ශුද්ධවූ බෙනඩික් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ බෙනඩික් මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • >‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
  • ශුද්ධ වූ දේව මෑණියනි
  • කන්‍යාති කන්‍යාවෙනි‍
  • කන්‍යාවන්ගෙන් අතිශුද්ධවූ කන්නියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • භාග්‍යවන්ත බෙනඩික් මුනින්ද්‍රයනි

  • නූර්සිය නුවරෙහි අලංකාර කුසුමක් සේ ප්‍රබෝධවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • බෙනදික්කු නම් ආශිර්වාද ලද්දා යන අර්ථ පැහැදියාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • ආශිර්වාද යුක්ත ක්‍රියාවලිත් සුකෘත ජීවිත කොට මහා ධර්මවාදී වුණාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • ලාබාල වයසෙහි ධර්ම සුවඳ විහිදෙව්වා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • තරුණ වයසෙහි ලෝක ඓශ්චර්ය සම්පත් අත් හැරියා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • රෝම නුවරෙහි පහන් තරු ප්‍රභාවක් සේ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්නූවාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • පණ්ඩිත අහරින් සිත් උඩඟුවෙතෙයි සිතා විවේක වාස තපසට වැඩියා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • බුද්ධි ප්‍රඥා ධර්ම විශේෂ දැනගන්ට වරම් ලද්දා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • වනාන්තරයෙහි ගල්ගුහාවක තපස් රැක සිටියා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • රෝමානුස් යන අයකු විසින් දානය කළ පූප පමණකින් වර්ෂ ගණනක් රැකි තපස් ශීලය රක්ෂා කළා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • මෙසේ වනවාසයෙහි පැවත දෙවියන් විසින් තමාගේ ධර්මයන් ලෝකයට ප්‍රසිද්ධවෙන්ට හේතු ලද්දාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • දෙවියන් විසින් එවන ලද ආහාර දැක ගෙනා අය හා සමඟ දේවස්තෝත්‍ර කියා අනුභව කළාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • දඩයක්කාරයන් දෙදෙනෙක් දඩකෙළියේ විත් දුෂ්ට මෘගයෙක් දොහෝයි සිතා මනුෂ්‍ය ගාත්‍රා දැක ඇදින ගනු ලබන ලද්දා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • දඩයක්කාරයන් විසින් ඔබ තුමන්ගේ ධර්මයන් ලෝකයට ප්‍රසිද්ධ කළාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • එයින් නොයෙක් අය ධර්මවාක් අසන්ට විත් පාප මාර්ගයෙන් ධර්ම මාර්ගයට කැඳෙව්වාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • ඉතා කඨුර ලෙස ආහාර වැළකීම රක්ෂා කළාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • ලෝක තාන්න මාන්නවලට ප්‍රිය නොවී මුළු ලෝකයම නිසරු කළාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • අති මධුර වූ ශුද්ධ වූ ගුණයෙන් සියල්ලන්ට අමෘත වුණාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • මනුෂ්‍යයන්ගේ ගැළවීම උදෙසා අති දයාධික තාපසයෙන් ඇවුලුණා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • දේවාගම විශ්වාසයෙහි නොසෙල්වන කනුවක් සේ පැවතුණා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • දේව ශ්‍රී වාක් පොත වෙත ඇති ස්ථිර ඇදහිලි සිතේ දරාගත්තා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • වස විෂ ලා බුදින්ට දුන් භෝජන පාත්‍රවල් කුරුසේ ලකුණෙන් පුපුරුවා කැබලි කොට හැරියාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • මෙයාදිකොට යක්ෂයා හා ලෝකයත් ජයගෙන දේව බලයෙන් නොයෙක් ප්‍රාතිහාර්ය පෙන්වා වදාළාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • කඳුපිට වාසය කළ තාපසයන් පිපාසයෙන් තප්තවූ කල දෙවියන්ට ප්‍රාර්ථනාකර ජල උල්පත පහදවා දුන්නාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • පරහට දයාවෙන් තමා සන්තක සියල්ල භික්ෂු දාන කළා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • තෝත්තිලය යන රජුගේ ආභරණ ගැන දිවස් කීවාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • වංචාවෙන් ගත් දේ දිවැසින් දැන දේව බලයෙන් ඒවා විෂ සර්පයන් වෙන්ට සැලැස්සුවාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • මනුෂ්‍ය සිත්හි මතු යෙදෙන දේවල් දිවසින් කියන්ට වරම් ලද්දා වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • සර්ව ධර්මාචාර සරුකොට ස්තූති වීමට ප්‍රාප්ත වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • තමන් වහන්සේ මෝක්ෂ ලබන්ට යන දින පෙර වාසයෙන් දැක ප්‍රශංසා කරන්ට වරම් ලද්දාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • උකුත් වෙන්ට පෙර දේව ප්‍රසාද සක්‍රෙම්න්තු සත්ප්‍රසාද ලබන්ට ගියාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • මරණයට පෙර වාසයෙන් භුමිදාන කරන ස්ථානය සැරසිලි කරන්ට අවසර දෙන ලද්දාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • තමන් වහන්සේගේ මෝක්ෂ හේතුව අනික් තාපසයන්ට දන්වන්ට වරම් ලද්දාවූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • වැඩ ඉඳ උකුත් වූ ලැගුන්ගෙයි සිට අහස පොවන තෙක් පන්දම් සහ සිදු සියුම් අතුළ මඟකින් මෝක්ෂ ප්‍රාප්ත වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • පෙර දක්වා තිබුණු දින වේලෙහි උතුම් මරණයෙන් මෝක්ෂ ප්‍රාප්ත වූ බෙනඩික් මුනින්ද්‍රයනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අපි හේතුවන්ත වෙන ලෙස‍

  • ප්‍රත්‍යන්තරය - ශුද්ධවූ බෙනදික්තු මුනින්ද්‍රයනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අහෝ අනන්ත කරුණා සයුර වූ අපගේ සර්වේශ්වර වූ දෙව් පියාණෙනි, ඔබ වහන්සේ විසින් තෝරාගත් අය අතුරෙන් ශු.බෙනදික්තු තුමන් ඔබ තුමන්ගේ මහිමය ලෝකයාට ප්‍රකාශ කර ප්‍රමාණ නැති අය පාප මාර්ගයෙන් ධර්ම මාර්ගයට ගෙන්වා ගන්ට කරුණා අභිප්‍රාය වුණා වේද? එබැවින් ඔබ වහන්සේ අපේ මේ නිර්භාග්‍යයවූ ද්වීප සත්වයින් වෙත දිවස් ලා ධර්ම වැසි වස්වන්ටත්, ඊට මෙහි වැඩිය එම දේවගැතියන්ට ශරීර සැප ඥාන බල ධෛර්යය ලැබී ඔබගේ අභිප්‍රාය ලෙසට අපව මෝක්ෂ මාර්ගයට ගෙනයනු ලබන්ටත් සැලැස්සුව මැනවයි කියා ඔබටම යාච්ඤා කරන්නෙමු මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන් ජේසු