ශුද්ධවූ කුඩා තෙරේසා කන්‍යාවගේ ප්‍රාර්ථනාව

ශුද්ධවූ කුඩා තෙරේසා කන්‍යාවගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ ජයලත් ස්වාමි දුවෙනි

  • දෙවියන් වහන්සේගේ දාසිය වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • දේව දයාවේ බිළි පඬුරක් වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ස්වර්ගයෙන් පහළ වූ උතුම් ත්‍යාගයක් වන ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ළාබාල වයසෙහිදී සියල්ලන්ගේ පුදුමයට කාරණාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • කීකරු කමේ ආදර්ශයක් වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • දේව කැමැත්තට සම්පූර්ණයෙන් යටත් වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • සමාදානයට ප්‍රේම කළාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ඉතා ඉවසිලිමත් ලෙස සියලු උපද්‍රවයන් දරා ගත්තාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • මෘදු ගුණයෙන් පූර්ණ ව සිටියාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ඉතා වික්‍රමවන්ත ලෙස සිය කැමැත්ත පූජා කළාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • තමන්ට වැරදි කළවුන් හට ඉතා ගුණවන්ත ලෙස ක්ෂමා කළාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • අසරණයින්ට යහපත සිදු කිරීමට ප්‍රිය වැඩුවාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ජේසු තුමන්ට මධුර ප්‍රේමයකින් ප්‍රේම කළා වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ජේසු තුමන්ගේ සිරිවත මණ්ඩලය කෙරෙහි විශේෂ භක්තියක් ඇතිව සිටියාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • දේව ප්‍රේමය නමැති ගින්නෙන් දල්වන ලද ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • අන්තිම අමාරුවට පත්වූවන්ගේ මැදහත් කාරිවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • යාච්ඤා ධ්‍යානයන්හි නොකඩවා යෙදී සිටියා වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • දෙවියන් වහන්සේ ඉදිරියෙහි බලවත් මැදහත් කාරියක් වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ස්වර්ගිය අනුග්‍රහයන් නමැති සෙව්වන්දි පුෂ්පයන් ලොව පිට වර්ෂාවක් මෙන් වැටෙන්ට සලස්වන්නාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ස්වර්ගයෙහි වැඩ සිට මෙලොවෙහි යහපත සිදු කරන්නා වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • සියලු යාච්ඤා අසන්නා වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • වෘත ශුද්ධිය නමැති දේව දුතික ධර්ම ගුණයට ප්‍රේම කළා වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • සිය කැමැත්තෙන්ම දිළිඳු කම වැළඳ ගත්තාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • සියල්ලෙහිදී සම්පූර්ණ කීකරු කමින් ක්‍රියා කළාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • දේව මහිමය සඳහා ජවලිත කමින් දැල් වුනාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ප්‍රේමය නමැති මධුර රසයෙන් සියලු ක්‍රියාවන් දෙවියන් වහන්සේට ප්‍රසන්න කළා වූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ස්වර්ගික ආශිර්වාදයන් සාගරයක් සේ ලැබූ දරුවා වන ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • අවංක භාවය නමැති සුගුණයෙන් පිරි සිටියාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • අසමාන තීක්ෂණ ඥානයෙන් හෙබියාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ඔබට අඬගසන සියල්ලන්ට නිතර පිහිට වෙන්නාවූ ශුද්ධවූ තෙරේසා කන්‍යාවෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

 

යාච්ඤා කරම්භ ඔබගේ දාසිය වූ ශුද්ධවූ කුඩා තෙරේසා කන්‍යාවගේ හෘදය දේව ප්‍රේමය නමැති ගින්නෙන් දැල්වූවා වූ දෙවියනි, අපත් අපගේ මුලු හෘදයෙන් ඔබට ප්‍රේම කිරීමට සැලැස්සුව මැනව. තවද අනුන් ලවා ඔබට ප්‍රේම කරවිමට අපට සහය වුව මැනව. මේ කීදේ අපේ ස්වාමින් වූ ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා - ආමෙන්