ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියනප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • නික්කෝමේදිය රාජ්‍යයෙහි අඥාන පියාණන්ගෙන් උපන්නාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • බාලවයසේදීම ස්වභාව නුවනින් සැබෑවූ දෙවියන් ඇදිනගෙන බොරු දෙවියන් ත්‍යාජ කළාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • තරුණ වයසේදීම ශරීර සුවසැප ත්‍යාජ කළාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • කර බන්ධනය ත්‍යාජ කර කන්‍යා ශුද්ධිය රකින්ට බාර වුනාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • දේව ත්‍රිත්ම පරම අභිරහසත් දේවාගම විශේෂවලුත් දේව පිහිට ප්‍රසාදයෙන් දැන ගන්ට වාසනා ලත් ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • පියා වන්දනාකර සිටින අන් දෙවියන්ගේ පිළිමවලට කෙලගසා තොපව දෙවියන් කොට වඳින අය තොප සමානයයි කියා දෙඩුවාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • සත්‍ය දේවාගම අනුවාරකරණ බව දුෂ්ට පියා දැන කඩුවකින් මරන්ට යන කල දේව බලෙන් ගැලවුනාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • නෙස්ටුර පියාගේ උදහසින් ගැලවී දිවයන විට මහත්වූ ගල් පර්වතයක් දේව බලෙන් දෙකට පැලී මගහරින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • දිව ගොස් වලක සැඟවී සිටින කල නෙෂ්ටුර පියාට අසුවී ඔහුගේ අතිනුත් පයිනුත් රෞද්‍රවූ පහර වින්දාවූ
  • ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • අනිෂ්ට වූ පියා විසින් නඩුකාරයාට බාර කර රෞද්‍රවූ කසපහර වින්දාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • ඒ නෙෂ්ටුර අච්චුපිට යකඩ කටුවලින් ශරීර මාංස ඉරන්ට යෙදී කියනොහැකි වද වින්දා වූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • එබඳු අච්චු විදගන දඟගෙයි ඉන්නා කල ජේසු ස්වාමි දරුවන් මහත්වූ ප්‍රකාශ ලක්ෂණ ඇතුව දකින්ට වාසනා ලත් ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • ඒ දර්ශන දුටු සඳම මතුයෙදෙන වදවල් විඳින්ට ප්‍රසාද ලැබෙයි කියා ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුඛයෙහි අසන්ට වාසනා ලත් ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • ඒ සැනසිලි වචන ඇසුකෙනෙහිම ශරීරයේ තිබුණ වනවල් ආශ්චර්ය ලෙස සුවපත් වෙන්ට වාසනා ලත් ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • නැවත නඩුකාරයා නඩු සභාවට අඬගසා දේවාගම අත් හරින්ට කී තැන අති ධෛර්ය ගෙන ඊට අකමැතිවුනාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • එයින් නඩුකාරයා යකඩ පනාවලින් පිටේ මාංස ඉරන්ට ආඥාකළ තැන විස්මවූ ඉවසීමෙන් ඒ අච්චු වින්දාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • ඔබගේ භක්තිවන්තයින්ට සොඳ මරණය දෙවියන්ගෙන් ලබා දෙන්නාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • මරන්ට ලැබුණු තීන්දුව සැනසීමෙන් අසා දෙවියන්ට ස්තූති ප්‍රශංසා කළාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • මෙතෙක් වද වේදනා වින්දාට පසු නෙෂ්ටුර පියාගේ අතින් සිරස කපනු ලැබ උකුත් වුනාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • පරලෝකයෙහි කන්‍යා ස්ත්‍රින්ගේ පද්ධතියේ දෙවියන්ට ගායනා රැගුම්කර සිටින්නාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • විදුලි සෙන අකුණු ගිනි යනාදියෙන් අප ආරක්ෂා කරන්නාවූ ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන පිණිස‍
  • උත්තරය - ශුද්ධවූ බාර්බරා මුනිශ්වරිනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වේශ්වරවූ දෙවියනි, ඔබ වහන්සේගේ අති වල්ලභවූ ක්‍රියාවල් අතුරෙන් දුර්වලවූ ස්ත්‍රී ජනයින්ට ඔබගේ ආගම නිසා කරවු අච්චුව්ද ජය ගන්ට ධෛර්ය සිත් දුන් සේක් වේද ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධවූ බාර්බරා කන්‍යා ස්ත්‍රිගේ මහෝත්සවය සිද්දකරන අප විසින් උන් වහන්සේගේ ධර්මාදර්ශය බලා ඔබගේ ආගම පණත් සිද්ධ කරනු පිණිස අපට කරුණා කර වදාරණවා සොඳේ. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්