ශුද්ධවූ බෘනෝ මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ බෘනෝ මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ මරියනි

  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • උපත් වේලාවෙහිම මතු ශුද්ධවන්ත භාවයේ ලක්ෂණ ප්‍රකාශ කළාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ඔබ වහන්සේ තාපස පිතෘකෙනෙක් වන බව බාල වයසේදී පටන් ලකුණු කීපයකින් ප්‍රකාශ කළාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • නොයෙක් ස්ථානවල අපෝස්තුළු වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • රෙමැන්සි නුවරෙහි මහිමයවුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • හේතු රහිත ගෝපාලයෙකුට විරුද්ධව ධර්ම සංග්‍රාමය කළාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ඔබගේ ගැඹුරුවූ පණ්ඩිතකමින් ශුද්ධවූ සභාව ආලෝකය කළාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ලෞකික මාන්ත තාන්නය හා ශ්‍රී සභාවෙහි උත්තම ඨානාන්තරවලින් වැලකී අවනත වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • සකල කාරණාවලදීද සකල ස්ථානයන්හිද යහපත් කමෙහි සිත යොමුකර දේව ගැතිවරුන්ගේ ආදර්ශය වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • කලහ ඝෝෂා සහිත ස්ථාන හැරපියා විවේක ස්ථානයට ප්‍රිය වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • යාච්ඤාවට පහසු ස්ථානයවන කඳුකර පලාත් හි වාසය කළාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • සිස්තෙර්සියෙන්සිස් නමැති උතුම් තපස් පද්ධතිය ස්ථාපනය කළාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ඔබගේ ධර්ම ගුණාංගයන් ස්වකීය ගෝලයන් අතරෙහි පැවැත්වීමට වරම් ලද්දාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ශුද්ධවූ ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ අඩි පාරේ ගොස් වනාන්ත්‍රයේ සුරදූතයන් සහ සුවඳ මලක් සේ ප්‍රකාශ වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි
  • තපස් ජීවිතයට ආදර්ශයක් වැනි ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • උසස් පර්වත මතෙහි වැඩනාවූ ඵලහරින වෘක්ෂයක් වැනි ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • හාත්පසින් අතු ඇති ඵල දරණ මුද්‍රික වැලක් වැනි ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • කටු පඳුරු මධ්‍යයෙහි වැඩෙන මානෙල් පද්මය වැනි ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ඔබගේ හෘදය දේව ප්‍රේමයෙන් තාපනයවී සර්වදයා යහපත් වූ දෙවියනි කියමින් ප්‍රේමය වැඩිකර ගත්තාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ප්‍රයෝග රහිත අවංක භාවයට අතිශය ප්‍රියවී ඊට ආදර්ශය වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ඔබගේ ධර්ම ජීවිතය හේතු කොට ගෙන මනුෂ්‍යයින්ගේ හෘදයෙහි අවගුණ මකා හැර එහි ධර්මය පිහිටෙව්වාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • මාංශ සහිත ස්වභාවෙහි මාංශ රහිත කෙනෙකු මෙන් ජීවත් වෙමින් ස්වර්ගයෙහි සුරදූතයන්ගේ ජීවිතයට අනුව මෙලොවෙහි
  • පැවතුනා වූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ක්‍රිස්තු ස්ථානිවූ ශුද්ධෝත්තම පියතුමන්ට යටහත් වෙන පිණිස ඔබට අති ප්‍රියවූ වනාන්ත්‍රය අත් අරින්ට සතුටු වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ශුද්ධවූ සභාවට ඉතා ස්ථිර ආධාරයක් සහ දේව මන්දිරයෙහි සත්‍යමාර්ගයක් වුනාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • රාජකුමාරවරුන්ට හා රාජගුරු ප්‍රසාදිවරුන්ටත් යහපත් අවවාද වදාළවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ශ්‍රී වාක්‍යයෙහි අර්ථය භක්තිලීලාවෙන් විසඳා දුන්නාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ඔබගේ ශුද්ධවූ ජිවිතයට විපාකය මෙන් යහපත් මරණය ලද්දාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • රෝග පීඩිතවුවන් උදෙසා මධ්‍යස්ථවී ඔවුන් සුවය ලබා දෙන්නාවූ ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස‍
  • උත්තරය - ශුද්ධවූ බෘනෝ මුනින්ද්‍රයෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අනන්ත දෙව් ස්වාමිනි ඔබ වහන්සේට විරුද්ධව බරපතල වරද කළාවූ අපට ඔබගේ මෙහෙකරුවා ශුද්ධවූ බෘනෝ මුනිදු තුමන්ගේ කුසල් හා මධ්‍යස්ත යාච්ඤා පිලිගෙන සැප ක්ෂමාවත් ඔබගේ වරප්‍රසාදයත් දුන මැනවයි ආරාධනා කරම්හ. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්