ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුලු දෙදෙනාගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුලු දෙදෙනාගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍නියනි

  • ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ සුවිශේෂ ආලෝකයෙන් රෝමය නමැති අග්‍රනගරය දීප්තිමත් කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • අසත්‍යයේද මිථ්‍යාදෘෂ්ටියේද ප්‍රසිද්ධ අග්‍රස්ථානය වූ රෝමනගරය සත්‍යයේ හා ක්‍රිස්තියානි ආගමේ නායක ස්ථානය කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • අතීත කාලයේදී මිථ්‍යාදෘෂ්ටි අන්ධකාරයෙන් ගහනවී අධර්මයේ වාසස්ථානය වූ රෝමය නමැති නගරය දහම් එලියෙන් වටලවා එහි සකල ධර්මයෙන් පිහිටෙව්වාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • එවකට තමන්ගේ පාලනත්වයට බොහෝ රට රාජ්‍ය යටහත් කරගෙන, මුලු ලෝකයටම වාගේ අග්‍රනුවරවූ රෝමය ක්‍රිස්තියානි ආගමේ නායක නුවරකර එහි සිට මුලු ශුද්ධ වූ සභාව පාලනය කිරීමට සැලැස්සුවාලු ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ස්වකීය බලසම්පන්න භාවයෙන්ද යුද්ධයෙහි දක්ෂකමින්ද ප්‍රයෝගයෙහි ව්‍යක්ත භාවයෙන්ද මුළු ලෝකය බියපත් කර රෝමය නමැති නගරය ක්‍රිස්තියානි ශිල ගුණාංගයෙන් මුළු ලෝකයටම සමාදානය දායකවූ මෑණියන් කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • බොහෝ රට රාජ්‍යවලට අණපණත් නියෝග යනාදිය සම්පාදනය කර රෝමය නමැති නගරයේ සකල සත්‍ය ක්‍රිස්තියානින්ට ධර්ම

  • නීති සම්පාදනය කරදී මුලු ලෝකය ධර්මාකාරයෙන් පාලනය කරන නීතිදායක ස්ථානය කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ක්‍රිස්තියානි සභාවෙහි දෘෂ්‍යමාන ඒකනායකයාණන්ගේ ආසනයද අවශේෂ සකල ස්ථානවල පිහිටි ක්‍රිස්තියානි සභාවන්ගේ මෑණියන්ද වන රෝම සභාව සකල ධර්මශ්‍රීයෙන් කීර්තිමත් කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • රෝමය නමැති නගරයෙහි රැඳී සකල ලෝකයම දීප්තිකරන තාරකාවවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • අපගේ ආත්මික පියාණන් වැඩ සිටින රෝමය නමැති නගරය විශේෂයෙන් ආරක්ෂාකරමින් මුළු ක්‍රිස්තියානි සභාව රකින්නාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ක්‍රිස්තුස්ථානිවූද, සත්‍යාගමේ නායකවූද, නොවරදින ගුරුවූද, ශුද්ධෝත්තම පියතුමාණන් නිරන්තරයේ ආරක්ෂා කරන්නා වූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ප්‍රථමවෙනි ක්‍රිස්තුස්ථානිවූ ශුද්ධෝත්තම පියතුමාවූද, උන්වහන්සේගේ සහකාරවූද, ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • සත්‍ය විශ්වාසය නමැති ස්වර්ගිය ආලෝකය තම තමුන් ආත්මය තුලෙහි පතුරුවාගෙන ලෝකයේ සකල ක්‍රිස්තියානිවරුන්ට එ් ආලෝකයෙ මාර්ගය පෙන්වා දුන්නාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • දේව බලාපොරොත්තුව නමැති නැංගුරම හේතු කොටගෙන ස්වකීය ආත්මය සන්සුන් ලීලාවට පමුණුවාගෙන සකල ක්‍රිස්තියානිවරුන්ගේ චිත්ත සන්තර්පණය කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • දේව දයාව නමැති ලෝකෝත්තර ධර්මය මුදුන්පත් කරගෙන එහි ස්වර්ගිය වැඩදායක ප්‍රයෝජනවත්භාවය ප්‍රකාශ කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • අති සුවිශුද්ධ ත්‍රිත්වෙක දෙව්තුමාණන් ඒකාන්තයෙන් වැලඳගෙන උන්වහන්සේට වන්දනා ස්තුති ප්‍රශංසා ආදියෙන් මෙහෙකළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • පිතාවන දෙවියන් කෙරෙහි ඒකාන්ත විශ්වාස පක්ෂ ප්‍රේමවී උන්වහන්සේගේ තේජස වර්ධනය කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • පුත්‍රවන දෙවියන්ට සර්වප්‍රකාරයෙන් ප්‍රේමකර උන්වහන්සේගේ ගැලවීමදායක අනුභාවය ප්‍රකාශ කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ස්ප්‍රීතු සාන්තු දෙවියන් කෙරෙහි විශේෂප්‍රකාර ප්‍රේම කර උන්වහන්සේගේ පරිශුද්ධවූ වරප්‍රසාද වර්ණනා කළාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • දේව තේජස උදෙසාද අන්‍යන්ගේ ආත්ම ගැලවීම උදෙසාද පුදුමාකාර ඡවලිත වීර්යයෙන් සංයෝජිත වූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • කොපමණ දේව වරම් ලබා ගත්තේවී නමුත් ස්වකීය පාපයන් මෙනෙහි කරමින් ඒ ගැන සංතාපවී පශ්චත්තාප කඳුලු හෙළහෙළා ශරීරය මර්ධනය කර ගත්තා වූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙකු හට මුලු ශුද්ධ වූ සභාවට නායක තානාන්තරයද අනික් අයට අපූර්වවුද විශේෂවූද දේවදර්ශනද ලැබුණේවි නමුත් ගැඹුරුවූ අවනත ලීලාවෙන් යුක්ත වූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • සකලවිධ ක්‍රිස්තුධර්මයන් රක්ෂාකර සියල්ලන්ට ආදර්ශයක් වූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ලෝකයෙහි සකල සත්‍ය ක්‍රිස්තියානිවරුන්ට විශේෂාකාරයෙන් පිහිටවී ඔවුන් ආරක්ෂා කරන්නාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • දේවධර්මය දේව විශ්වාසය, දේව ප්‍රේමය යනාදිය උදෙසා රෝමය නමැති නගරෙහි ඩහදිය හෙළා ලේ වගුරා මරණයටද පත් වී ප්‍රාණපරීත්‍යාගිවුනාවූ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ප - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වන පිණිස
  • උ- ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුනි අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ දෙවියනි, ඔබ වහන්සේ ඔබගේ අපෝස්තුළුවරු වන ශුද්ධ වූ පේදුරු පාවුලු තුමන්ලා විසින් ශුද්ධ වූ සභාව සශ්‍රීක කරනු පිණිස, මහා විර්‍ය්‍යාධාර දුක් වේදනා විද මරණයට පවා පත්වීම ශක්තිමත් කළ සේක්වේද එබැවින් ආගම සශ්‍රීක කළාවූ මුන්වහන්සේලාගේ උපදේශ ප්‍රකාර ශුද්ධ වූ සභාව පැවතෙනු ලෙස එම සභාවට වරම් දුන මැනව. මෙකිදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්