ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • උපදින්ට පළමුවෙන් දේවමවුට පඬුරුවුණාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • උපන්නාට පසු ප්‍රථමයෙන් දෙවියන්ගෙන් දේවමව්ගෙන් දයා වචන උච්චාරණය කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • බොලඳ වයසේදීම ස්වදේශයෙහි දේවදූතයා යන නාමය ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • බාලවයසේදීම සියල්ලන්ගේ ආදරයට කාරණා වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ශිල්ප ශාස්ත්‍රයෙහි බල සම්පන්න උගත්කම් පෙන්නුවාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • සියලු ස්ථානවලදීම සෑම අයගේ විස්මයට කාරණා වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ශිල්පශාස්ත්‍රයට වඩා ධර්මයෙහි උත්තමකම් භාවනා කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ධර්මිෂ්ඨයන්ගේ මිතුරුකම් සොයා ධර්මරසය අනුභව කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • දේවස්ථානවලට ධ්‍යානකොට ධර්මමාර්ගයෙහි දියුණු වුණාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • පරිශුද්ධභාවය නමැති පද්මය නොපහ රක්ෂාකරන පිණීස දේව මවුට බාර වුණාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • කන්‍යමරිය වහන්සේගේ පිහිටාධාරයෙන් අපිරිසිදු කම නමැති සතුරාට විරුද්ධව යුද්ධකර ජයග්‍රහණය කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ධර්ම වෘද්ධියෙන් ආකාසය තෙක් උසස්වී බැගෑ පත්වීමෙන් පොලවේ දූවිල්ල තෙක් පාත්වුණාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • දිළිඳුකම රක්ෂාකරන පිණිස මව්පියන්ගේ උරුමය ත්‍යාජ කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • පරහට දයා වෙමින් දුෂ්ටකම නමැති මලපතෙන් ප්‍රෙව්සම් වුණාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ධර්ම දේශනා වදාරා සැත්තෑ දෙදහක් වේදභේද කාරයින් සත්‍යාගමට හරවාගත්තාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • පාපොච්චාරණය මාර්ගයෙන් නිරන්තරයේ වෑයම් කර ගණන් නැති පව්කාරයින් ධර්ම මාර්ගයට හැරෙව්වාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • දේව බහු මානය ගැන සතුටින් තර්ක කර සියලු දේව විරෝධියන්ගේ කට පියෙව්වා වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • බොහෝ ශිල්පශාලා සදා ශිල්පශාස්ත්‍ර දියුණු කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ධර්ම සමාගම් සාදාධර්ම ක්‍රියා වලුත් ධර්මිෂ්ඨයිනුත් දේව ආගමෙහි දියුණු කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • තැනින් තැන ඇවිද අනිෂ්ට පව්කාරයින් සෙව්වා වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • හමුවූ අය කරේ තබා ගත්තාක් මෙන් ධර්ම ආහාරදී පෝෂ්‍යය කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ෂාන්තිය නොපැරදුණු සැටියට රැක්කා වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • රාජධානි සම්මුඛයට තානාපතිකොට ගොස් ඔවුන් සමාදාන කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • සියලු රාජධානිවරුන්ගෙන් බහුමාන ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ශුද්ධ වූ සභාවේ ශ්‍රේෂ්ඨ ගුරුතුමන් ඉදිරියේ සෝදිසි කරනු ලදුව උන්වහන්සේ විසින් සිප සැනසිමට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • දේව අභිප්‍රායට යටත්වී රාජගුරු ප්‍රසාදි තනතුරු අත්කරගත්තාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • පිටස්තරයෙන් ඔබ කෙරෙහි කරන ලද අභිෂේකය ඇතුලාන්තයෙහි දේව ත්‍රිත්වයේ තුන්දෙනා වහන්සේලා විසින් කරන බව දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ඊට කන්‍ය මරිය වහන්සේද පේදුරු පාවුලු අපෝස්තුළුවරුන්ද සහය වුන බව දකින්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • මහා භක්තියෙන් කන්‍යා මව්ට ආදරයවී උන්වහන්සේගෙන් විවිධ උපකාරවල් ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • විවිධ දේව දර්ශනවල් දැක සිත් සම්පූර්ණ වුණාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • නොයෙක් වර මුහුණ මණ්ඩලය මෝක්ෂ රශ්මියෙන් ආලෝකයවෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • දේව ධර්මය ගැන ලියන කල ස්ප්‍රීතු සාන්තු තුමන්ගේ ප්‍රභාවෙන් දිලිසෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ජේසු තුමන්ගේද, මරිය වහන්සේගේද, ශ්‍රී නාමය උච්චාරණය කරමින් උකුත් වෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • උකුත් ඉක්බිති ලබාගත් මෝක්ෂ මහිමය බොහෝ දෙනෙකුන්ට ප්‍රත්‍යක්ෂවෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • අති ගාම්භීර මෝක්ෂ සිංහාසනය ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • මේ ලෝක ජීවිත කාලයෙහි සියල්ලන්ට උපකාර පිහිට වෙන්නාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලේස් මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන ලෙස‍
  • උත්තරය - ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලෙස් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වවල්ලභවූ දෙවියනි ඔබ වහන්සේ අප සියලු දෙනාගේ ආත්ම ගැලවීම උදෙසා ශුද්ධවූ ප්‍රන්සිස්කු සාලෙස් මුනින්ද්‍රයානන් සියලු දෙනාට වුවමනා වන ලෙස ධර්ම ලීලාවෙන් සැරසූ සේක් වේද, එබැවින් අප විසින් උන්වහන්සේගේ කරුණා මධුරතායෙන් සංයෝජිතවී උන්වහන්සේගේ උපදේශ මාර්ගයෙහි ගමන්කර උන්වහන්සේගේ කුසල් සම්හාරයෙන් වීර්යවන්තවී අනන්ත ස්වර්ගීය සැපතට පැමිණෙනු පිණිස අපට කරුණා කළ මැනවයි ඔබට යාච්ඤා කරම්හ. මෙකීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා ආමෙ