ශුද්ධවූ ප්‍රැන්සිස් සවියේර් මුනිඳුන්ට ප්‍රාර්ථනාව
ශුද්ධවූ ප්‍රැන්සිස් සවියේර් මුනිඳුන්ට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- නවාර නම් ජනපදයෙහි අති අලංකාර සරෝරුකක් වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- ‘සව්යේර්‘ නම් කොටු පවුරෙහි අභිමාන වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- වංශාධිපති මවුපියන්ගෙන් උපන්නාවූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- සහෝදරයින් අතුරෙන් අධික බාල වූ නමුත් මධුර ගුණයෙන් මව්පියන්ගේ අධික ප්‍රේමයට කාරණ වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- ශිල්ප ශාස්ත්‍රයෙන් නිපුණ ව ශාස්ත්‍රාධාරිව ඉගැන්වූවා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- ඉග්නාසි මුනිඳුන්ගේ ගුණ නුවණ අසා සිතෙන් ලෝක ආසාව අත් හැරියා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- අලුත් ජීවිතය සම්පූර්ණ ලෙස ධ්‍යානයෙනුත් නිදි මැරීමෙනුත් ආරම්භ කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- පෙර වින්ද සුව සැපයට වන්දි වශයෙන් ගැට ලණුවලින් කකුල් තදින් වෙළා ගමන් ගියා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- වණ කුෂ්ඨ පිරුණු ලෙඩකුගේ වණ වලෙහි මුහුණ අල්ලා සිත අප්‍රිය ගති තුරන් කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- රෝහලෙහි රෝගීන් මෙහෙකර ශරීර රෝග සහ ආත්ම රෝග සුව කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- වැනීස් දේශයෙහි හා රෝම නුවරෙහිත්, බොලොඤ්ඤ රාජ්‍යයෙහිත් ධර්ම සුවඳ විහිදුවා සියල්ලන් විශ්මපත් කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- පෘතුගාල් රාජ්‍යයෙහි ධර්ම අරුණක්ව එරට වාසින් විශ්මයට පත් කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- අපේ ඉන්දු දිසාවට අලුත් අපෝස්තුලුකොට දෙවියන් විසින් නියම කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- කඹ ලණු මත්තේ සයනව, නැංගුරමේ හිස තබා මුළු රාත්‍රිය ගෙව්වා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- ගෝව පටුනෙහි වීථි වල කුඩා මිණි ගෙඩියක් සොළවමින් ඇවිද දිළිදුන්ට ඉගැන්නූවා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- දස අවුරුද්දක් තුළ තිස්තුන් දහස් ගව් ගණන් මේ ඉන්දු දිසාවෙහි හිස් පතුලෙන් ඇවිද නිමක් නැති අමාරු වින්දා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- රාජ්‍යවල් සතක්ද, රජවරු සත් කට්ටුවක් ද සැබෑ ක්‍රිස්තු ආගමට ගත්තා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- වේද විරෝධීයයන් සමග තර්ක කොට දිණුවා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- නිමක් නැති අද්භූතයන් කර ක්‍රිස්තු ආගම දියුණු කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- අති දුෂ්ඨ පව්කාරයින්ට දේශනා කොට ගණන් නැති අය ධර්ම මාර්ගයට හරවා ගත්තා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- අති දුෂ්ඨ සතුරාවූ ශරීරය ආණ්ඩු කිරීමට යකඩ සම්මැට්ට වලින් මාංශ සිදුරු කර ලේ වැගුරුවා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- මාංශ, ගෝධූම පූප, මුද්‍රික රසය, මුළු මෙන් වළකා බෙලහීන ආහාර වලින් දවස් පසු කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- කීප වරක්ම දෙතුන් දිනක් කිසිවක් නොගෙන නිරාහාර ශීලය රක්ෂා කළා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- හිස් දෙරණෙහි ස්වල්ප වේලා නිදා සිට සැනසීම සඳහා කුරුසේ වැළඳ උන්නා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- දවල් මුළුමෙන් දේවාගම උදෙසා මහන්සි ගෙන රාත්‍රි කාලය ධ්‍යානයෙන් ඇස් ඇර උන්නාවූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- උකුත් වූ ඉක්බිති ශ්‍රී ශරීරය නො දිරා තිබෙන්ට වරම් ලද්දා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- උකුත් වූ පසු කළ අද්භූත වලින් ලෝකය මුළුල්ලෙහි ප්‍රකට වුණා වූ ශු. ප්‍රැන්සිස්කු සවියර් මුනින්ද්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තු තුමන්ගේ වාක්දාත වලට අප හේතු වන්ත වෙන ලෙස
- ශු. ප්‍රැන්සිස්කු සව්යර් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වල්ලභ වූ දෙවියනි, ඔබ වහන්සේ ශුද්ධ වූ ප්‍රැන්සිස්කු සව්යෙර් මුනින්ද්‍රයාණන්ගේ දේශනා වලිනුත්, ප්‍රාතිහාර්ය වලිනුත් ඉන්දුවාසීන් ඔබගේ ශ්‍රී සභාවට එකතු කරන්නට අභිප්‍රාය වූ සේක් වේද? උන්වහන්සේගේ උතුම් හේතු ප්‍රසාදවල් මුළු භක්තියෙන් අදහන අප සියල්ලන් උන්වහන්සේගේ උතුම් ධර්ම අනුසාර කරන සැටියට කරුණා කළ මැනවයි ඔබටම යාච්ඤා කරමු මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන්