්‍රයාගේ යාච්ඤාවෙන් ශරීර උපද්‍රවයන්හි පිහිට ලබන්ටත්, පාප බන්ධනයෙන් මුදා හැර නිදහස් වෙන්ටත් ඔබ සිටින මෝක්ෂ රාජ්‍යයේ භාග්‍ය ලබා ගන්ටත් අපි ඔබ වහන්සේට යාච්ඤා වෙමු. මෙකී සියලු දේම අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්