ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිතුමාගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිතුමාගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ මරියනි

  • ක්‍රිස්තියානින්ගේ පිහිට වූ මරියනි

  • දුප්පත් නමුත් ඉතා වාසනාවන්ත පවුලක උපත ලද්දාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • කුඩා කාලයේ සිටම අති දුක්බර ජීවිතයක් ගත කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • ළදරු කාලයේ සිටම පියා නැති බැවින් අසරණ ජීවිතයක් ගත කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • කුඩා කල සිටම දයාබර මවගේ මග පෙන්වීම යටතේ යහපත් ජීවිතයකට හුරුවුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි
  • බාල කාලයේ සිටම සැමට ආදර්ශමත් ජීවිතයක් ගත කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • එම වයසේ දරුවන් එක්රැස් කරගෙන ඔවුන්ට යහපත කියා දෙමින් විනෝදාත්මක ජීවිතයක් තුළ ස්වාමින් වහන්සේට එක්
  • කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • ළමා වයසේ සිටම සිහිනයක මාර්ගයෙන් දේව කැඳවීමේ මගේ ගමන් කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • මරිය මව්ගේ ආරක්ෂාව සහ මගපෙන්වීම කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • දිළිඳුකම නිසා නොයෙකුත් දුෂ්කර ජීවන මාර්ගවල යෙදුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • නොයෙකුත් දුෂ්කරතාවයන් මැද පූජකවරය පතා ඉගෙනුම ලැබුවාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • තරුණ ජීවිතය යහපත්ව ගත කරමින් සැමවිටම සැමටම නොයෙක් විධියෙන් උපකාර වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • කිසිදිනක කිසිවෙකුට හිරිහැරයක් නොකර සියල්ලන්ට යහපත උදා කරමින් ජීවත් වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • තම ජීවිතයම තරුණයන් වෙනුවෙන් ගත කිරීමට ඇප කැප වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • තරුණයන් වෙනුවෙන් සේවය කිරීම හේතු කොට ගෙන බොහෝ දෙනාගේ හිංසාවට සහ නින්දාවට ලක් වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • පූජකවරය ලැබූ පසු සියළු විධ තාන්න මාන්න සහ වස්තුව ප්‍රතික්‍ෂේප කර තරුණයන්ට සේවය කිරීමට ඉදිරිපත්
  • වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • නොයෙක් අතින් නොමග යන තරුණ තරුණියන් යහමග යැවීමට ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • නොමඟට යන තරුණයන් රැස්කර වෘත්තිය අධ්‍යාපනය තුළ ඔවුන් යහපත් පුරවැසියන් කිරිමට බොහෝ වෙහෙස දැරුවාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • ක්‍රිස්තියානින්ගේ පිහිටෙන් මෑණියන්ගේ භක්තිය ලොව පුරා පැතිරවීමට දිවා රෑ නොබලා වෙහෙස වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • දිව්‍ය සත්ප්‍රසාද වහන්සේටද මරිය මව්ටද ශුද්ධවූ පියතුමාටද ඉතා විශාල භක්තියකින් ජීවත් වුනාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • සැම විටම ශුද්ධ සභා මාතාවගේ ඉගැන්වීම ඉතා ඉහළින් පිළිපැද්දාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • යහපත් පොත පත පළ කිරීමෙන් තරුණ තරුණියන් අයහපත් සහ අසභ්‍යවූ පත පොතින් මුදා ගත්තාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • මුළු ලොකයටම නිවාරණයේ පිළිවෙත තුළින් අළුත් අධ්‍යාපන ක්‍රමයක් දුන්නාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • පිරිසිදුකමේ කැඩපතක් වූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • ශුද්ධවූ දොමිනික් සාවියෝ මුනිතුමා තුළ තරුණ තරුණියන්ට ආදර්ශමත් තරුණ සාන්තුවරයෙක් දානය කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • තරුණ තරුණියන් වෙනුවෙන් තමන් කළ ඒ උදාරතර සේවාව ලෝක ව්‍යාප්ත සේවාවක් කිරීමට පැවිදි පන්ති දෙකක් ආරම්භ

  • කළාවූ ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස‍
  • උත්තරය - ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ දෙව්පියාණෙනි! ඔබ වහන්සේ ශාන්ත ජෝන් බොස්කෝ මුනිතුමාට කුළුණු බර හදවතක් දානය කළ සේක ආත්මයන් ගලවා ගැනීමට එතුමන් දැරු ප්‍රයත්නයට සමාන ප්‍රයත්නයක් අප තුළද දල්වාලුව මැනව. එතුමන්ගේ පිතෘක සෙනෙහසින් අප හැමදා විශේෂ කොට අප තරුණ තරුණියන්ද ආරක්ෂා කර වදාළ මැනව. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තුස් තුමන් මගින් ලැබේවා - ආමෙන්