ශුද්ධවූ ජුසේ මුනිඳුන්ට අභිනව
ශුද්ධවූ ජුසේ මුනිඳුන්ට අභිනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධවූ ජුසේ තුමෙනි
- ආදි පිතෘවරුන්ගේ මහිම ප්‍රභාවෙනි
- දාවිත් රජුහු ගේ කීර්තිමත් කුමාරයෙනි
- දේව මාතාවන්ගේ ප්‍රිය ස්වාමින්ද්‍රයෙනි
- කන්‍යාත්තමාවන්ගේ සුපරිශුද්ධ රක්ෂකයෙනි
- දේව කුමාරයාගේ සුරැකි පියාණෙනි
- ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ සැලකිලිමත් වූ ආරක්ෂකයෙනි
- ශුද්ධවූ පවුලේ ශ්‍රේෂ්ඨයෙනි
- අති ධර්මිෂ්ඨ වූ ජුසේ තුමෙනි
- අති ඥානවන්ත වූ ජුසේ තුමෙනි
- අති පිරිසිදු වූ ජුසේ තුමෙනි
- අති නිර්භීත වූ ජුසේ තුමෙනි
- අති කීකරු වූ ජුසේ තුමෙනි
- අති විශ්වාස පක්ෂ වූ ජුසේ තුමෙනි
- ඉවසීමේ දර්පනයෙනි
- දිළිඳුකම කෙරෙහි ප්‍රේම කරන්නාණෙනි
- කම්කරු සමස්තයන්ගේ ආදර්ශයෙනි
- ගෘහ ජීවිතයෙහි මහිම ප්‍රශංසාවෙනි
- කන්‍යාවන්ගේ සංරක්ෂකයෙනි
- කුටුඹයන්හි විශිෂ්ඨාධාරයෙනි
- පීඩිත වුවන්ගේ සැනසිල්ලෙනි
- රෝගීන්ගේ බලාපොරොත්තුවෙනි
- මරණාසන්නවූවන්ගේ අරක්ගත් මුනිවරයෙනි
- යක්ෂයාගේ භීතියෙනි
- ශුද්ධ වූ සභාවේ සුරක්ෂිතාධාරයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප්‍ර - උන්වහන්සේ තමන් වහන්සේගේ ගෘහයෙහි අධිපති කමට එතුමන් පත් කළ සේක
- උ - තමන් සතු සැම සම්පත් වලටද ප්‍රධානියා කළ සේක
යාච්ඤා කරම්භ අහෝ දෙවියනි, ඔබ වහන්සේගේ කියා නිම කළ නොහැකි වූ දේවාරක්ෂාවෙන් භාග්‍යවන්ත ජුසේ තුමන් ඔබගේ අති පිරිසිදු මාතාවන්ගේ ස්වාමි පුරුෂයා කොට තෝරා ගන්ට කරුණා කර වදාළාවේද? මෙලොවෙදී අප ආරක්ෂකයාණන් මෙන් අප විසින් ගෞරවාචාර කරනු ලබනා එතුමන් මෝක්ෂරාජ්‍යයෙහි දී අපේ මධ්‍යස්ථයාණන් කොට ලබා ගැනීමට අපි හේතුකාරයන් වෙන පිණිස බැගෑපත්ව ඔබට යාච්ඤා කරම්හ. සදාකල් ජීවත් වෙන්නාවූද රජකම් කරන්නාවූද ඔබ වහන්සේ අපේ ඉල්ලීම් දෙවා වදාළ මැනව - ආමෙන්