ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ දේව මෑණියනි

  • ප්‍රාණ පරිත්‍යාගි වරුන්ගේ රාජේශ්වරියනි

  • ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ආර්මේනියා දේශයෙහි දීප්තිමත් තාරකාවක් මෙන් මෙලොව උපන්නාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබගේ දැහැමි ජීවිතය කරණ කොට ගෙන සෙබස්තේ නුවර රාජගුරු තනතුරට පත් කරනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • රාජගුරු තුමෙකු වශයෙන් ඔබට භාරවූ සෙනග වන බැටළු රැළ ධර්ම ක්ෂිරයෙන් පෝෂණය කොට ආරක්ෂා කළාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • දියෝක්ලේසියානු අගරජගේ ග්‍රහණයට අසුවී ප්‍රාණ පරිත්‍යාගයින්ගේ කිරීටය යත්කර ගත් ශුද්ධවූ ධාතු නිර්භීතව සෙබස්තේ නගරයට පිළිගත්තාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි
  • ශුද්ධවූ එවුස්ට්‍රාසියුස් මුනි තුමන්ගේ ශුද්ධවූ ධාතු ශුද්ධ ඔරෙස්ටේස් මුනි තුමන්ගේ ශුද්ධවූ ධාතු සමග එකට තබා ඒවාට ගෞරවය කිරිමට මග සැලැස්සුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • තවද ශුද්ධවූ එවුස්ට්‍රාසියුස් මුනි තුමන්ගේ අන්තිම කැමැත්ත නිර්භීත ලෙස අකුරටම පිළිපැද්දාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • කප්පඩෝසියාවේ ආණ්ඩුකාරයන් වන අග්‍රිකෝලාහ ලුසිනියස් ක්‍රිස්තියානින්ට දරුණු ලෙස පහර දෙන්නට පටන් ගත් විට අර්පේ නැමති කන්දක තිබු ගුහාවක සැඟවී සිටියාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එම ගුහාවෙහි ඉතා භක්තියෙන් යාච්ඤා කරමින්ද ධ්‍යානයට සම වැදීමෙන්ද දරුණු පශ්චාත්තාප ක්‍රියා කිරීමෙන්ද සුකෘත ජීවිතයක් ගත කළාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • සිංහ කොටි යනාදි වන මෘගයන් පවා ඔබගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබ සිටි ලෙස ළඟට ළඟාවන්නට වාසනාව ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබ වෙත පැමිණියාවූ වන මෘගයන් ඔබගේ ධ්‍යානය අවසන් වන තෙක් කිසිදු පොරයක් නොමැතිව ආශාවෙන් බලා සිටිමට භාග්‍ය ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • දිනක අග්‍රිකෝලා නැමති මුලාදෑනියාගේ මෙහෙකරුවෙක් මේ සිද්ධය දැන මවිතයට පත්ව තම ස්වාමියාට දැන්නුවායින්
  • විපතට පත්වුනාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • අග්‍රිකෝලා විසින් ඔබ වහාම අල්ලාගෙන එන්නට සෙබළුන්ට අණ කරන ලද්දාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබ ගෙනගිය සෙබළුන් ගෙන් සමහරෙක් අතර මග ඔබ පෑවාවූ ප්‍රාතිහාර්යය දැක සත්‍ය ධර්මය කෙරෙහි පැහැදීමට සැලැස්වුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • අග්‍රිකෝලා නැමති ඒ මුලාදෑනියා වෙතට පැමිණි කළ ඔහුගේ දෙව්වරුන් ගැන කථා කළ විට දෙවියන්ගේ ශ්‍රී නාමය හොදක්
  • නොකරන යක්ෂයන්ට නොදුන මැනවයි වදාළවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එවිට තද ක්‍රෝධයෙන් කිපුණු මුලාදෑනියා ඔබට පොලු වලින් පහරදී දඟ ගෙයක අඩස්සි කරනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එකල ඔබවෙත පැමිණි රෝගාතුරයන් සුවපත් කර වදාළාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • උගුරේ මාළු කටුවක් හිරවී මරණාසන්නව සිටි ළමයෙකු ඔබ වෙත ගෙනවුත් ඔබට කන්නලව් කීවිට විගස ඒ දරුවාට සම්පුර්ණ සුවය දීමට සැලැස්වූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • කලකට පසුව නැවතත් එම මුලාදෑනියා ඔබ ගෙන්වා ඔවුන්ගේ දෙවි වරුන්ට නමස්කාර කරන්නට අණකල නමුත් එසේ නොකළ යුතු බව
  • තරයේ කියා සිටියාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එපවත් අසා වෛරයෙන් ඉපිලුණු මුලාදෑනියා ඔබට කෘෘර ලෙස පහර දෙන්නට හේවායන්ට අණ කරනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • බැටළු ලොම් පීරන ඇණ පනාවකින් ඔබගේ ශරීරය පීරා ලේ වැගිරෙන්නට සලස්වනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • නැවතත් ඔබව හිරගේ කරා ඇදගෙන යන විට ඔබගේ ශරීරයෙන් වැගුරුණ ලේ දැක සුවඳ තෛලයක් මෙන් එය රැගෙන ක්‍රිස්තියානි ස්ත්‍රීන් සත් දෙනෙක් තමන් වත තවරාගනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එම ස්ත්‍රීන් සත් දෙනාටද ක්‍රිස්තියානි ධර්මය වෙනුවෙන් තම දිවි පුදන්නට වුවමනා ශක්තිය ලබා
  • දුන්නාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබ දියේ ගිල්වා මරන්නට ගැඹුරු පොකුණක හෙලනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එහෙත් එම පොකුණ මත කුරුසියේ ලකුණ ඇඳ ජලය මත ඇවිදීමට භාග්‍ය ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • වදකයන්ට ‘නුඹලාගේ දෙවිවරුන්ගේ බලය ඇත්නම් මා සමඟ ජලය මත ඇවිදින්නට වරෙල්ලා‘ යයි අභියෝග කළාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • එවිට පොකුණට පැන්න හැට අට දෙනෙක්ම ජලයේ ගිලී නැසී යන්නට සැලැස්සුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • දූතයාගේ දේව අණ පරිදි ජලයෙන් ගොඩ බිමට පැමිණියාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබ කළ පුදුම දැක බොහෝසේ කිපුණු මුලාදෑණියා විසින් පොරොවෙන් ගසා මරන්නට අණ කරනු ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් නින්ද්‍රයෙනි

  • ස්වාමින් වහන්සේට පක්ෂපාතව මහත් නිර්භීත ජීවිතයක් ගත කොට ප්‍රාණ පරිත්‍යාගිවරුන්ගේ කිරීටය අත් කර ගත්තාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබගේ මරණයෙන් පසුවද ස්වර්ග රාජ්‍යයේ වැඩ සිට ප්‍රාතිහාර්යය බහුලව සිදු කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • කුරුස යුද්ධ කාලයේදී ඔබගේ ශුද්ධවූ ධාතු යුරෝපයට ගෙන යන ලදුව ඉමහත් ගෞරවයට පාත්‍ර වුනාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • රකුසා නුවර අරක්ගත් මුනිවරයා හා බලවත් ආරක්ෂකයා වන ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ශුද්ධවූ සභාව පිළිගත් විශේෂ ආරක්ෂක මුනිවරයන් දාහතර දෙනාගේ එක්කෙනෙකු වීමේ විශිෂ්ඨ වරම
  • ලැබුවාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ඔබ ජීවත්ව සිටිය කාලයේදී මෙන් දැනුදු උගුරේ ආබාධ සුව කිරීමට විශේෂයෙන් පිහිට වෙන්නාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • බරපතල පව්කාරයන් මනස්තාපය වෙත යොමු කර ශුද්ධවූ සභාවට ආදරයෙන් පිළිගැනීමට මධ්‍යස්ථ වෙන්නාවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • සත්‍යාගමේ ඥානාලෝකය වෙතින් මෝක්ෂ රාජ්‍යයේ සදාකාලික සම්පත්තිය භුක්ති විදින්නටත් අන් දනන් කැදවන්නාවූ
  • ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස‍
  • උත්තරය - භාග්‍යවන්ත ශුද්ධවූ බ්ලාසියුස් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්ව බලධාරීවූ දෙවියන් වහන්ස ඔබ වහන්සේ ඔබගේ රාජගුරු ප්‍රසාදිවූ ශුද්ධවූ බ්ලාසියුස් මුනිතුමන්ට ඉතා නිර්භීත ලෙස ඔබගේ ධර්මයට සාක්ෂි දරා බොහෝ දුක්විඳ ඉමහත් භයංකාර මරණයකට යටත් වීමට ශක්තිය දුන් සේක් වේද? එතුමන්ට භක්ති ප්‍රේමය දක්වන්නාවූ අපටද මෙලොව නිර්භීත ලෙස අප ධර්මයට සාක්ෂි දරා මෝක්ෂ රාජ්‍යයට ඇතුළුවීමේ භාග්‍ය ලැබෙන මෙන් අයද සිටිමු. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා - ආමෙන්