ශුද්ධවූ පිලිප්නේරි මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ පිලිප්නේරි මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- පොලෝරෙන්ස් නුවරෙහි අති අලංකාර වූ මලක් සේ ප්‍රබෝධවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- රෝම නුවරෙහි මල් ගසක් මෙන් ස්ථාපිතවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දේව ප්‍රසාද තරුවක් සේ ස්තූති ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ලාබාල වයසේදීම ධර්ම සුවඳ විහිදෙව්වා වූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ජීවිතාන්තය දක්වා යහපත් මාර්ගයෙහි හැසුරුණු ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- වෙන කිසිදෙයක් නොගෙන පූප පමණකින් දිගු කාලයක් රැකුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- විටින්විට තුන් දින බැගින් නිරාහාර ශීලය රක්ෂා කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- යදම් සම්මැටිවලින් මාංස සිදුරුකර උන්නාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- එකසිය පනස් දහසක් ප්‍රාණ පරිත්‍යාගියන්ගේ සොහොන්පලෙහි දස අවුරුදු මුළුල්ලේ ධ්‍යානයෙන්
- සිටියාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දේව ත්‍රිත්වයේ නාමයෙන් ධර්ම පද්ධතියක් සාදා පර දේසියන්ටත් බෙලහීනයන්ටත් උපස්ථාන කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- කීකරු කමින් යටත්ව ගුරු ප්‍රසාදි වුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ඉන්දු දිශාවට ඇවිත් ලේ සිඳ හෙලන්ට අදහස් කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ශුද්ධවූ සභාවෙහි පූර්ව කථාව ලියවා වේද භෙද විරෝධවල් නිර්මූලකළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- වේද භේදකාරයින්ට දේශනාකර දේවාගමෙහි සත්‍යතාව පෙන්වා දුන්නාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ජුදයින්ට දේශනාකර ගණන් නැති අය ක්‍රිස්තු ඇදහිලිවන්තයන් කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- පාපොච්චාරණ ආසනෙහි නිතර ඉඳ ගණන් නැති අය ක්‍රිස්තුතුමන් කෙරෙහි පැමිණෙව්වාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ධර්ම පද්ධති පිහිටුවා ධර්ම රසය පෙන්නුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දිනෙන් දින දේශනා සතර සතර දේශනා කර මුළු රෝම පුර වාසින්ට ධර්ම විශේෂවල් ඉගැන්නුවාවූ ශුද්ධවූ පිලිප්නේරි
- මුනින්ද්‍රයනි
- ඔබ වහන්සේගේ ආත්මික පුත්‍රයින් ධර්මයෙහි දියුණු කිරීමට ධ්‍යාන පද්ධතිය සෑදුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- විවිධ ධර්ම පද්ධති ඇතිවෙන්ට ප්‍රධාන කාරණය වුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ප්‍රධාන මන්දිර හතේහි බොහෝ ජනයා වන්දනාවට පමුණුවා නිමක් නැති පාපවල් වැළකුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- කේලමින් පිහිටෙව්වා වූ බොරු වැරදි මහත් ක්ෂාන්තියෙන් ඉවසුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- පිහිටුවන ලද සියළු බොරු ගතු ඉවසුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- නින්දා නිසරු ඉවසුවා වූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- මහත්වරුන්, ශ්‍රේෂ්ඨවරුන් කළ නෙරෙක්කු ඉවසුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- විථිමාර්ගවල යන එන්නත් කළ නින්දා කථා ඉවසුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සියලු නිස්ක්‍රිතවල් ඉවසුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සියලු ලෙඩ රෝගවලෙහි විශ්මපත්වූ ඉවසීම දැක්වුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ඉවසිල්ලෙහි නොපැරදුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- බැගැපත් වීමෙන් පොළොවේ දූවිලි තෙක් පාත් වුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ධ්‍යානයෙන් ස්වර්ගයතෙක් උසස් වුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- නිතර වෘතශුද්ධිය රක්ෂාකර මහා ධර්ම සුවඳ විහිදෙව්වාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අති කඨුර ලෙස ආහාරයෙන් වැළකුණාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අති විස්මපත් සන්සුන් භාවයෙන් පධකෙලසින්ගේ සාවල් මර්ධනය කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සියලු ඓශ්චර්යය සම්පත්තී නිසර කර මහ දිළිඳුකම් පැවැත්තුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ලෝක මාන්න තාන්නවලට අප්‍රියව මුළු ලෝකය නිසරු කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අති මධුර වූ සාන්තදාන්ත ගුණයෙන් සියල්ලන්ට අමෘතවුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- මනුෂ්‍යයින්ගේ ගැලවීම උදෙසා අති දයාධික තාපන ඥානයෙන් ඇවිලුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- තරුණයින් පාපයෙන් වළක්වන්ට ආශ්චර්යවත් උපමා පෙන්නුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අසීරු අමාරුවූ අය වෙතත් ආසන්න වූ අය වෙතත් පුදුම දයාබරකම් පෙන්නුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දිළිඳු අයට දයාව දියවරසේ ඉසිරවා උන්නාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අතෙහි කිසිවකුත් නැතුව ගණන් නැති දිළිඳුන්ට මහත් ආධාර වුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දේවාගම විශ්වාසයෙහි නොසෙල්වෙන කනුවක් වූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දේව ශ්‍රී වාක්‍ය කෙරෙහි අති ස්ථිර ඇදහිලි සිතෙහි ඉල ඇට බිඳී නැගී සිටින තුරු දෙවියන් වෙත භක්ති ප්‍රේමවුනාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සත්ප්‍රසාද භක්තියෙන් දැවී ඇවිලී උන්නාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- පූජාවෙහිදි දේව ප්‍රේමයෙන් පූජාසනය හා එහි පඬිවලුත් වෙව්ලෙව්වාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු තුමන්ගේ දුක්ෂය හා මරණය ධ්‍යාන කරමින් කදුළු ප්‍රලාපය නොනවතා උන්නාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සූර්ය ප්‍රභාවක් සේ මුහුණ ආලෝකවෙන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- තරු ප්‍රභා යුග්මයක් සේ නේත්‍ර දිලිසෙන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- රන්පොළු යුග්මයක්මෙන් හස්ත බැබලෙන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අහසට උසස්වී ප්‍රකාශ රස්මි විහිදවන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දහස්වරක් පරවසම්වී දේවරහස් දැනගන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ක්‍රිස්තු ස්වාමි දරුවන්ද කන්‍යා මරිය වහන්සේද කීප වරක් දකින්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි
- මුනින්ද්‍රයනි
- දේව දූතයිනුත් මෝක්ෂවාසිවරුන් දකින්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- බොහෝ අයගේ ජීවිත මරණ පෙර වාසව දැන ප්‍රසිද්ධ කරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සාන්ත පාප්වරුන්ද කාර්දිනල් වරුන්ද තෝරා ගැනිම පෙරවාසව දැන ප්‍රකාශ කරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දුර දේශවල විශේෂ වල්ලභමෙන් දක්වන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අන් සිත් රහස් අධික ප්‍රත්‍යක්ෂයෙන් දැන දන්වන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දුරුකතර තැන්වල එකවිටම පෙනෙන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දේව භක්ති ප්වාලයත්, ධර්ම ආලයත් අනුන්වෙත උපදවන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- බුද්ධි ප්‍රඥා ධර්ම දැන ගන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- දේව ආදර කදුළු හෙලන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සකල යක්ෂ මායම් දුර කරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සියළු ලෙඩරෝගවල් සුව කරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ජීවිතය හා මරණය කෙරෙහි බලය පාන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- මරණ වේලාව ලංවී කන්‍යමරිය වහන්සේ දැකගත් ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- පෙර දන්වා තිබුණු දින වේලාවේදී උතුම් මරණයක් ලැබුවාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- උකුත් වූ කඩිනමින් මෝක්ෂ දීප්තියෙන් බොහෝ අයවලුන්ට පෙනෙන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- පෙර දේශනා කළ ස්ථාන දෙකක වන්දනාමාන තැන්පත් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ශ්‍රී ශරීරය අද වෙනතුරු නොදිරා තිබෙන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- රෝම නුවරෙහි අමුතු අපෝස්තුළුකොට ප්‍රාප්තවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- අභිනව වේදාගමෙහි අමුතු දිවස්ප්‍රසාදිමෙන් ස්තූති ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- සකල ධර්ම උගන්වන ගුරුකොට ස්තූති ලද්දාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- විවිධ අද්භූතකර නොයෙක් වික්ෂිප්තයින්ගේ දුක් නිවාර්ණය කළාවූ ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස
- උත්තරය - ශුද්ධවූ පිලිප්නේරි මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අනන්ත / මහිමවූ දෙවියනි / ඔබ වහන්සේ සියළු ශුද්ධවන්තයින්ගෙන් / ඔබගේ අති විස්මවූ මහිම පෙන්වාදී / අපගේ පියකරු පිටිවහල් වූ / ශුද්ධවූ පිලිප්නේරි තුමන් / සියලු ධර්මවලිනුත් වරප්‍රසාදවලිනුත් / සම්පුර්ණ කොට පුරවා / පව්කාරයන් පව්මාර්ගය අත් හරින්ටත් / ධර්මිෂ්ඨයන් ධර්ම මාර්ගයෙහි වෘධි වෙන්ටත් / ගණන් නැති සෙනඟ සුර රාජ්‍යය ලබා / ඔබගේ ශ්‍රී නාමයට අනන්ත කාලයෙහිම ස්තූති කරන්ටත් / ඔබගේ ආශ්චර්ය මහිම අධික කොට පෙන්වන්ටත් / අභිප්‍රා වූ සේක් වේද එබැවින් උන්වහන්සේගේ ධර්ම කුසලුත් / වරප්‍රසාදවලුත් මහිමවලුත් / භක්තියෙන් වර්ණනා කරන / අප සියල්ලන් විසින් / ඔබගේ දයාබර කමින් / උන්වහන්සේ සමග මෝක්ෂ සුව විඳිනු පිණිස / කරුණාකර වදාළ මැනවි. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්