ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිතුමාට ප්‍රාර්ථනාව
ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිතුමාට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- සුපරි ශුද්ධවූ මරියනි
- අති ශුද්ධ ජපමාල රාජිණියනි
- නිරන්තරයෙන් දේව සම්මුඛයෙහි වැඩ සිටියාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- ක්‍රිස්තුන් වහන්සේගේ පක්ෂපාති සේවකයා වූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි ඉමහත් භක්ති ප්‍රේමයකින් දැල්වුණාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- කන්‍ය මරිය මාතාවන් කෙරෙහි භක්ති ආදරයෙන් යුක්තව සිටියාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දකුණු ඇමරිකානුවන්ගේ ආරක්ෂකයා වූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- පොළොවේ සිට ස්වර්ග විමානය දක්වා ඔසවනු ලැබුවාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- අති ශුද්ධ ජපමාල ධ්‍යානයට ප්‍රියකළාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දයාවේ අපෝස්තුළුවරයා වූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දේව ජනතාවගේ සුවසෙත සඳහා අති යුහුසුළුවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- අන්‍ය දේශවලට පවා අද්භූතාකාරයෙන් ගෙන යනු ලැබුවාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දේව සේවයට කාලයත් දුරත් බාධා කර නොගත්තාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- පව්කාරයන්ගේ හැරීම සොයන්නාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- පාපයට වහල් වුවන් ගේත් පසුතැවිලි වන්නන්ගේත් ආරක්ෂකයාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- පාප අඳුරෙහිත් කනස්සල්ලෙහිත් ගැලී සිටින්නන්ට උපකාර කරන්නාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දුඃඛිතයන් හා කැළඹුණු සිතැත්තන් වෙත අනුකම්පාවෙන් පිරුණාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- අධෛර්ය වූවන්ගේත් අවාසනාවන්තයන්ගේත් සැනසිලි කාරයාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- සකල විධ භේදාරිත්වයේදී සමාදාන කාරයා වූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- සකල විධ දුක් පීඩා වලදී කම්පිත වන්නාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- රෝගින්ටත් මළවුන්ටත් සැනසිලි කාරයාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- රෝගින්ටත් සිරගතවූවන්ටත් සුරදූතයකු බඳුවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- අසාධ්‍ය රෝගින් හට සුවය ලබා දෙන්නාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- තිරිසන් සතුන්ට පවා වෙසෙසින් ප්‍රේම කළාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- අනාථ දරුවන් හට රැකවරණය සලසා දෙන්නාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- ශුද්ධාත්මයාණන් තමන්ට දුන් බලය ගැන උදම් නොවී බැහැපත් කමින් පිලිගත්තාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දුගී ජනතාවගේ සාගිනි නිවීමට තමන් සතු දේ බෙදා දී නිරාහාරව සිටියාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දේව වචනයට කීකරුවීමේ මහා ආදර්ශය වූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- ශාරීරික වේදනා තමන්ටම දැනෙන පරිදි විද දරා ගත්තාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දුර්පරීක්ෂා වලින් ජය ගැනීමට ආත්ම දමනය ඇතිව සිටියාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දෙවිඳුන් කෙරෙහි ඉමහත් ශ්‍රද්ධාවකින් අන්‍යයන්ගේ මෙහෙකරුවකු වුණාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- දේව බලයෙන් දිවැසි වරම් ලද්දාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- ජාති භේද හා කුල භේද සමනය කළාවූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස
- උත්තරය - ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිදුනි, අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ බැහැපත් වූවන් උසස් කරන්නා වූ දෙව් ස්වාමිනි ඔබගේ උච්චාරණවාදියා වූ ශුද්ධවූ මාටින් ද පෝරෙස් මුනිඳුන් ස්වර්ග රාජ්‍යයට ඔසවා වදාළ ඔබ වහන්සේ එතුමාගේ මැදහත් යාච්ඤාව අසා අපටද එතුමන් සමග ස්වර්ග ආනන්දය භුක්ති විඳීමට වරප්‍රසාද දෙවා වදාළ මැනව. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා - ආමෙන්