ශුද්ධවූ ජුවකීනු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ ජුවකීනු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්නියනි

  • ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දවිඳු රාජ වංශයෙන් උපන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පදර් යන නම්ලත් පියාට දාව උපන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • නාසරෙන් නුවරෙහි උදිප්තවුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • බාලකාලය පටන් සුකෘත ජිවිතය පැවැත්තුවාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දැහැන ක්‍රමයෙන් රෑදාවල් පසු කළාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • මෙසියස්යන ලෝක ගැලවුම්කාරයාගේ ඊම බොහෝ ප්‍රීතියෙන් බලා උන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • මනුෂ්‍යයින්ගේ ගැලවීම උදෙසා අති දයාදික තාපනයෙන් ඇවුළුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • සියලු ධර්ම සුකෘත පිරුණු ආදිපිතුරුවන් අතුරෙන් විශේෂවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • රාජ වංශ කුලයෙන් උපන් නමුත් ගරුමාන නොසිතා අති අවනතකම් පැවැත්තුවාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ලෝක මාන තාන්නවලට අප්‍රියව මුළු ලෝකය නිසරුකළාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • තමාගේ මව්පියන්ගෙන් ලැබුනු සියලු සම්පත්තිය දයා සිතින් දිළිඳුන්ට බෙදා දුන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දේව නියෝගයෙන් ශුද්ධවූ ආනාවහන්සේට ස්වාමිකොට තෝරනලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • එවැනිවූ නියමයට යටහත්වී අති ගැඹුරු ලෙසින් අවනත වුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ආශිර්වාදකාර බන්ධනයෙහි ඵල ලබා ධර්මශිල රක්ෂා කළාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දේවභක්තියෙනුත් පරහට දයාවෙනුත් වැඩි වර්ධනය වුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • විවාහබන්ධනකර විසි අවුරුදු දක්වා පුත්‍ර ඵල නැතුව වික්ෂෝපයෙන් උන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පුරාණ ආගමේ සිරිත් ලෙස වඳ අය ලබන සියලු නින්දා නිගරු විඳ උන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • එබැවින් ඉසක්කාර් යන රාජගුරුප්‍රසාදිගේ උදහසට පැමුණුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඔහු විසින් දේව මන්දිරයෙන් පිටත් කරන ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • මේ දුක්සෝකයෙන් දේව මන්දිරයෙන් පිටත්වී වන වාසයට ගොස් ඒකාන්ත සිතින් ජීවිතය පසු කළාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ගුරු ප්‍රසාදි කළ ආඥාවලින් උදහස්වලටත් අප්‍රසන්න නොවී සියලුදේම බොහෝ ක්ෂාන්තියෙන් ඉසුළුවාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ගාබ්‍රියෙල් කියන අග්‍ර දූතයාගෙන් සැනසිලි ලබන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දේව දූතයා කී වාක්‍යයෙන් සිත ප්‍රීතිවුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • මෙවැනි සම්පූර්ණයෙහි එකඟකමින් අති ගැඹුරු ලෙස ගිලී උන්නාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දේව දූතයා කීවාක් පරිද්දෙන් ජෙරුසලෙම් නුවර දොරටුව ලඟදී තමාගේ ප්‍රිය කාන්තාව දැක සිත් සම්පූර්ණ වුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දේව දූතයා කී අග්‍ර අභිරහස් දැන සතුටු වුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • සුරතාවයින්ගේ හාමිදු තමාගේ දෝනියන් කොට ලබාගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • මෝක්ෂ රාජේශ්වරිව තමාගේ දෝනියන් කොට ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ලෝක රක්ෂාධිකාරයාගේ මෑණියන්ව තමාට දෝනියන් කොට ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඉවසූ දුක්සෝකයට වඩා ආනන්ද සම්පුර්ණ අනුභව කළාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • තමාගේ දුවණියන්ට මරිය යන ශ්‍රී නාමය දරන්ට වෙයි කියා ප්‍රථමයෙන් දේව දූතයාගෙන් අසන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ත්‍රිලෝක රාජේශ්වරී වන මරිය වහන්සේගේ පියාණෝයයි අති ගෞරව නාමය ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පාප මූලික වන ඈව අම්මාට සමානනොවූ සුකෘත මූලික වන මරිය වහන්සේගේ පියාවෙන්ට වාසනාලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ජම්ම දෝෂයෙන් නිදහස්වූ නිර්මල මරිය බිලිඳිව ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • මෝක්ෂ රාජේශ්වරී වන මරිය වහන්සේට සුකෘත චාරිත්‍ර උගන්වන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • තමාගේ ශ්‍රී කුමාරිට තුන් අවුරුද්ද පිරුණුකල්හි උන්වහන්සේව දේව මන්දිරයට බාර කළාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • තමාගේ දුවණියන් එම මන්දිරයෙහි අති උසස්වූ පසලොස් පඩි නැගීගිය ඉක්මන්කම දැක සිත් ප්‍රීතිවුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ගුරු ප්‍රසාදිවරු තමාගේ දුවනියන් ලැබූ මෙවැනිවු ප්‍රසාදවල් දැක විෂ්ම පත්වුනායින් ආනන්ද භරිතවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • දිවස් ප්‍රසාදි වන සිමියොන් දේව කුමාරයාව දර්ශනය කළ ඉක්බිති ඉතින් මම සැනසිලි ලබන්ට යන්නෙමියි කී ලෙස මරිය වහන්සේව දේව මන්දිරයට බාර කළායින් පසු නිත්‍ය සැනසීමට යන්ට ප්‍රීතිවුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • හාරදහස් අවුරුදු කාලයක් සියලු ජනයින් විසින් බලා සිටිය මෙසියස් යන ලෝක ගැලවුම්කාරයාගේ ඊමට මූලිකයාවෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පුරාණ කාලේහි ආදිපිතුරුවන්ට දෙවා වදාළ සියලු වාක්දාතවල් ඔබගෙන් ඉෂ්ටවෙන්ට වාසනාලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඔවුන්ගේ සුකෘත ක්‍රියා සියල්ලටම හේතුකාරයෙක්ව පෙනුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඔවුන්ගේ සියලු කල්පනාවල තීන්දුව වූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඔවුන්ගේ සියලු පින්හේතු වලෙහි අන්තිම ඵලයවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඔවුන්ගේ සියලු ගෞරවයට කාරණවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඔවුන්ගේ සියලු පරම්පරාවේ මුදුන්පත්වූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ආශිර්වාදලත් කුටුඹයෙහි වෘෂය යන නාමය ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ඵලවලින් වෘක්ෂය අඳුනන්ට පුළුවන කියා ඔබව සඳහන්කර සුවිශේෂයෙහි ලියවෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • නිත්‍යකාල පරියන්තය තාගේ වංශය වර්ධනයවෙයි කියා දෙවා වදාළ වාක්‍ය ඔබගෙන් ඉෂ්ඨ වෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පොරණ සර්පයාගේ ඉස තගේ වංශය විසින් පොඩිකරනු ලබනවා ඇත කියා ඔබගේ දුවනියන්ව සඳහන්කර ශුද්ධ වූ ලියවිල්ලෙහි ප්‍රශංසාකරනු ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • සියලු ආදිපිතුරුවරුන් අතුරෙන් අති උත්තම ආශිර්වාද ඵල ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පාපදෝෂයෙන් පිරුණු මේ ලෝක පීඩිත අත්හැර තමාගේ හාමිදරුවන්ගේ පරිපූර්ණ සන්තෝෂයට ඇතුල්වෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • පරලෝකයෙහි අති උත්කෘෂ්ට ආසන්නයකට ප්‍රවිෂ්ට වුනාවූ ශුද්ධවූ ජුවකීනු මුනින්ද්‍රයනි

  • ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන ලෙස

  • භාග්‍යවන්ත ජුවකීනු මුනින්ද්‍රයනි අප නිසා යාච්ඤා කළ මැනව

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

 

යාච්ඤා කරම්භ අනන්ත දයාබර සර්වේශ්වරවූ දෙවියනි ඔබවහන්සේ ලෝක ගැලවීම පිණිස ඔබගේ ශ්‍රී කුමාරයා වන ක්‍රිස්තු ස්වාමිදරුවන් කන්‍යමරිය වහන්සේගේ ශ්‍රී කුසෙහි මනුෂ්‍යකය දරා මේ ලොවෙහි ඉපදීමට කරුණා අභිප්‍රාවුන බැවින් උන්වහන්සේගේ ශුද්ධවූ මෑණියන්ගේ පියාණන් වන අති භාග්‍යවන්ත ජුවකිනු මුනිඳුන් සකල ශුද්ධවන්තයන් කෙරෙන් තෝරාගෙන අපගේ පිහිටාධාර පියාණන් කොට දෙවාවදාරන්ට කරුණා අභිප්‍රාවුනාවේද මේ තුන් දෙනාවහන්සේලාගේ පිහිට ප්‍රසාද විශ්වාසකරන්ට ඔබගේ දයාබරකම් ඉල්ලා සිටින අප වෙතෙහි කරුණා දිවස්ලා ඔබගේ මෝක්ෂ පින් හේතුවට අප හේතුයුක්ත කරන සැටියට ඔබටම ප්‍රාර්ථනා කරන්නෙමු. මේකීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා ආමෙන්