ශුද්ධවූ දස වන පායුස් තුමාට ප්‍රාර්ථනාව
ශුද්ධවූ දස වන පායුස් තුමාට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ දසවන පියුස් තුමෙනි
- ශුද්ධවන්ත කම කෙරෙහි අධික ප්‍රේමයෙන් දැල්වුනාවූ දසවන පියුස් තුමෙනි
- ළදරුවකුමෙන් බැහැපත්කම සහ චාම් ජීවිතය වැළඳ ගත්තාවූ ශුද්ධවරයාණෙනි
- ස්ව දමනයෙහි වීවරයාණෙනි
- දිව්‍ය පූජාවට ඉමහත් ලැදි කමක් දැක්වූ භක්තිමතාණෙනි
- අභ්‍යන්තර ජීවිතයෙහි ආදර්ශයෙනි
- දිව්‍ය සමිදාණන්ගේ සැදැහැති ශ්‍රාවකයාණෙනි
- දේව මාතාවන්ට දාරක ප්‍රේමයක් දැක් වූ ධර්මිෂ්ඨයාණෙනි
- දේව ශාස්ත්‍රයෙහි සහ ශ්‍රී වාක්‍යයෙහි නිපුණ වූ පඬිවරයාණෙනි
- පූජා ප්‍රසාදි වරුන්ගේ සහ පූජක ශිෂ්‍යයන්ගේ අරක්ගත් මුනිවරයාණෙනි
- ක්‍රිස්තුස් වහන්සේ මෙන් ආත්මයන්ට ප්‍රේම කළාවූ ප්‍රේරිතයාණෙනි
- පූජක ජීවිතයේ උත්තම ආදර්ශයෙනි
- ළදරුවන්ගේ ප්‍රේම වන්ත පියාණෙනි
- ගෘහ ජීවිතයේ ධර්ම ගුණ ආරක්ෂකයාණෙනි
- සියල්ලන්ගේ සිත් දිනාගත් සමිදාණෙනි
- සහෝදර දයාවේ පරතෙර නොදැක්කාවූ වීරයාණෙනි
- දිළිඳුන්ගේ හිතවත් මිත්‍රයාණෙනි
- අසරණයන්ගේ සෞම්‍ය ගුණැති හිතවතාණෙනි
- පීඩා විඳින්නන්ගේ විශේෂ දයාවන්තයාණනි
- රෝගීන්ට සුවය ලබා දෙන්නාවූ ශුද්ධවන්තයාණෙනි
- ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ල ප්‍රකෘතිමත් කිරීමට ආශාවෙන් වෙහෙස උනාවූ අග්‍ර පූජකයාණෙනි
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ නිතර ලබා ගැනීමට අනුබල දුන්නාවූ අපෝස්තුලු වරයාණෙනි
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි භක්තිය දියුණු කළාවූ ශුද්ධොත්තම පියතුමාණෙනි
- සෑම මනුෂ්‍යයන්ගේ ආත්මික හා සමාජික දියුණුව පැතුවා වූ උත්තමයාණෙනි
- කතෝලික ප්‍රයත්නයේ ශුද්ධෝත්තම පිය තුමාණෙනි
- සමාදානය සඳහා තම ජීවිතය පිදුවා වූ වීරවරයාණෙනි
- ආගම ධර්මය ඉගැන්වීම දියුණු කිරීමට ප්‍රයත්න දැරුවාවූ අපෝස්තුලු වරයාණෙනි
- ක්‍රිස්තුන් වහන්සේගේ සභාව පාලනය කළ කීර්තිමත් ශ්‍රේෂ්ඨයාණෙනි
- වේද සත්‍යතා නිර්භයව ආරක්ෂා කළාවූ රැකවලාණෙනි
- දේව සේවකයින්ගේ සේවකයාණෙනි
- ක්‍රිස්තුන් වහන්සේගේ බැටළු රැළේ ඥානවන්ත එඬේරාණෙනි
- අපගේ ගැළැවුම්කාරයාණන් වන ක්‍රිස්තු ස්වාමි දරුවන් දැන හැඳින ගෙන උන්වහන්සේට වඩ වඩා ප්‍රේම කිරීම පිණිස අප පාපයෙන් හා ලෝක ආශාවලින් නිදහස් වී ජීවත් වෙන පිණිස
- අප ඔබගේ ඉගැන්වීම හා ආදර්ශය අනුව ජීවත් වනු පිණිස අප දිව්‍ය පූජාව ආගමේ උතුම්ම වන්දනාව වශයෙන් සලකනු පිණිස
- අප විටින් විට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ධර්ම සම්පූර්ණ කමට පැමිණෙනු පිණිස
- අප ශු සභාවේ පක්ෂපාත දරුවන් වනු පිණිස
- අපගේ ශුද්ධ වූ ධර්මය සැම තැනම පතුරුවා හැරීමට උනන්දු කරවන පිණිස
- යුද්ධ සංග්‍රාමයන්හි භයානක විපත්ති වලින් අප ආරක්ෂා කරවනු පිණිස
- සෑම මනුෂ්‍ය ජාතීන් සහෝදරයන් සේ සාධාරණ කමින්ද සමාදානයෙන්ද කල් හරිනු පිණිස
- දෙවියන් වහන්සේගේ මහිමය හා ආත්ම ගැළවීම සඳහා ශු සභාවට ස්ථිර සමාදානයත් රක්ෂාවරණයත් ලැබෙන පිණිස
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වෙන පිණිස
- උත් - ශු. දසවන පියුස් මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අහෝ දෙවියනි, ඔබ වහන්සේ ශුද්ධවූ දසවෙනි පියුස් තුමාණන් ඔබ වහන්සේගේ බැටළු රැළේ පාලක තනතුරට උසස් කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි විශේෂ ශක්තියෙන්ද දිව්‍ය සත්‍යතාවන් කෙරෙහි ලැදිකමින්ද, දේව මෙහෙය කෙරෙහි ආශාවෙන්ද ජීවත් වීමට උන්වහන්සේට කරුණා කළා වූ සේක් වේද මෙලොවදී උන්වහන්සේට ගෞරවය කරන අපට පරලෝකයේදී උන්වහන්සේගේ බලවත් මැදහත් කමේ ඵල භුක්ති විඳීමට වරම් ලබා දෙනවා සොඳේ ආමෙන්