ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍නියනි

  • ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ගලීලය රාජ්‍යයෙහි ගරුමාන මව්පියන්ගෙන් උපන්නාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ප්‍රිය අපෝස්තුළුකොට තෝරාගන්ට වරම් ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • සුකෘත ධර්මවලින් අධික මහිමලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ශ්‍රී ඇලයේහි ඇඟිල්ල පොවා බලන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • මෙම විශේෂයෙන් බොහෝ අයගේ සංකා දුරුවීමට ඓශ්චර්ය සැලැස්සුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ‘තොම්මේ, නුඹ මා දුටුවායින් විශ්වාස කළෙහිය. නොදැක විශ්වාස කරන්නෝභාග්තයෝයකියා ස්වාමිදරුවන්ගේ ශ්‍රී වාක් අසන්ට වරම් ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ‘මගේ ස්වාමිනි, මගේ දෙවියනි කියා ස්වාමිදරුවන්ට ස්තූතිකරන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • විවිධ භාෂාවලින් දේශනාකිරීමට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • දඬුවදයට පත්වී ස්වාමිදරුවන්ගේ පණත් විශ්වාසයෙන් පැවැත්තුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • දිව්‍ය කුමාරයා උපන් කල්හි වඳින්ට ආ රජතුන්දෙනාට ප්‍රසාද ස්නාපනය දුන්නාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ස්වාමිදරුවන් පරලොවට වැඩිය ඉක්බිති ඉන්දු දේසයෙහි දේවාගම දේශනාකිරීමට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඉන්දුදේශයට යන්ට භයවී සිටින තැන ආකාශයෙහි ප්‍රාතිහාර්ය දකින්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම සඳ ස්වාමිදරුවන්ගේ සමහර විශේෂවල් දැහැන්කර බොහෝ ධෛර්යකින් ඉන්දුදේශයට යන්ට පිටත් වුණාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • දේව මෑණියන් පරලොවට වැඩිය ඉක්බිති ඒ ප්‍රවෘත්තිය ජනයින්ට දැනගන්නට සැලැස්වීමට වරම් ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ගාන්දෝපුර යන රජහට මාලිගාවක් තනන්ට සමත් වඩුවෙක් සොයන්ට ගිය තැන ඊට සෑහෙන්නෙක් වීමට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • රජ විසින් එවු තානාපතියාහට දේවදූතයෙක් මනුෂ්‍ය වේශයෙන් පෙනී ඔබව තෝරා දෙන්න වරම් ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • අවුරුද්දක් මුළුල්ලේ දුවමින් ගොඩ දකින්නට නොපිළිවන් නැවෙහි තුන් මාසයකින් ගොඩදකින්නට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඉන්දු දේශයේ මුල් පළාතේ රජ සහ බිසවගේ විවාහ බන්ධනය භෝජන වේලේහි ආශිර්වාද කළ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම රජයේ නිවසෙහි දොර පියවා තිබෙද්දී රජහට පෙනී දේවාගම ප්‍රතිලාභකළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම වාක්‍ය ඇසු රජ සහ තවත් බොහෝ අය දේවාගමට ඇතුලත්කළ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඉන්පසු ඒ රට වැසියන්ගෙන් බොහෝ දෙනෙක් දේවාගමට ඇතුළත් කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ගාන්දෝපුර යන රජගෙන් මාලිගාවක් තනන්ට බොහෝ මුදලක් ලබා දුගීයාචකයින්‍ට බෙදා දුන්නාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • බොහෝ ලෙඩුන් සුව කර මළවුන් උත්පාදකරන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • නිමක් නැති ප්‍රාතිහාර්ය කර අනේක ජනයින් දේවාගමට ඇතුලත් කළ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • කීප දවසකින් පසු රජමාලිගාව බලන්ට වැඩිය තැන නුදුටුවායින් ඔහුගේ ක්‍රෝධයට පත්වුණාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • සදාකල් අමිලව සුව විඳීමට මාලිගාවක් සදා තිබෙන්නේයයි රජහට වදාළ වූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඒ රජ පරලෝක මාර්ගය නොදන්නා හෙයින් සරදම කැයි සිතා රොස්වී සිරකරනු ලැබුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • රාජවස්තු නැසුවාවූ රජගේ මලණුවන් සෝකගිනි වැදී ලෙඩකින් ආසන්න වනු දුටුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • මෙම රජයේ මලණුවන් විසින් ඔබගේ සිරස ගහ දමන්ට රජහට සැලකළායින් මරණයට කාරණාවුනාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම සඳ චිත්‍රාලංකාර මාලිගාවක් නිද්‍රේපයෙන් දර්ශන කෙරෙව්වාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එකී මාලිගාව රජහට සිද්ද කළායයි දන්වන්ට වරම් ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඔහු පිබිද නැගිසිට තැනූ මාලිගාව සැබෑවෙන් දුටිමි කියා රජහට සැලකරවන්ට වරම් ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඔබ තුමන් සිරෙන් ගෙන්වා දුටු දර්ශනය විසඳීමට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • සුරලොවෙහි නිත්‍යවාසයට දිව්‍ය මාලිගාවත් ඇදහිල්ලත් පෙන්වා දුන් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඉන්පසු රජද මලණුවන් සහ බොහෝ සෙනගත් ආගමට ඇතුළත්කර ප්‍රසාද ස්නාන කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • මුහුදු බඩ පාවී තිබෙන මහ දැව වෘක්ෂයක් බොහෝ සෙනඟට අදින්ට නුපුළුවන් වූ බව අසන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • මෙම වෘක්ෂය දේවවරමින් ඇද දමමි කියා රජහට සැල කිරීමට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඊට රජපණත ලැබ දෙවියන්ට යාච්ඤාකර බඳපටියෙන් ඒ මහත් දැව ගොඩ ඇදහෙලු ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එහි තිබුණු කෝවිලක් මකා ඊපිට දේව මන්දිරයක් සෑදෙවු ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඒ ගැන අඥානයන් බොහෝ ක්‍රෝධයෙන් ඔබ වෙත කිපී සිටියාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එයින් වඩා කුරිරු අයෙක් තමන් පුත්‍රයා මරා ඔබ පිට වරද පැමිණෙව් හෙයින් සිරගෙයි වදයට පත්වුණාවූ ශුද්ධවූ
  • තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ධ්‍යානයෙන් ඉඳ දෙවියන්ට ප්‍රාර්ථනා කරන කල නැසුණු ළමයා ප්‍රාණපිටින් නැගිටුවන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එකී ළදරුවාගේ මුඛය හැර පියාණන් විසින්ම ඔහුව මැරූ බව කියවා දෙන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • අභිනායකතෙම ඊට රොස්වී ඔහුගේ පියා විසින්ම මැරූ බව දැන ඊට සංකාවෙන්ට වරම් දුන් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • සකලවිධ අන්සිනවුන් වෙනුවට දෙවියන්ට ප්‍රාර්ථනාකර සුවය ලබා දුන් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ජේසු තුමන්ගේ සංග්‍රහය උදෙසා ආකාශ තරු ප්‍රකාශයක් පෙන්වන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම ප්‍රකාශය දුටු කෙනෙහි මුර්ජාවී වැටුණවුන් නැවත නැගුටුවන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම නගරෙන් පිටත්වී මහ ඉන්දුදේශයට වැඩියාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • නිමක් නැති ප්‍රාතිහාර්යකර ඒ රටේ බොහෝ ධර්ම පැවැත්තුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඔබතුමන්ගේ සුකෘත මහිම අසා අභිනායකයාගේ කිට්ටුවරයෙක් දේවාගමට පැහැදුණු හෙයින් ප්‍රසාද ස්නාන කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඊට අභිනායකයා බොහෝ උදහස්වී දඟගෙයි අච්චුවට පත් කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • දඟගෙයි ගිනි ජ්වාලයක් මැද වැඩ ඉඳ දෙවියන්ට යාච්ඤා කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • දේව ප්‍රාතිහාර්යකර අඥානයින් භ්‍රහන්තියට පැමිණෙව්වාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එහෙත් සූර්යයාගෙන් එම ප්‍රාතිහාර්ය යෙදුණයි සිතා එම රූපයට වන්දනාකරන්නට කරනු ලැබුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඊට කිසිසේත් භයනොවී දෙවියන්ට යාච්ඤා කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • පිපාසයෙන් පීඩිතවී යන කල සෙලක් මුදුනේදී කුරිරු සතුරෙකුගේ ඊතලයකින් විඳිනු ලැබුවාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම තුවාලය අතින් වසාගෙන දෙවියන්ට යාච්ඤා කර ඔබගේ දේවස්ථානයට යන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • එම සඳ දිව්‍ය ප්‍රකාශයෙන් ශරීරය මුවාවී ප්‍රාණය දෙවියන්ට ඔප්පු කළාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • පරලෝකයේ සුරතාවයින් සමඟ මෝක්ෂ ඔටුනු ලද්දාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ඔබට ලැබුණු මෝක්ෂමහිමය බොහෝ අයට ප්‍රත්‍යක්ෂවෙන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • දේව සම්මුඛයෙහි අපගේ මධ්‍යස්ථයාව වැඩ සිටින්නාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • සකල ක්‍රිස්තියානින්ට අධික පිහිටවීමට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • වික්ෂිප්තයින්ට සැනසීම සලස්වාදෙන්ට වරම්ලත් ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • මෝක්ෂ මාර්ගය අත්පත් කිරීමට අධික කරුණාධර වන්නාවූ ශුද්ධවූ තෝමස් අපෝස්තුළුතුමෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ක - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන ලෙස
  • ප - භාග්‍යවන්ත තෝමස් අපෝස්තුළුතුමෙනි අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අනන්ත කරුණා දයාබර සර්වේශ්වරවූ දෙවියනි! ඔබ වහන්සේ භාග්‍යවන්ත තෝමස් අපෝස්තුළුතුමන් ලවා නොයෙක් අද්භූත කර පව්කාරයින්ට ධර්මඑලියත් මිත්‍යාදෘෂ්ටින්ට ඥාන පැහැදීමත් රෝගින්ට ආරෝග්‍යභාවයත්දී සියල්ලන්ට මෝක්ෂ මාර්ගය පෙන්නුසේක් වේද, එබැවින් උන්වහන්සේගේ ආශ්චර්ය ගැන විස්මපත්වෙන අප සියලුදෙනා උන්වහන්සේගේ යාච්ඤා පිහිටෙන් මෝක්ෂ හේතු ලබනු ලෙස අපට කරුණාකළ මැනවයි ඔබටම යාච්ඤා කරමු. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන්