ශුද්ධවූ පෙරිග්‍රීනු තුමාගේ ප්‍රාර්ථනාව
ශුද්ධවූ පෙරිග්‍රීනු තුමාගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධවූ දේව මෑණියනි
- දෙවියන්ගේ මාතාව වූ ශුද්ධවූ මරියනි
- වික්ෂෝප මාතාවෙනි
- රෝගීන්ගේ ආරෝග්‍යයෙනි
- වික්ෂිප්ත වූවන්ගේ සැනසීමෙනි
- ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි
- ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ශුද්ධවූ පිලිප් බෙනිසි තුමාගේ යාච්ඤා වලින් සිත් හැරුනාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- පිළිකා තුවාලයෙන් වේදනා වින්දාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- කුරුසියේ ඇණ ගසන ලද ජේසු තුමන්ගේ දිගුකළ හස්තයෙන් සම්පූර්ණ සුවය ලැබුවාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ආහාර පාන වැඩි කර වදාළාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ජේසු තුමන්ගේ ශ්‍රී හස්තයෙන් අනුහසින් ලෙඩදුක් සුවකළා වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- නිරාහාර ශීලයෙන් හා යාච්ඤාවෙන් දැඩි සිත් ඇත්තන්ගේ සිත් හැරෙව්වාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- දෙවියන්ගෙන් ඉල්ලු සැම වරප්‍රසාදයක්ම ලබා ගත්තාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- යාච්ඤාවෙන් අධික විශ්වාසය ප්‍රකාශ කළාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- දැඩි පශ්චත්තාප ක්‍රියා වල යෙදුනාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- වේදනාවන්හිදී අති ඉවසිලිවන්ත වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ශුද්ධවූ පූජාත්වරය කෙරෙහි අති භය භක්ති පූර්වකවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ජේසු තුමන්ගේ දුක් ප්‍රාප්තිය හා මරිය තුමියගේ වික්ෂෝපයන් කෙරෙහි දැඩි භක්ති වන්තවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ජේසු තුමන් හා මරිය තුමිය සමග ආත්මයන් ගැළවීම සඳහා කැපවුනාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- රෝගී වුවන්ට පුදුම කරන්නාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- සුව කළ නොහැකි රෝගීන්ගේ බලාපොරොත්තුව වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- පිළිකා, දද, කුෂ්ඨ යනාදියෙන් වේදනා විදින රෝගින්ට පිහිට වන්නාවූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ස්පාඤ්ඤයේ ආරක්ෂක සාන්තුවරයකු වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- මරියතුමියගේ සේවකයන්ගේ නිකායෙහි මහිමාලංකාරය වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- සුවය ලැබූ පිළිකා රෝගින්ගේ ගෞරවයට පාත්‍ර වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- සියලු පිළිකා රෝගින්ගේ සහන දායකයාණන් වූ ශුද්ධවූ පෙරිග්‍රීනු මුනිතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස
- උත්තරය - ශුද්ධවූ පෙරිග්‍රිනු මුනිතුමෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භෆ සියලු බලැති දෙව් පියාණෙනි, අපේ යාච්ඤා වල දුබලකම නොබලා ඔබගේ ස්නේහවන්ත මෙහෙකරුවා වූද පිළිකා රෝගීන්ගේ අරක්ගත් මුනිවරයාද වන ශුද්ධවූ පෙරිග්‍රීන් තුමන්ගේ බලවන්ත මධ්‍යස්ථකම බලා අපගේ යාච්ඤා වලට කරුණාවෙන් සවන් දෙන මෙන් අයදිමු. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ම අපට ලැබේවා - ආමෙන්