ශුද්ධවූ ජෙරාර්දු මයෙල්ලා මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
ශුද්ධවූ ජෙරාර්දු මයෙල්ලා මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- අති දිළිඳු, අවනත, අප්‍රසිද්ධ දෙගුරුන්ගෙන් උපන්නාවූ ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ළදරු වයසේදීම යාච්ඤා ධ්‍යානාරාධනා වල සම වැද සිටියා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඔබගේ සුකෘත ජීවිතය හේතු කොට ගෙන ඉතාලිය දේශයෙහි සුපුෂ්පිත කුසුමක් වැනි වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ජේසු බිලිදාණන් කෙරෙහි අධික භක්ති උපදවා ගෙන ඒ දිව්‍ය බිළිදාණන් වරින් වර දර්ශනය කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ජේසුු බිළිඳාණන් කෙරෙහි ප්‍රේමාධිකව ප්‍රථම වරට අග්‍ර දූත මිඛායෙල් තුමාගෙන් සත් ප්‍රසාද ලබා ගත්තාවූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියෙහි නිරන්තරයේ සිටීමට බොහෝ සේ ආශා වී එහි දීර්ඝ යාච්ඤා කිරීමට පුරුදු වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- දිව්‍ය පූජාව කෙරෙහි අත්‍යන්ත භක්තියෙන් සැරසී මහා විශ්වාසයෙන් ද, අධික ප්‍රේමයෙන්ද පූජා මෙහෙයට සම වැද සිටියා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- දේව ප්‍රේමය නිසා සියල්ලන්ට ප්‍රේම කර, අන්‍යයන්ගේ අගුණ ප්‍රකාශ නොකර, හුදකලාව ඔවුන්ට දැනමුතුකම් දුන්නාවූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- අන්‍යයන් උතුම් කොට සලකා ඔවුන්ගේ අගුණ ප්‍රකාශ නොකොට තමාම අල්පය, නීචය පහත්ය කියා බැගැපත් වුණා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ජේසු බිළිඳාණන්ට අතිශය ප්‍රේම වී සෞම්‍ය මෑණියන් කෙරෙහි අධික භක්තියෙන් සැරසුනා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඔබ අත තිබුණා වූ යතුර ළිඳට වැටුණ කල්හි ජේසු බිළිඳාණන්ගේ ප්‍රතිමාව ලිදට බස්වා එය ගෙන්වා ගත්තාවූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- අනිත් වැඩ කරන්ටත්, නිරන්තරයෙහි ම සිත දෙවියන් කෙරෙහි යොමු කර යාච්ඤාවෙන් කාලය ගත කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- බාල කාලයෙහි ස්වකීය පියා මිය ගිය හෙයින් මව් හා සහෝදරයන් රක්ෂා කරනු පිණිස අධික පීඩා සහිත වැඩ වලෙහි යෙදි සිටිටා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- කර්මාන්ත ශාලාවෙහි සිදු වූ කුරිරු පීඩා ඉවසීමෙන් විඳගත්තා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- දුක් පීඩා වින්ද ජේසුස් ස්වාමි දරුවන්ට සමාන වෙනු පිණිස රෞද ස්වාමියකු යටතේ බැල මෙහෙ කළාවූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඇතුලාන්තයෙන්ද, පිටස්තරයෙන්ද අත්‍යන්ත දුක් වේදනා, හිංසා, නිගරු නින්දා යනාදි පීඩා අවනත සිතින් වින්ද වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- සකල විධ උපද්‍රවයේදී ද ශුභ සිද්ධියේදී ද දෙවියන් වහන්සේගේම කැමැත්ත මුදුන් පත් කර ගෙන ඊට යටහත් වුණා වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- පීඩා විඳීම නමැති කුරුස මාර්ගයෙහි නිරන්තරයෙන්ම සතුටු සිතින් ද, ඉවසීමෙන්ද ගමන් කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- තමා සුරදූතයකු මෙන් පරිශුද්ධභාවයෙන් සිටිය නමුත් මහා අපවිත්‍ර නින්දා කමා කළාක් මෙන් දෝෂාරෝපණය කරනු ලැබූ සඳ ඉවසීමෙන් විඳ ගත්තා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- නිරර්ථව කාලය ගත නොකොට කඩිසර කම හා දක්ෂකමින්ද වැඩපල කර සියලු කෘත්‍යයන් දෙවියන්ට ඔප්පු කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- වැඩ පල කිරීමේදී උත්තම කෘත්‍යයන් අවශේෂ අයටද පහත් නීච පීඩා සහිත කෘත්‍යයන් තමාට ද නියම කර ගත්තා වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඉන්ද්‍රියයන් දමන කිරීම, නිරාහාර ව සිටීම, ශරීරයට පීඩා කිරීම යනාදි ධාර්මික දණ්ඩන ක්‍රියා තරයේ සිද්ධ කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- කර්මාන්ත ජීවිතයේ ද, භාවනා ජීවිතයේ ද, සකලාර්ථයන් යසරුවට එකඟ කර පැවැත්වූවා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- දෙවියන්ටද, උන්වහන්සේගේ ස්ථානයෙහි සිටින ශ්‍රේෂ්ඨයන්ටද මහත් අවනත ලීලාවෙන් කීකරුව පැවතුණා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- සත්‍ය කීකරු කමින් යුක්ත වූ අය වැරදි මග නොයන්නෝයයි කියා ඇද නැතිවම කීකරු මාර්ගයෙහි නිරතුරු ගමන් කළාවූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ධ්‍යාන ප්‍රමෝදයෙන් පරවසම් වී ඉන්ද්‍රියයන් වැසුණු කල්හි පවා ශ්‍රේෂ්ඨයන්ගේ අණට ක්ෂණයෙන් කීකරු වුනා වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- දුරස්තර ස්ථානයෙහි නිවාසික ශ්‍රේෂ්ඨ වරුන්ගේ ඇතුලාන්ත කැමැත්ත ආශ්චර්යවත් ලෙස දැන ඊට කීකරුව ක්‍රියා කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- එකී ධර්ම සංගතවී දිවස්වරයා ප්‍රාතිහාර්ය වරය යනාදි වරම් ලද්දා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ක්‍රිස්තියානි ධර්මයෙහි ගැඹුරු අර්ථයන් මනා ලෙස තේරුම් කොට පැහැදිලි වශයෙන් ලොවට පෙන්වා දුන්නාවූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- අනේක අයගේ ආත්ම තුළ සඟවා ගෙන තිබුණා වූ බරපතළ වැරදි පෙන්වා දී ඔවුන් පශ්චත්තාප කරවා පාපොච්චාරණයට පැමිණෙව්වා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- රෞද සතුරන් පුදුමාකාරයෙන් සමාදානකර සත්‍ය ධර්මයෙහි පිහිටෙව්වා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ගනුදෙනු කිරීමේදී රවටා භය ගන්වා අසරණයන්ගේ මුදල් වැඩියෙන් ගන්නා අයට දේව උදහස ප්‍රකාශ කොට දඬුවම් ගෙන දුන්නා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- අසරණයන්ගේ ගම් බිම් වතු පිටි වල ගස් කොළන් පළතුරු යනාදිය විනාශ කරන මී කෘමී යනාදි සත්වයන් කුරුසේ ලකුණින් දුර්භූත කළා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ජේසු යන ශ්‍රී නාමයේ අනුභාවයෙන් යක්ෂයන් බියපත් කර එළවා දැම්මා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- අසරණයන්ට සරණ වී ඔවුන්ට වුවමනා ආහාර පාන යනාදිය පුදුමාකාරයෙන් වැඩිකර දී අමුතුවෙන් සම්පාදනය කර දුන්නා වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- විවිධාකාර වසංගත රෝග දුරු කොට ප්‍රාතිහාර්ය කීර්තියෙන් වැජඹෙන්නා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- සකල විධ චිත්ත වේදනා, ආත්ම පැකිලීම් යන උපද්‍රවයන්හි දී පිහිට වෙන්නා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඔබගේ යහපත් ආදර්ශය හා දැනුමැතිකමින්ද බොහෝ දෙනා තාපස ජීවිතයට පැමිණෙව්වා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ගර්භනී මව්වරුන්ගේ ආශ්චර්යමත් ආරක්ෂා කාරයාණන් වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ගැලවුම් කාරයාණන්ගේ පංක්තිය ඔබ ලබන ආලෝකය වන ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඔබ තුමන්ගේ නිර්මල ජීවිතය හේතුකොට ගෙන මුලු ලෝකයෙහි ධර්ම සුගන්ධය විහිදුවා හැරියා වූ ශු. ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ඔබගේ ජීවිත කාලයේදී මෙන් මරණින් පසුවද අනේක ජනයන් සඳහා නිමක් නැති ආශ්චර්යයන් කිරීමට වරම් ලද්දා වූ ශු.ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන පිණිස
- උත් - ශුද්ධවූ ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භෙ සර්ව වල්ලභවූ අනාදි අනන්ත දෙව් පියාණන් වහන්ස අවනත දිළඳු අල්ප අය උසස් කර ඔවුන්ගේ මාර්ගයෙන් මහා ප්‍රාතිහාර්යය සිද්ධ කරන්නා වූ ඔබ වහන්සේ බැහැපත් දාසයෙකු වූ ශුද්ධවූ ජෙරාර්දු මුනිතුමන් ධර්ම ප්‍රාතිහාර්ය කීර්තියෙන් සැරසූ සේක් වේද එබැවින්, එතුමන්ගේ මධ්‍යස්ථ යාච්ඤා පිහිටෝපකාර ඉල්ලා සිටින්නා වූ අප සකල උපද්‍රවයෙන් ගළවා ආරක්ෂා කළ මැනවයි ඔබටම ආරාධනා කරමු මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්