ශුද්ධවූ රෝකුස් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ රෝකුස් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
 
      • ස්වාමිනි කරුණා කළ මැනව
      • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
      • ස්වාමිනි කරුණා කළ මැනව
      • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
      • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
      • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
  • ශුද්ධ වූ දේව මෑණියනි
  • කන්‍යාති කන්‍යාවෙනි‍
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ප්‍රංශ රාජ්‍යයෙහි ආනන්ද සම්පුර්ණ කීර්තියක් වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • වංශ කුල මහිමයෙනුත් ඓශ්චර්ය සම්පත්තියෙන් පූර්ණ වූ දෙගුරුන් ගෙන් ප්‍රංශයේ පෙසුලානු නමැති ස්ථානයෙහි උපන්නාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ළාබාල වයසේදීම ධර්ම වෘද්ධිය අත්කර පවතින්ට වරම් ලද්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි
  • උපතට පසු ඔබගේ බොළඳ ශරීරය සුවද විහිදී චන්ද්‍රාලෝකයක් මෙන් බැබලී තිබෙන්නට වාසනා ලද්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • දොළොස් වයසේ පටන් ලෝක ආලය ත්‍යාජ කර ශරීර දුෂ්කර ක්‍රියා වලින් පීඩිත කර විසුවා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ස්වකීය සම්පත් දූගී දිළිදුන්ට දානය කළා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • පරහට දයා කළෙන් දේව දයාබර කම් ලබන්නට වාසනා කළා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ධර්ම වෘද්ධිය රක්ෂා කරනු පිණිස සියලු සැප අත්හැරියා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • මෝහ ගිනි තාපය සහ ලෞකික ආලය මර්ධනය කර වෘත ශුද්ධිය රක්ෂා කර ගනු පිණිස වම් කකුලේ වණ තුවාලයකින් වේදනා
  • වින්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • සිත දයා කම්පා පිරි අනුන්ගේ ජීවිතය උදෙසා ස්වකීය ජීවිතය මිළ කොට දෙන්ට ආසාවෙන් පැවතුනා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ඉතාලි රාජ්‍යයේ කොලරා නමැති වසංගතයෙන් බොහෝ දෙනා මිය යන බව දිවැසින් දැන විගස සිය රට හැර එහි ගියා වූ
  • ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ලෙඩුන්ගේ ආත්මයට හා ශරීරයට පිහිට උපකාර කරන පිණිස ඉතාලිය දිශාවේ හිස් පතුලෙන් ඇවිද නිම නැති අමාරුකම්
  • වින්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • රෝගීන්ට ආරෝග්‍යයදී බොහෝ අය ගලවා ගත්තා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ශුද්ධ කුරුසේ ලකුණ පමණින් වසංගත රෝග වලින් පීඩිත වූ බොහෝ දෙනා සුවපත් කළා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි
  • ඉතාලිය දිශාවේ හට ගත් වසංගත රෝග ඔබගේ යාච්ඤාවෙන් මුලුමනින් ම නැති කළාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • එම වසංගත නැති කළ ඉක්බිත්තෙන් සිය රටට ප්‍රවිෂ්ඨ වුනාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • අති උත්තම ධර්මිෂ්ඨයා යන ශ්‍රී නාමය දරන්නට වාසනා ලද්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • දේශාන්ත්‍රියයන්ගේ රක්ෂාධිකාර පියා යන උතුම් නාමය දරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • දෙවියන් වෙතද පරහට ද කළ දයාධික ධර්ම ක්‍රියා ආදියෙන් සම්පූර්ණව මරණ වේලාව දැන ගන්නට වාසනා ලද්දා වූ
  • ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ශු. සභාවේ දේව ප්‍රසාද නිධාන මහා භක්තියෙන් ලබා ගත්තා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • අමෘත බර වූ ජේසු තුමන්ගේ ද, ශු මරිය වහන්සේගේ ද ශ්‍රී නාමයන් උච්චාරණය කරමින් උකුත් වෙන්ට වාසනා ලද්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ඔබ වහන්සේ උකුත් වූ ඉක්බිති ලබා ගත් මෝක්ෂ මහිමය බොහෝ දෙනෙකුට ප්‍රකාශ වෙන්ට වාසනා ලද්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ඔබගේ රූපය කොන්ස්තන්සියා නුවරට ගෙන යන ලදින් ඒ නුවර පැවතුනා වූ සියලු වසංගත රෝග නිවාරණය කළා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ඔබට ස්තූති ප්‍රශංසා කර ආරාධනා කරන්නා වූ අය වසංගත රෝග වලින් සුව කරන්නාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • විශේෂ වශයෙන් වසංගත රෝග දුරු කර හැරීමට දෙවියන්ගෙන් වරම් ලබා ගත්තාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • අපගේ ශරීරයට හට ගන්නා වසංගත රෝග වලිනුත් ආත්මික වසංගත නමැති පාපයෙනුත් අප ගලවා ගන්නා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • දුගී රෝගීන්ට රක්ෂාධිකාර පියා යන නාමය දරන්ට වරම් ලද්දා වූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • අපගේ සකල උවමනා වලදී දෙවියන්ගෙන් පිහිට ලබා දෙන්නාවූ ශුද්ධවූ රෝකුස් මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අපි හේතුවන්ත වෙන පිණිස‍
  • උත් - ශු.රෝකුස් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වල්ලභ වූ දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ සෙනඟ කෙරෙහි අනුකම්පා වී පිළිගෙන ඔවුන්ගේ ශාරීරික ආත්මික සකල විධ රෝග වලින් නිරන්තරයෙන් ආරක්ෂා කළ මැනව. මේ කීදේ අපේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තු උදෙසා ම ලැබේවා - ආමෙන්