ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • මහා පාපරාශියෙන් භරිතව සිටිහෙයින් නගරයෙහි විසූ පව්කාරියයි කියන ලද ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • පාපයෙන් භරිතව අවලක්ෂණ ආත්මයෙන් කාලකන්නිව සිටිය කල ගැලවුම්කාර තුමා ලොව පහලවූ බව අසා දැන ගත්තාවූ
  • ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ස්වකීය පාපයෙන් භරිතව ඉන් ගැලවීම ලබා ගැනීම පිණිස ජේසු ක්‍රිස්තු නමැති ගැලවුම්කාරයාණන් සොයා ඇවිද්දාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන් පරිසිවරයාගේ ගෘහයට භෝජනය පිණිස වැඩිය බව දැන එහි පැමිණ ස්වකීය පාපරාශියට කමාව ආරාධනා කරන්ට සිත නමාගත්තාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • පරිසිවරයා හා තවත් කීප දෙනෙක් පිරිවරා ජේසු තුමන් වැඩ සිටි ශාලාවට ස්වකීය පාප නිසා හට ගත් භය ලැජ්ජා කෝලය යනාදිය මැඩ පවත්වාගෙන ප්‍රවිෂ්ට වුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • එහි පැමිණ ස්වකීය පාපරාශිය උදෙසා හඬ හඬා සුසුම්ලමින් මනස්තාප වුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ස්වකීය පාප රාශිය නිසා ජේසු තුමන් ඉදිරියට යාමට භයෙන් උන්වහන්සේගේ ශ්‍රී පාද පාර්ශවී හඬා වැලපුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු තුමන්ගේ ශ්‍රී පාද පද්මයන් සිප වැළඳගනිමින් ඊමත්තේ කඳුළුසාගරය හෙලමින් ශ්‍රී පාද කඳුලින් ධෝවනය කර ස්වකීය හිසකෙසින් පිස දැමුවාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • සිමොන් නමැති උඩගු පරිසිවරයා මේ පාපිෂ්ට ස්ත්‍රිය කැයි ඔබ නිගරුකොට කල්පනා කළ සමයේදී ඔබගේ ප්‍රේමාන්විත පශ්චාත්තාප මහිමය ජේසු තුමන් විසින් ප්‍රකාශ කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • අති සුවඳ තෛලයෙන් ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී පාද ආලේප කළාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • සිමොන් මේ ගෙදරට මා ඇතුල් වූ කළ මාගේ පාද දෝවනය පිණිස නුඹ වතුර නුදුන්නෙහිය නමුත් මේ ස්ත්‍රී ස්වකීය කඳුලෙන්
  • එය ධෝවනය කර සිය හිසකෙසින් පිසදැමුවාය යන ප්‍රශංසා වාක්‍යය ස්වාමි දරුවන්ගෙන් අසන්ට වාසනා ලත් ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • නුඹ මා සිප වැළඳගත්තේ නැත. නමුත් මෑ මාගේ පාද සිප වැළඳ ගත්තාය යන වාක්‍යය අසන්ට වරම්ලත් ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • නුඹ මාගේ හිස ආලේප නොකලෙහිය. නමුත් මෑ සුවඳ තෛලයෙන් මාගේ පාද ආලේප කළාය යන වාක්‍යය අසන්ට හේතුලත්
  • ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • මෑ බොහෝසේ ප්‍රේම කෙළෙන් ඇගේ බොහෝ පාපයන්ට කමාව ලැබුණේය යන ගැලවීම දායක වාක්‍ය අසන්ට භාග්‍යගත් ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • යක්ෂයන් සත් දෙනාගෙන් ගලවනු ලදුව සියලු පාපයට ක්ෂමාව ලැබ ක්‍රිස්තු තුමන්ගේ මාර්ගයෙහි ගමන් කරමින් උන්වහන්සේට උපස්ථාන කළාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී පාද සමීපයෙහි වැඳ වැටී උන්වහන්සේගෙන් ධර්මය ඉගෙන ගත්තාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ වාක්‍යය නමැති දිව්‍ය භෝජනයේ ස්වර්ගිය රස විදිමින් උන්වහන්සේගේ ශ්‍රී පාද සමීපයෙහිම සිටීමට ප්‍රිය වුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ දුක්ෂය සියනෙතින් බලා ඒ ගැන අධික වේදනාවෙන් භරිත වුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු තුමන් බරවූ කුරුසය රැගෙන රෞද්‍ර මාර්ගයේ කපාලකන්දට ගමන් කරණ විට උන්වහන්සේ පසු පස්සේ යමින් කඳුළු හෙල හෙලා සුසුම්ලමින් සෝකභරිත වුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ස්වාමිදරුවන් අපගේ ආත්ම ගැලවීම උදෙසා කුරුසය මතුයේ ලේ හෙල හෙලා දුඛ්‍යභරිතව සිටි කල්හි කුරුසය යට හඬා
  • වැලපෙමින් සිටියාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ගැලවුම්කාරයාණන් වහන්සේ දුඃඛ මරණගත වේලෙහි අත්‍යන්ත ශෝකයෙන් පීඩිත වුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • තමාගේ ප්‍රිය හරිත ස්වාමිදරුවන් සොහොන් ගැබයෙන් තැන්පත් කළ කල්හි ස්වකීය හෘදය එහි තබන්ට කැමැත්තෙන්
  • සිටියාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ස්වාමින් වහන්සේගේ මෘත ශරීරය ආලේප කිරීම පිණිස සුවඳ ද්‍රව්‍ය හා සුවඳ තෛලය පිළියෙල කර අලුයම්වේලෙහි සොහොන් ස්ථානයට පැමුණුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • සොහොන්ගේ තදකර වසා තිබුණ මහත් ශෛලය පෙරලා තිබු බව දැක එපවත් පේදුරු තුමා හා ජුවාම් තුමාට සැනින් ගොස් දැනුම් දුන්නාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ඒ ගෝලයන් දෙදෙනා සොහොන්ගේ තුළ බලා ස්වාමි දරුවන්ගේ මෘත ශරීරය එහි නොමැති බව දැන ආපසු හැරී ගිය ඉක්බිති එම සොහොන් ස්ථානයේ හඬා වැලපී සුසුම්ලමින් හුදකලාව සිටියාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • එලෙස හඬමින් සොහොන්ගේ දෙස බැළුවිට එහි සිටි සුරදූතයන් දෙදෙනෙකු විසින් ස්ත්‍රිය නුඹ කුමක් නිසා හඬන්නිදැයි විචාලකළ ඔව්හු මාගේ ස්වාමිදරුවන් ගෙනගොස් කොහේදැමුවෝදැයි නොදන්නා හෙයිනි යි කීවාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ඉක්බිති හැරි බලන කල ස්වාමිදරුවන් දැක උද්‍යානපාලකයෙකැයි සිතා ස්වාමිදරුවන් ගෙන ගියේහි නම් කොහේ දැමුවේහිදැයි කියනු මැනව මම උන්වහන්සේ අරගෙන යමි යි ප්‍රේමාන්විත සිතින් කීවාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • එකල්හි දයාබර ජේසු තුමන් මරියා කියා ආමන්ත්‍රණය කෙළෙන් උන්වහන්සේ හැදින ප්‍රිති ප්‍රමෝද්‍යයවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • මෙලෙසින් ක්‍රිස්තු ස්වාමිදරුවන් මරණින් නැගිට වදාළ බව ප්‍රථමයෙන් දැක ඒ බව ගෝලයන්ට ප්‍රකාශ කළාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ස්වාමිදරුවන් ස්වර්ගාරූඩවෙනතෙක් උන්වහන්සේගෙන් තවත් ධර්මෝද්ග්‍රහණය කොට ඇතුළාන්ත ජීවිතයෙහි වික්‍රමාන්විත ලෙස වෘධිවුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු ස්වාමිදරුවන් ස්වර්ගාරූඩවූ ඉක්බිති ස්ප්‍රිතු සාන්තු තුමන් ලබා ගත විවේකභාවයට පැමිණ ජිවිතාන්තය දක්වා නිරන්තර ප්‍රේමාන්විත යාච්ඤා ධ්‍යානාරාධනා මාර්ගයෙන් ස්වාමිදරුවන් හා යොමුව පැවතුනාවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • පශ්චත්තාප වූවන්ගේ ධර්ම දර්පණයවූ ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන් ඉදිරියෙහි බල සම්පන්න වූ මධ්‍යස්තිනිය වන ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • පශ්චාත්තාපවූවන්ගේ ආදරණීය මධුර සෞම්‍ය මෑණියන්වන ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන පිණිස‍
  • උත්තරය - ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ මධුර වූ ජේසුනි, දයාබර ගැලවුම්කාරයාණනි, සෞම්‍ය ස්වාමිදරුවාණනි, ඔබගේ ප්‍රිය භරිත ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිගේ පශ්චාත්තාප කඳුළු හා යාච්ඤා පිළිගෙන අවංක පශ්චාත්තාප ලීලාවෙන් නිරතුරු පවත්නා පිණිස දේව ප්‍රේමය අපට දුන මැනවයි ඔබටම ආරාධනා කරම්හ - ආමෙන් ජේසු